• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Bohemian Rhapsody (2018) Sinhala Subtitle

Bohemian Rhapsody (2018) Sinhala Subtitle

2019/03/10 at 9:45 pm
Hasitha Prasad
 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මෙවරත් අරගෙන එන්නෙ රසික ඉල්ලිමක්. චරිත් සහෝදරයා තමයි මේ චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්නයි කියල ඉල්ලීමක් කලේ. මේ තමයි මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම ප්‍රධාන චරිත නළු සම්මානය (රමී මලෙක්) ඇතුළුව තවත් ඔස්කා සම්මාන ත්‍රිත්වයක් දිනාගත් Bohemian Rhapsody (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම චරිත් සහෝදරයටත් ස්තූති කරගෙනම අපි යමු චිත්‍රපටය පැත්තට...


" ක්වීන් " මේ නම කිව්වම අපිට රැජිණනෙ මතකයට එන්නෙ, හැබැයි රොක්&රෝල් සංගීත රසිකයෙක්ට මේ නම ඇහුණ සැනින් මතක්වෙන්නෙ 70 දශකයේ සිට ගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කල සිව් සාමාජික බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක්. ඉතාම කුඩා තැන සිටි ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නට සමත්වූ මේ සංගීත කණ්ඩායම 1970 දශකයේ මුල් කාලයවන විටත් ඉතාම කුඩා ප්‍රසංග ආදිය පවත්වන කණ්ඩායමක්, එවකට ඔවුන්ගේ නාමය "SMILE" . නමුත් මේ කණ්ඩායමේ දෛවය කණපිට හැරෙන්නෙ අපූරු තරුණයෙක්ගේ ආගමනයත් එක්කයි.

ෆ්‍රෙඩී මර්කරි 1977 වසරේදී

ඒ තමයි ෆ්‍රෙඩී මර්කරි නමින් ලොවක් හඳුනාගෙන සිටි, ෆරූක් බල්සාරා. ඔහුට ඒ අවස්ථාව ලැබෙන්නේ "SMILE" සංගීත කණ්ඩායමේ එවක ප්‍රධාන ගායකයාව සිටි ටිම් ස්ටැෆල් කණ්ඩායමේ සිටීමෙන් අනාගතයක් නැති බව පවසා ඉවත්ව යාමෙන්. ක්වීන් නොහොත් සංගීත ලෝකයේ සිව්-පුද්ගල රැජිණ උපදින්නෙ මෙතනින්.

ක්වීන් සංගීත කණ්ඩායම වමේ සිට රොජර් ටේලර්, ෆ්‍රෙඩී මර්කරි,

බ්‍රයන් මේ සහ ජෝන් ඩීකන්

ෆ්‍රෙඩී මර්කරිගේ ආගමනයත් සමගම කෙමෙන් සංගීත ලොව පුරා තම අණසක පැතිරූ මේ අපූරු සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වගේම වැඩි බරක් දැරූ තැනැත්තාත් ෆ්‍රෙඩී මර්කරිම තමයි. මේ වගේ ගී තරු බොහොමයක් තමන්ගේ විෂම ජීවන පුරුදු නිසාම අකාලයේ ජීවිතයෙන් සමුගත් අය, අවාසනාවට, ෆ්‍රෙඩී මර්කරි ගායන ශිල්පියාත් වැටෙන්නේ ඒ ගොඩටමයි. ඔවුන්ගෙන් ගායනයන්ගෙන් රංගනයන්ගෙන් සතුටුවන ප්‍රේක්ෂක අපට ඔවුන්ගේ පුද්ගලික ජීවිත කිසිදු අදාලත්වයක් නැතිවුණත්, ඒවායින් අපට ගත හැකි ආදර්ශද, පාඩම්ද තිබෙනවා. කෙසේ නමුත් සැබෑ ෆ්‍රෙඩී මර්කරි ගැන ලිපියේ කියන්නට යාම රසවින්දනයට බාධාවක් වන නිසා චිත්‍රපටය තුලදී වෙනස් කර ඇති දේවල් කීපයක් සඳහන් කරන්නම්.

