Captive State (2019) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකට පස්සෙ අද මේ එන්නෙ සුපුරුදු පරිදි ඔබ වෙත චිත්‍රපට උපසිරැසියක් අරගෙනයි. මේ වසරේ තිරගතවූ විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක යන දෙවර්ගයට අයත් Captive State චිත්‍රපටයේ සිංහල උපසිරැසිය තමයි ඒ. Imdb අගය 7.1ක්ද, Rotten Tomatoes වෙතින් 45%ක අගයක්ද ලබාගෙන ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රොබට් වයට්ගෙන්. ඔහු තමයි Planet of apes චිත්‍රපට මාලාවෙ Rise of the Planet of the Apes (2011) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණෙත්. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ ජෝන් ගුඩ්මන් ( විලියම් මලිගන්), ඈෂ්ටන් සැන්ඩර්ස් (ගේබ්‍රියල් ඩ්‍රමන්ඩ්), ජොනතන් මේජර්ස් (රෆායල් ඩ්‍රමන්ඩ්), වේරා ෆර්මිගා ( නමක් සඳහන් නොවේ), කෙවින් ඩන් ( කොමසාරිස් ඉයුජින් අයිගෝ), මැෂීන් ගන් කෙලී (යර්ගිස්), මැඩලින් බෘවර් ( රූලා), ජේම්ස් රැන්සන් ( පැට්‍රික් එලිසන්), ඇලන් රක් ( චාල්ස් රිටන් හවුස්) වැනි පිරිසක්. කොහොමහරි මේක විද්‍යාප්‍රබන්ධ, ත්‍රාසජනක ඝනයට අයත් එකක් වුණත් ලොකු ක්‍රියාදාම දකින්න බලාපොරොත්තුවෙන් මේ චිත්‍රපටය නරඹන්න එපා කියලත් කියන්න ඕනෙ. මොකද කිව්වොත් මෙහි මූලිකත්වය දීල තියෙන්නෙ කතාවටයි. ඒ වගේම ඔබ ඕපනින් ක්‍රෙඩිට් ස්කිප් කරදමා චිත්‍රපටයක් නරඹන්න පුරුදුවෙලා ඉන්න කෙනෙක්නම් මේ චිත්‍රපටය බලද්දි ඒ දේ කරන්න එපා. මොකද චිත්‍රපටයෙ කතාව හරියට වටහාගන්නනම් ඕපනින් ක්‍රෙඩිට් අතරතුර සඳහන් වෙන ,මෙහි එන සිදුවීම් දාමයේ අතීතකතාව අනිවාර්යයෙන්ම නරඹන්න වෙනව. ඒ නිසාම මම ඒ කොටස් ටිකත් පරිවර්තනය කර උපසිරැසියට ඇතුලත් කලා නරඹන ඔබට පහසුවක් වෙන්න.එහෙනම් වෙනද වගේම මුළු කතාවම මෙතන ලියන්න අදහසක් නෑ. නරඹන ඔබට ආරම්භයක් විදියට කෙටියෙන් කියන්නම්.
මෙහි කතාව දිවෙන්නෙ පෘතුවියට එල්ලවෙන පිටසක්වල ආක්‍රමණයක් වටා. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ එම මුල්ම ආක්‍රමණයෙන් වසර 9කට පසුව. මේ කාලය වනවිට පිටසක්වලයන් ( මෙහිදී ඔවුන් හැඳින්වෙන්නෙ ලෙජිස්ලේටරයන් ලෙස) සහ පෘතවියේ රටවල රජයන් ඔවුන් හා සටන්විරාමයකට එලඹිලයි ඉන්නෙ. මෙයට මුවාවෙලා ඔවුන් පෘතුවියේ ස්වභාවික සම්පත් සූරාකමිනුයි සිටින්නේ. සටන්විරාම ගිවිසුමේ කොන්දේසි අනුව ඔවුන් මෙය කරන්නේ මනුෂ්‍යයන්ගේද සහාය ඇතිවයි. ස්වභාවිකවම මෙවන් අවස්ථාවකදී ජනතාව අතරින් විරෝධයක් මතුවීම සාමාන්‍යයිනෙ. චිකාගෝ නගරය තුල පිහිටි පිල්සන් නම් කුඩා නගරයක් තුලින් මේ වගේ සංවිධානාත්මක කණ්ඩායමක් සැදී තිබෙනවා. ඔවුන් මින්පෙර කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මුළු නගරයක්ම බිමට සමතලා කර දමන්නත් මෙහි එන පිටසක්වල ජීවීන් එනම් ලෙජිස්ලේටර්වරුන් ක්‍රියාකර තිබෙනවා. එයින් පසුව එම කණ්ඩායම අකර්මණ්‍යව යන්නට ඇති බවයි පොලීසිය විශ්වාස කරන්නේ. ඒත් එය එසේ නොවන බව සොයාගන්නට පොලිස් කමාන්ඩර්වරයා සමත් වෙනවා….එතනින් එහාට කතාව නරඹන ඔබට බාරයි. එහෙනම් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු ( කාලය ලැබෙන විදියට).
ලබාදී ඇති උපසිරැසිය BLURAY පිටපත් සඳහා ගැලපේ.
Godak sthuthi broo sub ekata..
බොහොම ස්තූතියි සහො උපසිරැසියට.. ❤️
Patta saho thanks you…
Supiri movie ekak
ස්තූතියි සහෝ සබ් එකට
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ෆිල්ම් එක බාල සතියක් විතර ඉදියා බලන්න සබ් එක නැතුව…උඹල තමා මුලින්ම දුන්නෙ…තෑන්ක්ස් Subs.lk🤘
thansk.. sub ekata
ඔය කරන quality එක දිගටමා තියාගන්න.
සුපිරියි !! සබ් දෙද්දි සියලුම විස්තර ඇතුව දෙන්න සමහර අය බාගෙට කරන්නෙ !
නියමයි සහෝ
Patta saho thanks you…
Supiri movie ekak
තවත් පට්ට කොරියන් මුවි එකක් ඇවිත් තියෙනවා සහෝ පුලුවන් නම් කොහොම හරි දෙන්නකො
The Gangster, the Cop, the Devil (2019) 720p HDRip 900MB