Spider-Man: Brand New Day (2026) Sinhala Subtitle
IMDB RATING
8.47
CAST
Tom Holland, Sadie Sink, Tramell Tillman, Zendaya, Jacob Batalon, Jon Bernthal, Mark Ruffalo, Florence Pugh, Liza Colón-Zayas, Marisa Tomei
පීටර් පාකර් තමන්ගේ අතීතය සඟවාගෙන නිව් යෝර්ක් නගරයේ තනිකඩව සාමාන්ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. එයා තමන්ගේ ඇඟ ඇතුළේ ඉන්න මකුළු හෝමෝන සහ වෙනස්වීම් පාලනය කරගන්න අලුත් ඉන්හිබිටර් තාක්ෂණයක් හදන්න පරීක්ෂණ කරනවා. ඒ අතරතුර නෙඩ් ලීඩ්ස් හල්ක්ගේ ඩී.එන්.ඒ. වෙනස්වීම් පාලනය කරන හැටි ගැන ඩොක්ටර් බැනර් එක්ක විශ්වවිද්යාලයේදී කතා කරනවා. නෙඩ් උත්සාහ කරන්නේ පීටර්ගේ ඇඟේ තියෙන බලයන් පාලනය කරන්න පුළුවන් ක්රමයක් හොයාගන්න.
පීටර් එයාගේ අලුත් තාක්ෂණය පරීක්ෂා කරද්දී ඒක රත් වෙලා සෙන්සර්ස් අවුල් ගිහින් අසාර්ථක වෙනවා. ඒ වෙලාවේ එතැනට එනවා ජීන් ග්රේ කියන ටෙලිපති බලයන් තියෙන යුවතිය. ජීන් කියන්නේ අනිත් අයගේ ඇඟ ඇතුළට පැනලා එයාලව පාලනය කරන්න පුළුවන් කෙනෙක්. එයා කියනවා ඩැමේජ් කන්ට්රෝල් එකෙන් එයාගේ නංගි සාරාව පැහැරගෙන ගිහින් අත්හදා බැලීම් කරන නිසා එයාව බේරගන්න ආවා කියලා. ඒත් පීටර් හිතන්නේ ජීන් කියන්නේ සමාජයට අනතුරක් කරන රාක්ෂයෙක් කියලා.
පීටර් ඩැමේජ් කන්ට්රෝල් එකට උදව් කරලා ජීන්ව අල්ලලා දෙනවා. ඒත් පස්සේ නෙඩ් සහ කළු වැන්දඹුවගේ උදව්වෙන් පීටර් දැනගන්නවා ඩැමේජ් කන්ට්රෝල් එකෙන් සාරාව අත්අඩංගුවට අරන් මානව හිමිකම් උල්ලංඝනය කරමින් පරීක්ෂණ කරන බව. පීටර්ට තේරෙනවා එයා කළේ ලොකු වැරද්දක් කියලා. ජීන් කළේ නංගිව බේරගන්න හදපු එක විතරයි කියලා එයාට තේරෙනවා.
ඩැමේජ් කන්ට්රෝල් එකෙන් ජීන්ගේ බලයන් පාලනය කරලා එයාලගේම වාසියට පාවිච්චි කරන්න හදනවා. ඒ වෙලාවේ ෆ්රෑන්ක් කැස්ල් නොහොත් පනිෂර්ත් මේ සීන් එකට මැදිහත් වෙනවා. ෆ්රෑන්ක් කියන්නේ ජීන්ව නිදහස් කළොත් එයා තමන්ගේම විදිහට ඒක විසඳගන්නවා කියලා. ඒත් පීටර් ෆ්රෑන්ක්ව නවත්තලා ඩැමේජ් කන්ට්රෝල් එකෙන් ජීන්වත් එයාගේ නංගි සාරාවත් බේරගන්න සටන් කරනවා.
අන්තිමේදී පීටර්, ජීන් සහ සාරා එකතු වෙලා ඩැමේජ් කන්ට්රෝල් එකේ බලපෑමෙන් බේරෙනවා. ජීන් තමන්ගේ නංගිත් එක්ක ආපහු එකතු වෙලා ආරක්ෂිත තැනකට යනවා. පීටර් තමන්ගේ ස්පයිඩර්-මෑන් වගකීම තේරුම් අරන් අලුත් දවසක නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ආයෙත් කැපවෙනවා.