"SMILE" සංගීත කණ්ඩායමට එක්වීම

චිත්‍රපටයේ එන ලෙස ඔහු හීත්‍රෝ ගුවන්තොටුපොලේ සුළු සේවකයෙකුව සිට පසුවයි SMILE සංගීත කණ්ඩායමට බැඳෙන්නෙ (මෙය සත්‍යයක්), එය ඔහු එක්වෙන පලමු සංගීත කණ්ඩායම සහ ඔහු ඔවුන්ගේ ගීත අසන මුල්ම අවස්ථාව එය බවට චිත්‍රපටය තුල ඇඟවුනත්, ඔහු ඉන් පෙර Ibex නම් සංගීත කණ්ඩායමක සිට තිබෙනවා. එසේම ඔහු වසර ගණනාවක් තිස්සෙ SMILE සංගීත කණ්ඩායමේ රසිකයකු ලෙස සිට ඇති අතරම ඔහු එක්වන්නට පෙර එහි ප්‍රධාන ගායන ශිල්පියාව සිටි ටිම් ස්ටෙෆල්ගේ, ගිටාර වාදන ශිල්පී බ්‍රයන් මේගේ සහ ඩ්‍රම්ස් ශිල්පී රිජර් ටේලරුත් සමග එකම මහල් නිවසේ සිටි සමීප මිතුරෙක් බවයි කියවෙන්නේ. ඔහු තමන්ව SMILE සංගීත කණ්ඩායමට සම්බන්ධ කරගන්නා ලෙස කාලයක් තම මිතුරන්ට ඇවිටිලි කර ඇතත් ඔහුට අවස්ථාව හිමිවී තිබෙන්නේ ටිම් ස්ටැෆල්ගේ ඉවත්වීමෙන් පසුවයි.

මේරි ඔස්ටින් චිත්‍රපටයේ සඳහන් නොවුණත්, බ්‍රයන් මේ පවසා ඇති ආකාරයට ෆ්‍රෙඩීගේ ආගමනයට පෙර ඇය තමන්ගේ පෙම්වතියව සිට තිබෙනවා. ඇය කලක් ෆ්‍රෙඩීගේ පුද්ගලික සහායිකාව ලෙසද සේවය කර තිබෙනවා.

ෆ්‍රෙඩී සහ මේරි ඔස්ටින්

ෆ්‍රෙඩී සහ මේරි ඔස්ටින් පසු කාලයක

ක්වීන් කැඩිබිඳීයාම මෙයත් චිත්‍රපටය සඳහා නිර්මාණය කල කතාවක් පමණයි. ඔවුන් යම් කාලයක් සංගීත ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටි බව සත්‍යයක් වුවද එය ඒකාකාරී වෘතීය ජීවිතයෙන් හෙම්බත්ව සිටි සංගීත කණ්ඩායමේ සියලු දෙනාගේ ඒකමතික තීරණයක් මිස මතභේදයකින් වෙන්වයාමක් නොවූ බවයි ඔවුන් පවසන්නේ.

ජෝන් රීඩ් හා මත ගැටුම ක්වීන් සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගෙනයන්නට දායක වූ තවත් චරිතයක් වන ජෝන් රීඩ් කණ්ඩායමෙන් ඉවත්ව යාමේ සිදුවීමත් සත්‍ය නොවන බවයි කියවෙන්නේ. අන්තර්ජාලයේ ඇති තොරතුරුවලට අනුව ඔහු ක්වීන් හැරයන්නේ 1977 වසරේදී. කණ්ඩායමේ නීතීඥ ජිම් "මයාමි" බීච් පවසන ආකාරයට ඔහු හා කණ්ඩායම අතර කිසිදු ගැටලුවක් තිබී නැති අතර ඔහු ඉතාම සුහද පුද්ගලයෙක් සේම ඔහු ඉවත්වූයේය ගැටුමක් ඇතිකරගෙන නොවන බවයි ඔහු පවසන්නේ.

රේ ෆොස්ටර් චරිතය මේ නමින් යුත් චරිතයක් සැබෑ ජීවිතයේදී ක්වීන් සංගීත කණ්ඩායම හා ගනුදෙනු කර නැතැයි පැවසේ.

ෆ්‍රෙඩීගේ ලිංගිකත්වය චිත්‍රපටයේදී ඔහු සමලිංගික රුචි අයෙක් ලෙස පෙන්වූවත්, සැබැවින්ම ද්වි ලිංගික රුචි අයෙක් බවයි අන්තර්ජාලයේ සටහන් වෙන්නෙ ,හේතුව ඔහු ඔස්ට්‍රියානු නිළියක වන බාබරා වැලෙන්ටින් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබීමයි.

