Burning (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ රසික ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි හදන්නෙ, මේ අපේ මිතුන් සහෝදරයා ඉල්ලා සිටි Burning (2018) කොරියානු චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම ස්තූතිය ඔහුට. ඇත්තටම මේ චිත්‍රපටය එසේ මෙසේ චිත්‍රපටයකුත් නෙමෙයි, මේ තමයි 2019 ඇකඩමි සම්මාන උළෙලේ කොරියානු නියෝජනය. එසේම මේ වනවිට සම්මාන 123කට නිර්දේශව එයින් 27ක් තමන් සතු කරගන්නටත් මෙය සමත්වී තිබෙනවා. අයත් වෙන්නෙ නාට්‍යමය අභිරහස් වර්ගයට. ධාවන කාලයනම් ටිකක් වැඩියි, පැය දෙකයි මිනිත්තු 28ක්.
ජපන් ජාතික ලේඛක හරුකි මුරාකමිගේ “The Elephant Vanishes” කෙටි කතා සංග්‍රහයේ ඇතුලත්වූ “Barn burning” නම් කෙටිකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය ඇමරිකානු ජාතික ලේඛක විලියම් ෆෝල්ක්නර්ගේ එම නමින්ම යුත් කෘතියකද ආභාෂය ලබා ඇති බවයි සඳහන් වෙන්නෙ. Imdb අගය 7.7කුත්, Rotten tomatos වෙතින් 94% කුත්, මෙටාක්‍රිටික් වෙතින් 90ක අගයකුත් ගූගල් පරිශීලකයන් 84%කගේ ප්‍රසාදයත් වශයෙන් ඉතාම ඉහල පැසසුම් ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය ලී ඩොන්-චුන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ආ-ඉන් යූ ( ලී ජොන්-සූ ), ස්ටීවන් යුන් (බෙන්),ජොන්-සියෝ ජුන් ( ෂින් හයුමි) ඇතුළු පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට….
ජොන්-සූ කියන්නෙ බඩුභාණ්ඩ බෙදාහරින්නෙකු ලෙස අර්ධකාලීන රැකියාවක් කරන තරුණයෙක්. දිනක් රැකියාව සඳහා පිටතට ගොස් සිටින අවස්ථාවක ඔහුට ඊට කාලයකට පෙර තම ගමේ අසල්වාසියකු වූ තරුණියක් මුණ ගැහෙනවා අහම්බයෙන්, ඇය හයුමි. හයුමි ඇයගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා, ඒ තමයි තමන් විනෝද චාරිකාවකට අප්‍රිකාවට යන බවත්, ඒ කාලය තුල තමන් සිටින කාමරයට පැමිණ තම සුරතල් බළලාට ආහාර පාන ආදිය සපයාදෙන්න කියල. ජොන්-සූ මේ ඉල්ලීම පිළිගන්නවා, හැබැයි එතනින් එහාට ජොන්-සූගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා.මම එතනින් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්. හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.
වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න
ස්තුතියි සහෝ උපසිරැසියට
බොහොම ස්තූතියි, පසිඳු 🙂
බොහොම ස්තුති සහෝ සිංහල උපසිරස ගැන්නුවට. 2018 අවුරුද්දේ ආව හොදම කොරියන් ෆිල්ම් එක වගේ නෙද මේ 2019 එලියට ආවෙ.. බලන්න ඔනේ අදම අරම්😍
ඔව්, හොඳ ෆිල්ම් එකක්, හැබැයි ටිකක් දිග වැඩියි, මිතුන්. ඒ වුණාට කතාව නියමයි :- )
Godak sthuthi sahooo sub ekata…..
Sub ekata bohoma sthuthi broo suba dawasak
බොහොම ස්තූතියි, ඔබටත් එසේම වේවා.
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, මධූෂ 🙂
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
ජයවේවා…
තෙරුවන් සරණයි…!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
ස්තූතියි,
සබ් එකට ස්තුතියි…
Ela Korean Korean Crime Triler movies walata sub denna
පට්ටම ස්ටොරි එක. මාර සයිලන් විදියට ෆිල්ම් එක දුවන්නෙ.මන් මෙක මැද හරියක් වෙනකල් බලන් ආවෙ Imdb රෙටින් එක 7.7අරගන්න තරම් මොකක්ද මෙකේ තියෙන්නේ කියල එච්චරම .මොකද පට්ට ඩ්‍රාම විදියට ෆිල්ම් එක දුවන්නෙ . අර කොල්ල පලවෙනි පාරට අර පොරගෙ bathroomඑකට ගිහින් දකින දෙවල්වලින් පස්සෙ කෙල්ලගෙන් අහන්නෙ පොඩි කතාවක්.එන්න එතන ඉදම් තමා පට්ට විදියට කතාව ඇගට දැදෙන්න ගත්තෙ.ඉලගට හරිත කතාව… සුපිරිම ස්ටොරි එක..තැන්ක්ස් සහෝ… සබ් එක නියමයි.. ඔයාම බලළම සබ් එක කරල කියල හිතුනෙ. අවසානෙ ගැන නම් කතාකරන්න තෙරෙන් නැ.මෙකෙ දැනුන දෙ කියන්න එන් නැ ඇගට. බොහොම ස්තුති හොද ෆිල්ම් එකක් බැලුවෙ ❤
හරියට හරි, මේකෙ හරියටම පැය එක හමාරක් විතර යනකං මමත් කල්පනා කලා මේ මොන විකාරයක්ද කියල. එතනින් පස්සෙයි තේරුනේ කතාවට අවශ්‍ය පාර හදන එකයි කරල තියෙන්නෙ කියල. අන්තිමේ හිතාගන්න බැරිවුණා මටත්, එන්ඩ් එකක් නෑ වගේ හරියටම කිව්වොත්.
මට නම් දැනුනෙ මෙහෙමයි සහෝ මනුස්සයෙක්ගෙ නිහඬ කමක් ඇතුලෙ ගොඩක් දෙවල් හැන්ගිල තියෙනවා … සමහර මිනිස්සු එ වගෙ මිනිස්සු දියේ බලල හරි ගුප්ත විදියට හිතුවට ඒ මිනිස්සු පිටින් කොහොම උනත් ඇතුලතින් සංවෙදියි.. අර යකා අර කොල්ලගෙ ඇතුලෙ දෙයක් එලියට ගත්ත කිව්වත් හරි වගෙ . මන් හිතන්නෙ සහෝ කොල්ල තෙරුම් ගත්ත අරූ ආතල් එක කිය ,කියා මොනවද කරන්න්නෙ කියල … එ වගේම තමන්ගෙ කෙල්ලටත් කරපු දේ. එතනින් එහාට පිල්ම් එක නිර්මාණය කරල තියෙන්නේ අපිටම හිතන්න… අවසානෙ හරිම ගුප්ත එකයි… එක රාමුවකට කොටු නොවෙන්න මෙක නිර්මාණය කරපු අය උස්සා කරල තියෙනවා දෙයක් කියන්න උස්සහා කරන්න..
ඒ වගේම මිතුන්, අර ප්ලාස්ටික් සර්ජරි කතාවයි, ලිඳේ කතාවයි, ලක්ෂ පහයි, මේකප් කිට් එකයි එකට ගලපල බැලුවාම ස්කෑම් එකකුත් වෙනව නේද අපිට නොපෙනී?
SUperb ❤😊