Influencer 2 – CW ආපසු එයි
ඉතින් ඔන්න අරගෙන ආවා මම කලින් ගෙනාපු Influencer [2022] චිත්රපටයේ දෙවෙනි කොටස ලෙස පැමිණි The Influencers. විනාඩි 110 ක ධාවන කාලයක් සහිතයි. Horror / Thriller වර්ගයේ චිත්රපටයක් වන මෙය 2025 ජුලි 25 දින මුලින්ම තිරගත වුනා 29 වෙනි ෆැන්ටේසියා අන්තර්ජාතික සිනමා උලෙලේදි. ඉන්පසු 2025 දෙසැම්බර් 12 දින ඩිජිටල් අවකාශයට නිකුත්වුනා. මුල් චිත්රපටයේ රඟපෑ Cassandra Naud (CW / කැතරින් වීවර්) සහ Emily Tennant (මැඩිසන්) මේ දෙවෙනි කොටසටත් එකතුවෙලා ඉන්නවා. ඊට අමතරව Georgina Campbell (චාලට්) Lisa Delamar (ඩයන්), Veronica Long (අරියානා) සහ Jonathan Whitesell (ජේකබ්) රංගනයෙන් එකතුවෙලා ඉන්නවා.
පළවෙනි චිත්රපටය අවසන් වෙන්නෙ මැඩිසන්, CW ව දූපතේ දාලා එන තැනින්නෙ. එයාගෙ බෝට්ටුවේ රයන් සහ ජෙසිකාගෙ මළසිරුරු දෙකත් තියෙනවා. ඉතින් මළසිරුරු දෙකකුත් අරගෙන ගොඩබිමට එන මැඩිසන්ව පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඇගේ කට උත්තරය අනුව බලධාරින් දූපතට යනවා. දූපත හිස්. කවුරුවත් නෑ. ඒ මදිවට තව කාන්තාවන් දෙදෙනෙකුගෙ සිරුරු කොටසුත් හමුවෙනවා. මැඩිසන්ට විරුද්ධව මිනීමැරුම් චෝදනා එල්ල වෙනවා. දීර්ඝ නඩු විභාගයකට පසු මැඩිසන්ව නිදොස් කොට නිදහස් කරනවා. නමුත් ඇය කියන ඇත්ත කවුරුවත් පිළිගන්නෙ නෑ. සමාජයෙන් ඇයට ගොඩක් අවලාද අපවාද එල්ල වෙනවා. ඇයට ගෙවල් පවා මාරුකරන්න වෙනවා. අවසානයේ මැඩිසන් තීරණය කරනවා කොයි ලෝකෙන් හෝ CWව හොයාගෙන තමන්ගේ නිර්දෝෂීභාවය ලෝකෙට ඔප්පු කරන්න. ඇත්තටම කවුද මේ CW? ඇය දූපතෙන් පැනගත්තේ කොහොමද?
මේක නම් වැඩිහිටියන්ට පමණයි කියල විශේෂයෙන් මතක් කරනවා. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 1GB