බාබරා සහ ෆ්‍රෙඩී

ෆ්‍රෙඩීගේ රෝගී තත්වය චිත්‍රපටයට අනුව ඔහු තමන්ට වැලඳී ඇති දරුණු රෝගය ගැන දැනගන්නේ ලයිව් ඒඩ් ප්‍රසංගයට (1985) පෙර වුවත්, සැබෑ ජීවිතයේදී ඔහු එය දැනගෙන ඇත්තේ 1987 වසරේදී බවයි යම් මූලාශ්‍රවල කියවෙන්නේ. එහෙත් ඔහු එය ඊට වසර ගණනාවකට පෙර දැන සිටි බව තවත් යම් මූලාශ්‍රවල සඳහන්. එසේම ඔහු එය මුල්වරට ලෝකයට හෙලි කරන්නේ 1991 වසරේදී, ඒ ඔහු මියයාමට සුළු කාලයකට පෙර. ඔහු “Who Wants To Live Forever” ගීතය රචනා කරන්නෙත් මෙය ව්‍යංගයෙන් හැඟවීමට බවයි ක්වීන් රසිකයන්ගේ අදහස. මෙය 1986 වසරේ Highlander චිත්‍රපටයටද එක්වුණා. මේ එය.

ලයිව් ඒඩ් ප්‍රසංගය (1985) චිත්‍රපටයට අනුව මෙය සාර්ථකවන්නේ හුදෙක් ක්වීන් සංගීත කණ්ඩායම මත වුණත්, පැහැදිලිවම එය එසේ වන්නට ඇතැයි සිතන්න බෑ එයට පැමිණ ඇති අනෙකුත් තරු දෙස බලනවිට.

මේ වගේ තව කරුණු රැසක් තිබෙනවා අන්තර්ජාලයේ. සියල්ලම සඳහන් කරන්න අපහසු නිසා කිහිපයක් පමණයි ඉහතින් සඳහන් කලේ.

එසේනම් රමී මලෙක් (ෆ්‍රෙඩී මර්කරි), ලූසි බොයින්ටන් (මේරි ඔස්ටින්), ග්විලිම් ලී (බ්‍රයන් මේ), බෙන් හාඩි (රොජර් ටේලර්) ජෝෂප් මාසෙලෝ ( ජෝන් 'ඩීකි' ඩීකන්) ,ඒඩන් ගිලන් (ජෝන් රීඩ්),ඇලන් ලීච් (පෝල් ප්‍රෙන්ටර්), ටොම් හොලන්ඩර් (ජිම් 'මයාමි' බීච්), මයික් මයර්ස් (රේ ෆොස්ටර්), ඒරොන් මැක්‍යුසර් ( ජිම් හටන්), මේනකා දාස් ( ජර් බල්සාරා),ඒස් භාති (බොමි බල්සාරා),ප්‍රියා බ්ලැක්බන් (කෂ්මිරා බල්සාරා) වගේ පිරිසකගේ අති දක්ෂ රංගනයෙන්ද, බ්‍රයන් සිංගර් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවන, ඔස්කා සම්මාන 4කටද තවත් සම්මාන 27කටද හිමිකම් කියූ, Imdb අඩවියේ 8.1ක අගයක් ලබා rotten tomatoes වෙතින් 61%ක අගයක්ද ලබා ඇති මේ විටෙක සතුටද, විටෙක ශෝකයකින්ද අපව පුරවන මේ අපූරු සංගීතමය අත්දැකීම නොවැරදීම විඳගන්නා ලෙස ඔබට ආරාධනා කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම. හොඳ ශබ්ද පද්ධතියක් සහිතව 1080 P පිටපත නරඹන්න පුළුවන්නම් මෙහි උපරිම වින්දනය ලබාගන්න පුළුවන්. මෙහි එක්ස්ට්‍රා දර්ශන සහ ලයිව් ඒඩ් ප්‍රසංගය අවශ්‍ය අයට ඒවායේ ඩවුන්ලෝඩ් ලින්ක් උපසිරැසි ගොණුව තුල තිබෙන Notepad ෆයිලයට ඇතුලත් කර තිබෙනවා.

