Burning (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ රසික ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි හදන්නෙ, මේ අපේ මිතුන් සහෝදරයා ඉල්ලා සිටි Burning (2018) කොරියානු චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම ස්තූතිය ඔහුට. ඇත්තටම මේ චිත්‍රපටය එසේ මෙසේ චිත්‍රපටයකුත් නෙමෙයි, මේ තමයි 2019 ඇකඩමි සම්මාන උළෙලේ කොරියානු නියෝජනය. එසේම මේ වනවිට සම්මාන 123කට නිර්දේශව එයින් 27ක් තමන් සතු කරගන්නටත් මෙය සමත්වී තිබෙනවා. අයත් වෙන්නෙ නාට්‍යමය අභිරහස් වර්ගයට. ධාවන කාලයනම් ටිකක් වැඩියි, පැය දෙකයි මිනිත්තු 28ක්.
ජපන් ජාතික ලේඛක හරුකි මුරාකමිගේ “The Elephant Vanishes” කෙටි කතා සංග්‍රහයේ ඇතුලත්වූ “Barn burning” නම් කෙටිකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය ඇමරිකානු ජාතික ලේඛක විලියම් ෆෝල්ක්නර්ගේ එම නමින්ම යුත් කෘතියකද ආභාෂය ලබා ඇති බවයි සඳහන් වෙන්නෙ. Imdb අගය 7.7කුත්, Rotten tomatos වෙතින් 94% කුත්, මෙටාක්‍රිටික් වෙතින් 90ක අගයකුත් ගූගල් පරිශීලකයන් 84%කගේ ප්‍රසාදයත් වශයෙන් ඉතාම ඉහල පැසසුම් ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය ලී ඩොන්-චුන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ආ-ඉන් යූ ( ලී ජොන්-සූ ), ස්ටීවන් යුන් (බෙන්),ජොන්-සියෝ ජුන් ( ෂින් හයුමි) ඇතුළු පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට….
ජොන්-සූ කියන්නෙ බඩුභාණ්ඩ බෙදාහරින්නෙකු ලෙස අර්ධකාලීන රැකියාවක් කරන තරුණයෙක්. දිනක් රැකියාව සඳහා පිටතට ගොස් සිටින අවස්ථාවක ඔහුට ඊට කාලයකට පෙර තම ගමේ අසල්වාසියකු වූ තරුණියක් මුණ ගැහෙනවා අහම්බයෙන්, ඇය හයුමි. හයුමි ඇයගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා, ඒ තමයි තමන් විනෝද චාරිකාවකට අප්‍රිකාවට යන බවත්, ඒ කාලය තුල තමන් සිටින කාමරයට පැමිණ තම සුරතල් බළලාට ආහාර පාන ආදිය සපයාදෙන්න කියල. ජොන්-සූ මේ ඉල්ලීම පිළිගන්නවා, හැබැයි එතනින් එහාට ජොන්-සූගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා.මම එතනින් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්. හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.
වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න
Thanks subata. korean love story yak dennako puluwannam.
පට්ටම ස්ටොරි එක. මාර සයිලන් විදියට ෆිල්ම් එක දුවන්නෙ.මන් මෙක මැද හරියක් වෙනකල් බලන් ආවෙ Imdb රෙටින් එක 7.7අරගන්න තරම් මොකක්ද මෙකේ තියෙන්නේ කියල එච්චරම .මොකද පට්ට ඩ්‍රාම විදියට ෆිල්ම් එක දුවන්නෙ . අර කොල්ල පලවෙනි පාරට අර පොරගෙ bathroomඑකට ගිහින් දකින දෙවල්වලින් පස්සෙ කෙල්ලගෙන් අහන්නෙ පොඩි කතාවක්.එන්න එතන ඉදම් තමා පට්ට විදියට කතාව ඇගට දැදෙන්න ගත්තෙ.ඉලගට හරිත කතාව… සුපිරිම ස්ටොරි එක..තැන්ක්ස් සහෝ… සබ් එක නියමයි.. ඔයාම බලළම සබ් එක කරල කියල හිතුනෙ. අවසානෙ ගැන නම් කතාකරන්න තෙරෙන් නැ.මෙකෙ දැනුන දෙ කියන්න එන් නැ ඇගට. බොහොම ස්තුති හොද ෆිල්ම් එකක් බැලුවෙ ❤
Mge comment eka copy karala😁
කමෙන්ට් එකේ කොලටි එක ;-D
Request::
Shoplifters (2018) 720p WEB-DL 950MB [No HC SUBS]
(mkvcage)
Please…..
Journal 64 2018 movie ekata sinhala subtitles denna puluwanda ..eka oyata visesa awasthawak wei..loke ජනප්‍රිය una rahas pariksaka chithra pata malawaka aluth eka…
ඒක අපේ තව සහෝදරයෙක් බාර අරගෙන තියෙන්නෙ, හාමුදුරුවනේ, ඒකයි ප්‍රශ්ණෙ.අවශ්‍යනම් කලින් චිත්‍රපට ත්‍රිත්වයට මම දුන්න උපසිරැසි තියනවා මේ අඩවියෙම.
Thank you…
ayamai broooo
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Thank U Hasitha brother & Subz.lk Team. i love this movie, it was beautiful, slow. enjoyed it very much. all the best to subz.lk team…………….
patta machan
supiri kathawa, aniwa balanawa ban, thanks