Influencer (2023) Sinhala Subtitle
Cassandra Naud, Emily Tennant, Rory J. Saper, Sara Canning, Paul Spurrier, Justin Sams
පසුපස එන්නන්ගෙන් ප්රවේසම්වන්න
The Influencer කියන්නෙ 2022 වසරේ නිකුත්වුනු ඇමරිකන් Thriller / Mystery / Horror ෆිල්ම් එකක්. විනාඩි 92 ක ධාවන කාලයකින් යුත් මෙය මුලින්ම 2022 October 16 දින Brooklyn Horror Film Festival හී තිරගත වූ අතර 2023 මැයි 26 දින එක්සත් ජනපදයේදී ඩිජිටල් අවකාශයට මුදාහැරුනා. Cassandra Naud (CW), Emily Tennant (මැඩිසන්), Rory J. Saper (රයන්) සහ Sara Canning (ජෙසිකා) රංගනයෙන් දායක වෙනවා.
ජනප්රිය සමාජ මාධ්ය ක්රියාකාරිනියක් මැඩිසන් තායිලන්තයේ හුදකලා සංචාරයක යෙදෙනවා. ඇගේ පෙම්වතා අවසන් මොහොතේදී සංචාරයට එක් නොවන පසුබිමක ඇයට එහිදී CW නම් නිර්භීත, අද්භූතජනක ගතියක් සහිත තවත් සංචාර කරන්නියක් මුණගැහෙනවා. ඉතා ලස්සන, බලන්න වටිනා ස්ථාන කිහිපයකට මැඩිසන්ව එක්ක යන්න ඇය ඉදිරිපත් වෙනවා. මේ CW නිතරම කැමරාවට මුහුණ දීම මගහරින අතර ඇය සමාජ මාධ්ය වල නොසිටීමත් මැඩිසන්ට පුදුමයට කරුණක් වෙනවා. මැඩිසන්ට සියලු පුදුමාකාර ස්ථාන පෙන්වීමෙන් පසු, CW මැඩිසන්ට තවත් සර්ප්රයිස් එකක් ලෑස්ති කරනවා. ඇය මැඩිසන්ව බෝට්ටුවකින් එක්ක යනවා, මොබයිල් සිග්නල් පවා නොමැති, ගොඩබිමට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි, සම්පූර්ණයෙන්ම මිනිස් වාසයෙන් ඈත්වූ මුහුද මැද හුදෙකලා දූපතකට. එහිදී තමයි මැඩිසන්ගෙ ජීවිතේ උඩු යටිකුරු වෙන්නෙ. මොකද වෙන්නෙ බලන්න The Influencer බලමු නේද?
මේකෙ ලිංගික දර්ශන නම් නෑ. අඩ නිරුවත් දර්ශන තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් සිපගැනීමේ දර්ශනයක්වත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 849mb // 1080p – 1.7gb