Fearless Lives Forever

විශේෂ :- • මෙහි එන ලව් ඔෆ් මයි ලයිෆ් ගීතය මේරි ඔස්ටින් වෙනුවෙන් ගැයුනක් යැයි බොහෝදෙනා විශ්වාස කලද එය ෆ්‍රෙඩීගේ පෙම්වතාව සිටි ඩේවිඩ් මිනස් වෙනුවෙන් ගැයුනක් බවයි සමහරකුගේ අදහස.

ඩේවිඩ් මිනස් (වමේ) සහ ෆ්‍රෙඩී (දකුණේ)

• ලයිව් ඒඩ් ප්‍රසංගය සඳහා වෙම්බ්ලි පිටියේ සැබෑ පරිමාණයේ අනුරුවක් සකසන්නට නිර්මාණකරුවන්ට සිදුවී තිබෙනවා. ඊට හේතුව සැබෑ වෙම්බ්ල් පිටිය මේ වනවිට කිහිපවතාවක් නවීකරණයට ලක්වී තිබීමයි. ඊටත් වඩා ගැටලුව වී ඇත්තේ එහි 1985 වසරේ සැලසුම් කිසිවක් සොයාගන්නට හැකිවී නැතිවීමයි. ඒ නිසාම ඔවුන් වෙම්බ්ලි පිටිය නිර්මාණය කර ඇත්තේ තිබූ තොරතුරු සහ සැබෑ ලයිව් ඒඩ් ප්‍රසංගයේ වීඩියෝ දර්ශන ඇසුරින්. අවශ්‍ය අයට මෙන්න ක්වීන් සංගීත කණ්ඩායමේ සැබෑ ලයිව් ඒඩ් ප්‍රසංග ඉදිරිපත් කිරීම .

• ෆ්‍රෙඩී මර්කරිට පණ පොවන රමී මලෙක් තමයි ඇකඩමි සම්මාන උලෙලේ නිර්දේශිත නාම අතරට එක්වූ වගේම ඔස්කා සම්මානයකට හිමිකම් කී පලමු අරාබි- ඊජිප්තු ජාතිකයා.

• ඩීකි ඈම්ප් (වීඩියෝ) මෙය වෘතියෙන් විදුලි ඉංජිනේරුවෙක් වූ ක්වීන්හි බේස් ගිටාර වාදක ජෝන් ඩීකන් විසින්ම සාදාගත් එකක් 1972 වසරේදී . ඔහු එය සකසා තිබෙන්නේ Supersonic PR80  ගුවන්විදුලියන්ත්‍රයක ඇම්ප්ලිෆයර් කොටස වෙන්කර එය ඉවතදැමූ ගුවන්විදුලි කැබිනට්ටුවක සවි කිරීමෙන්. බලය සපයා තිබෙන්නේ 9V බැටරියකින්. වැඩිවිස්තර සඳහා මේ වීඩියෝව බලන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 4091
Bohemian Rhapsody
  • 720p (bluray)
    1.12 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.15 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.46 GB
    Download Torrent
  • 720p (web)
    1.12 GB
    Download Torrent
  • 1080p (web)
    2.16 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-03-11 at 6:43 am
    Reply
    • Kantha_DLA Unregistered User
      Windows 7Chrome 71

      Request :

      Kursk (2018)

      2019-03-11 at 9:25 am
    • Kantha_DLA Unregistered User
      Windows 10Chrome 73

      Paskal (2018) 720p NF WEB-DL 950MB

      2019-03-19 at 10:38 am
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.3

      Kursk එක ඩවුන්ලෝඩ් කරල දැන් සතියක්විතර වෙනව, Kantha , තාම බැරිවුණා බලන්න. Paskal කියන එක මැලේසියන් ෆිල්ම් එකක් නේද? ඒක ඩවුන්ලෝඩ් කරල බලන්න ඕනෙ අද රෑ වෙලා. මම දෙකටම සබ් දෙන්නම් Kanta .

      2019-03-19 at 1:46 pm
  • Krishan NiShalya User
    Android 6Samsung Browser 8.2

    බොහොම ස්තුති ..
    සබ් එනකන් බලන් හිටපු ෆිල්ම් එකක් බැරිම තැන බැලුව , අයෙම බලන්න ඕනේ..

    Good Luck 😍👍😊

    2019-03-11 at 7:16 am
    Reply
  • Hashan Priyadarshana User
    unknownOpera Mini 4.4

    Thank you sub eka dunnata

    2019-03-11 at 2:24 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 72

    උපසිරැසියට ස්තුතියි සහෝ… මුවි එක ඩව්න්ලොර්ඩ් කරල තියෙන්නෙ..

    2019-03-11 at 6:34 pm
    Reply
  • නිරෝෂ් Unregistered User
    Windows 7Chrome 72

    ස්තුතියි හසිත සහෝ…ජයවේවා!

    2019-03-11 at 7:48 pm
    Reply
  • පත්මිල Unregistered User
    Android 7Chrome 71

    bluray release උන දවසෙම මේක බැලුවා Live Aid බලද්දී We Are The Champions කියද්දී ඇස් දෙකට කඳුලු ආවා. චිත්‍රපටියක මම දැකපු හොඳම Climax එක. නොබලපු අය අනිවාරෙන්ම බලන්න, කලාවේ නියම රස විඳින්න පුලුවන් ඒ වගේම මේ වගේ නිර්මාණයක් හැමෝටම බලන්න සලස්වන එක ගැන ගොඩාක් සතුටුයි. ඔයාලා මේ කරගන්නේ ලොකු පිනක්

    2019-03-12 at 11:10 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.3

      Live aid එකනං ඇත්තටම ඇඟට වදින්නම හදල තියනවා. හොඳම වැඩේ මම එක්ස්ට්‍රාස් ටික බැලුවෙ ඊයෙ, එතකොටයි දැක්කෙ මුලින්ම ෂූට් කරල තියෙන්නෙත් Live Aid දර්ශන ටික කියල.

      2019-03-12 at 2:36 pm
    • Yomal Senanayake User
      Windows 10Chrome 67

      අහන්කෝග මං පොඩී හරිදග ඒත් මං පොඩි කාලෙ ඉඳන් ආසම බෑන්ඩ් එකග විෂේශයෙන්ම Bohemian Rhapsody සිංදුව තමයි හොඳම එකග මං ලයිව් ඒඩ් කටපාඩම් වෙනකම් බැලුවාග ෆ්‍රෙඩීගේ මූව්මන්ට් ඔක්කොම කරල බැලුවා. වැඩක් නෑ. රමී මලෙක් පට්ටමයි. අනිත් සෙට් එකත්. ආයෙ නතිං. කියන්න දෙයක් නෑ. පොඩි කෑලි ටිකක නං මං දන්න විදියට වෙනස් තියෙනවා. මට ඇඩෙනව බං. වැඩක් නෑ

      2019-03-12 at 7:02 pm
  • Mithun Unregistered User
    Android 8Chrome 72

    ඔයාට පුලුවන් නම් සහෝ Vice (2018) WEB-HD මුවි එකටත් සබ් එකක් කරල දෙන්න.මෙ දැම් දිල තියෙන එකයි, Green Book,එකයි.. Roma 2018 මුවි එකයි , ඔස්කාර් සම්මාන උලෙළේ හොදම පහට නිර්දේශ වෙලා තියෙනවා දැක්ක මතකයි. හොද නම් දෙන්න සබ් එකක් පුල් ඩ්‍රාම වගේ ස්ටොරි එක නම්. Thank you!

    2019-03-12 at 6:54 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.3

      Vice බැලුවා, මිතුන්, ඩික් චේනිගෙ කතාව තියෙන්නෙ. ඒකටත් සබ් දෙන්නම් හෙමීට.

      2019-03-19 at 1:48 pm
  • charith Unregistered User
    Windows 10Chrome 72

    tnx bro sub ekata..denakan balan idiye…….film eka bagena hugak kal sub nathuwa idiye……..

    2019-03-13 at 1:03 am
    Reply
  • charith Unregistered User
    Windows 10Chrome 72

    film ekata sub eka hadala denna kiwama deparak hithanne nathuwa sub eka dunnata hugak sthuthi sahodaraya……sub eka niyamata karala thiyenaw apattaa ahhhhh

    2019-03-13 at 1:06 am
    Reply
    • charith Unregistered User
      Windows 10Chrome 72

      lipiye mage nama sadahan karata tnx ahh 😂

      2019-03-13 at 1:19 am
  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 65

    sub ekata thanks saho

    2019-03-13 at 12:07 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි

    2019-03-14 at 1:26 pm
    Reply
  • Sajeewanie Dharmasiri Unregistered User
    Windows 10Chrome 72

    Great Job.Wel done

    2019-03-16 at 8:51 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms