Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. El Camino: A Breaking Bad Movie…

El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitle

October 19, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.7
GENRES
ActionDramaEnglish MoviesGenresMovies
CAST

Aaron Paul, Jonathan Banks, Matt Jones, Charles Baker

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන කාලයකට පස්සෙ චිත්‍රපට උපසිරැසියක් අරගෙනයි අද මේ එන්නෙ. චිත්‍රපටයක් කිව්වට මේක හරියටම ගත්තොත් කතාමාලාවක අවසාන කොටස. ඒ තමයි ලොව පුරා කතාමාලා රසිකයන්ගේ ආදරය දිනාගත්, සම්පූර්ණ කතාසමයන් පහකින් කොටස් 62කින් යුක්තවූ , අදටද IMDB හොඳම කතාමාලා ලැයිස්තුවේ පස්වන ස්ථානය දරන, Breaking Bad (2008-2013) කතාමාලාව. එහි අසම්පූර්ණ අවසානයට නිසි අවසානයක් ගෙන දීමේ උත්සාහයක් ලෙස නිර්මාණය වුණු El Camino : A Breaking Bad Movie (2019) හි සිංහල උපසිරැසිය තමයි මේ අරගෙන එන්නෙ. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මාහට බාරදුන් අපගේ ඇඩ්මින් මඩුල්ලට.

_____________________________________________________

චිත්‍රපටය පැත්තට පිවිසෙන්න කලින් මුලින්ම මතක් කරන්නට ඕනෙ පෙර සඳහන් කල ලෙසම මෙය Breaking Bad (2008-2013) කතාමාලාවේ දිගුවක් නිසා මෙය නරඹන්නට පෙර ඔබ කතාමාලාව සම්පූර්ණයෙන්ම නරඹා සිටීම අත්‍යාවශ්‍යයි.එසේම මෙය Better Call Saul (2015-) කතාමාලවට මෙයට යම් යම් අතින් සම්බන්ධ නිසා එයත් නරඹා තිබෙනවානම් වඩාත් හොඳයි. අවම වශයෙන් Breaking Bad කතාමාලාව හෝ නරඹා නැති අය මින් ඉදිරියට ලිපිය කියවීම ඔබගේ රසවින්දනයට බාධාවක් විය හැකියි.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

Breaking Bad කතාමාලාවේ අධ්‍යක්ෂවරයා සහ නිර්මාණකරු වන වින්ස් ගැලිගන්මයි මෙම චිත්‍රපටයේත් අධ්‍යක්ෂවරයා වන්නේ. මෙය මේ වනවිට ලබා ඇති IMDB අගය 7.6ක් වන අතර Rotten Tomatoes අගය දැක්වෙන්නේ 93%ක් ලෙසයි.එසේම ගූගල් පරිශීලකයන් 88%කගේ ප්‍රසාදය දිනාගන්නත් මේ වනවිට මේ El Camino : A Breaking Bad Movie (2019) චිත්‍රපටය සමත්ව තිබෙනවා. චරිත රංගනයෙන් , ඒරොන් පෝල් (ජෙසී), බ්‍රයන් කැන්ස්ටන් ( වෝල්ටර් වයිට්), ජොනතන් බෑන්ක්ස් ( මයික්), මැට් ජෝන්ස් ( බැජර්), චාල්ස් බේකර් ( ස්කිනී පීට්), ලැරී හැන්කින් ( ජෝ), ජෙසී ප්ලෙමන්ස් (ටොඩ්), ටොම් බවර් (ලූ) ඇතුළු පිරිසක් තමයි දායක වන්නේ. කතාමාලාව අවසන්ව මේ වනවිට වසර හයක් ගතවී තිබීම නිසා එය කෙටියෙන් ඔබ වෙත මතක් කිරීමකුයි මේ..පටන්ගමු ජෙසීගෙන්ම..

ජෙසී පින්ක්මන්

1) Breaking Bad හි එන සිදුවීම්වලට පෙර ජෙසී පින්ක්මන් නිව් මෙක්සිකෝහි ඇල්බකර්කි ප්‍රදේශයේ පිහිටි ජේ.පී වින් උසස් පාසලේ ශිෂ්‍යයෙක්, එහිදී ඔහු රසායන විද්‍යා ගුරු වෝල්ටර් වයිට් විසින් ඉගැන්වූ පංතියකින් ඉතාම සැලකියයුතු ආකාරයට අසමත් වනවා. ( ඒ චිත්‍ර කලාවට යම් තරමකින් දක්ෂයෙක් වූ ජෙසී වරක් ඇඳි අපහාසාත්මක චිත්‍රයක් නිසා, ඒ නිසා ඔහු හා වෝල්ටර් වයිට් අතර ඒතරම් සුහදත්වයක් තිබී නෑ)

ජේ.පී වින් පාසල

වෝල්ටර් රසායන විද්‍යා පාඩමක් අතරතුර

2) තරුණ වයසේදීම මත්ද්‍රව්‍ය ජාවාරමට වැටෙන ඔහු තම දෙමාපියන්ගේ නිවස හැරදමා ජීවත්වන්නේ ඔහුගේ නැන්දාගේ නිවසේ, ඇය පිළිකාවක් නිසා මරණය කරා ඇදෙමින් සිටි තැනැත්තියක්. ජෙසී ඇයව රැකබලා ගන්නා අතර ඇයගේ මරණයෙන් පසුවත් ජෙසී දිගටම එම නිවසේ ජීවත්වනවා.

ජෙසී (වමේ) සහ ඔහුගේ නැන්දා (දකුණේ)

3) මෙතෙම්ෆෙටමින්, එනම් අයිස් මත්ද්‍රව්‍යය නිපදවන්නෙකු බවට පත්වන ඔහු එය කරන්නේ කැප්ටන් කුක් යන අන්වර්ථ නමින් ( පාරිභෝගිකයන් අතර ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ එයට මිරිස් කුඩු එක්කිරීම නිසයි, එය ඔහුගේ අනන්‍යතාව බවට පත්වෙනවා), නමුත් එක් දිනක ඔහු තම හවුල්කරු සමග මත්ද්‍රව්‍ය නිපදවමින් (Cooking) සිටි නිවස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීමකට ලක්වෙනවා( එයට සම්බන්ධ වන ප්‍රධාන නිලධාරියා වෝල්ටර් වයිට්ගේ මස්සිනා වන හෑන්ක්). කෙසේ හො ඒ මොහොතේ එම නිවසට අල්ලපු නිවසේ යම් පෞද්ගලික කාර්යයක නිරත වෙමින් සිටින ජෙසී එතනින් පැනගියත්, ඔහුගේ හවුල්කරු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ට හසුවෙනවා.

හෑන්ක්

4) කෙසේ හෝ, ඒ වනවිට දැඩි මූල්‍ය අපහසුතාවකින්ද , දරුණු පිළිකාවකින් පීඩා විඳිමින්ද, තමන් නැතිකලෙක තම බිරිඳට සහ පුතුට යම් සැලකියයුතු මුදලක් ඉතිරිකර තබා යෑමේ වුවමනාවෙන්ද, එසේම අයිස් මත්ද්‍රව්‍යය නිපදවීම ගැන උනන්දුවකින්ද සිටි වෝල්ටර් වයිට් තම මස්සිනා සමග එම වැටලීම දැකබලාගැනීමට පැමිණ සිටින අතර, අල්ලපු නිවසේ සිට පැනයන ජෙසීව ඔහුගේ ඇසට හසුවෙනවා.

වෝල්ටර්, බිරිඳ සහ පුත්‍රයා

ජෙසී වෝල්ටර්ව දකින අවස්ථාව

5) එතනදී ජෙසීට පැනයන්නට ඉඩ හරින වෝල්ටර් පසුව ඔහු හමුවන්නට ගොස් තමන් දෙදෙනා එක්ව මත්ද්‍රව්‍ය සාදමු යැයි ජෙසීට යෝජනා කරනවා. වෝල්ටර්ගේම වචනයෙන් කිව්වොත් ” තමුසෙ බිස්නස් එක දන්නවා, මම රසායන විද්‍යාව දන්නවා” කියමින්. මේ ගුරුවරයාගෙ පුදුම සහගත හදිසි වෙනස්වීම ගැන බොහෝ සැක සංකා මැද්දෙ ජෙසී එයට එකඟ වෙනවා.

 

6) ජෙසීගේ හැකියාවත්, රසායන විද්‍යා පරිචය සමග එන වෝල්ටර් වයිට්ගේ නිරවද්‍යතාවත් එකතුවෙන් මෝටර්හෝම් රථයක් තුල කෙරෙන පලමු මත්ද්‍රව්‍ය නිෂ්පාදනය අතිසාර්ථක වෙනවා. එය විකුණාගැනීමට දරන පලමු තැත වැරදී ගොස් එයින් ඔවුන් දෙදෙනාගේ ජීවිත බේරෙන්නෙ අනූනමයෙන් වන අතර ගැණුම්කරුවන් දෙදෙනාට ජීවිතය අහිමිවෙනවා.

7) වෝල්ටර්ගේ උනන්දුකිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ලෝකයේ බොහෝ දුරක් යන මේ වෝල්ටර්-ජෙසී යුගලය සැලකිය යුතු මුදලක් උපයන්නට පටන්ගන්නවා ‘ටූකෝ’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙනුවෙන් සේවය කිරීමෙන්. අවසානයේ යම් ගැටලුවක් නිසා ඔහු ජෙසී සහ වෝල්ටර් මරාදැමීමට තැත්කලත් වෝල්ටර්ගේ මස්සිනා වන හෑන්ක් අතින් ඔහු මියයනවා.

8) පසුව ජෙසී තම මවගේ සහ පියාගේ නිවසට නැවත පැමිණීමට තැත් කලත් ඔහුගේ කෙලවරක් නැති මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් කලකිරී සිටින ඔවුන් ඔහුව නිවසින් පිටමං කරනවා. එයින් නොනැවතී ඔවුන් ඔහුගේ නැන්දාගේ නිවසිනුත් ජෙසීව පිටමං කරනවා. එතනින් ජෙසී නිවහනක් නැති අනාථයෙක් බවට පත්වෙනවා.

9) තමන් අත ඉතිරි මුදලින් ජෙසී අපාට්මන්ට් එකක පදිංචියට යනවා. එකට යාවූ වෙන් වෙන් නිවෙස් දෙකක් ලෙස සැකසූ මෙහි අනිත් කොටසේ පදිංචිව සිටින්නේ ජෙසී මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව, මේ වනවිට එයින් මිදෙමින් සිටි ජේන් මාගොලිස් නම් තරුණියක්. ජෙසී මත්ද්‍රව්‍ය විකුණන්නෙක් බව ජේන් වහා තේරුම්ගන්නා අතර පසුව ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙනවා.

10) මේ වනවිට ජෙසී සහ වෝල්ටර් තනිවම තමන් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය විකිණීමද කරගෙන යනවා. ඒවා සිල්ලරට විකිණීම සඳහා ජෙසී තම මිතුරන් තුන් දෙනෙක් බඳවාගන්නවා: ඒ කොම්බෝ, බැජර් සහ ස්කිනී පීට්.

(වමේ සිට) ස්කිනී පීට්, බැජර්, ජෙසී සහ කොම්බෝ

11) ජෙසී-වෝල්ටර් යුගලයේ ප්‍රතිවාදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් (ඔවුන් බාල වයස්කාර දරුවන් ඝාතකයන් ලෙස පවා යොදාගන්නවා) අතින් කොම්බෝ මැරුම්කනවා. එයින් ඇතිවන ශෝකයෙන් ජෙසී වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ජේන් ඔහුව හෙරොයින් මතටද ඇබ්බැහි කරවනවා.

12) වෝල්ට් තම මත් ව්‍යාපාරය ඉහලට ගෙනයන්නට උත්සාහ කරනවා ගුස්ටාවෝ ෆ්‍රින්ග් නම් නව බෙදුම්කරුවෙක් හා එක්වීමෙන්. නමුත් ජෙසීගේ හෙරොයින් ඇබ්බැහිය නිසා එය සාර්ථක වන්නේ නෑ, ඊට හේතුව තදින් මතට ඇබ්බැහිවූවෙක් තම ව්‍යාපාරයට ගාවාගැනීමට ගුස්ටාවෝ අකමැති වීම.

ගුස්ටාවෝ ෆ්‍රින්ග්

13) ජෙසීගේ ඇබ්බැහිය ඉවසාගත නොහැකි තැන වෝල්ටර් ජෙසීගේ සහ ජේන්ගේ අපාට්මන්ට් එකට කඩාවදින අතර, අධික ලෙස මත්ද්‍රව්‍ය ගෙන සිටින ඔවුන් අතරින් ජේන් මියයනවා. නමුත් වෝල්ටර් ඇයව බේරාගැනීමට කිසි දෙයක් කරන්නේ නෑ.

මියයමින් සිටින ජේන් දෙස වෝල්ටර් බලා සිටින ආකාරය

14) ජේන්ගේ මරණයෙන් පසුව වෝල්ටර් ජෙසීව පුනුරුත්ථාපනයට යොමු කරනවා. ඔහු මත් ඇබ්බැහියෙන් මිදුනු පසු වෝල්ටර් ගුස්ටාවෝ ෆ්‍රින්ග්ව කැමති කරගන්නවා ජෙසීව තම සහායකයා ලෙස බඳවාගැනීමට. ඒ ඔහුට ඒවනවිට සිටින ඒතරම් හොඳ සහායකයෙකුද නොවෙන ගේල් නැමැත්තාව ඉවත්කරමින්.

ගේල් (දකුණේ)

15) ජෙසීට ඇන්ඩ්‍රියා නම් තවත් තරුණියක් හමුවෙනවා, ඇයට බ්‍රොක් කැන්ටිලෝ නම් පුත්‍රයෙකුත්, බ්‍රොක්ට මදක් වැඩිමල් තෝමස් නම් බාල සහෝදරයෙකුත් සිටිනවා. මේ තෝමස් තමයි ජෙසීගේ මිත්‍ර කොම්බෝව මරාදැමූ තැනැත්තා. තෝමස්ට කොම්බෝව මරාදමන ලෙස බලකල කල්ලිය ගුස්ටාවෝ ෆ්‍රින්ග් යටතේත් වැඩ කරන බව දැනගන්නා ජෙසී ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා කුඩා දරුවන් ඝාතකයන් ලෙස යොදානොගන්නා හැටියට. නමුත් එයින් සිදුවන්නේ තෝමස් ඔවුන් අතින් මරණයට පත්වීම.

ඇන්ඩ්‍රියා, බ්‍රොක් කැන්ටිලෝ සහ ජෙසී

තෝමස් කැන්ටිලෝ

16) එයින් පසු ගුස්ටාවෝ වෝල්ටර්ට කියනවා ජෙසීව ඉවත්කොට ගේල්ව නැවත සහායකයා ලෙස එක්කරගන්නා ලෙස. එය වීම වැළැක්වීමට වෝල්ටර් ජෙසීට කියනවා ගේල්ව මරාදමන ලෙස.

17) ගේල් සොයායන ජෙසී ඔහුට වෙඩිතබා මරාදමනවා. මේ සිදුවීම ජෙසී යම් තරමකට මානසිකව  ව්‍යාකූල තත්වයකට පත්කරනවා.

18) නමුත් ඒ අතරවාරයේ, වෝල්ටර්ගේ මාර්ගෝපදේශනයට පින් සිදුවන්නට ජෙසී ඉතාම ඉහල මට්ටමේ අයිස් මත්ද්‍රව්‍යය නිපදවන්නෙකු බවට පත්වෙනවා. එය කොතරම්දැයි කිවහොත් ගුස්ටාවෝ ෆ්‍රින්ග් වෝල්ටර්ට වඩා ජෙසී දෙසට නැඹුරුවන්නට තරම් වෙනවා.

19) ජෙසී සහ ඇන්ඩ්‍රියා අවසානයේ වෙන්වූවත්, ඔවුන්ගේ මිත්‍රත්වය බිඳෙන්නේ නෑ. ඇගේ ජීවන බරට උරදෙන්නට ජෙසී ඇයට මුදල් පවා ලබාදෙනවා.

20) වෝල්ටර් සහ ගුස්ටාවෝ අතර මතගැටුම උච්ච ස්ථානයකට පත්වන අතර අවසානයේදී ගුස්ටාවෝට සිදුවෙන්නේ හිසෙන් අඩක් අහිමිකරගන්න.යම් කාලයක් ජෙසී සැකකරනවා ඇන්ඩ්‍රියාගේ පුත් බ්‍රොක්ට සිදුවී විෂවීමකට හේතුව වෝල්ටර් බවටත්. නමුත් පසුව එම සැකය ගුස්ටාවෝ දෙසට හැරෙන බැවින් ඔහු වෝල්ටර්ට උදව් කරනවා ගුස්ටාවෝගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය විනාශ කිරීමට.

21) වැඩිකල් යන්නට මත්තෙන් ජෙසී සහ වෝල්ටර් නැවතත් හවුල්කරුවන් ලෙස එකතුවෙනවා, ගුස්ටාවෝගේ හිටපු සහායක මයික් සමගින්. ඔවුන්ගේ මේ හවුල ඉතා ඉක්මනින්ම නරක අතට හැරෙන්නේ තමන්ගේ අයිස් මත්ද්‍රව්‍යය සඳහා අවශ්‍යම අමුද්‍රව්‍යයක් රැගත් දුම්රියක් කොල්ලකද්දී කුඩා දරුවෙක් මියයාමත් සමග. (වීඩියෝ)

(වමේ සිට) ජෙසී, වෝල්ටර් සහ මයික්

22) ඒ දරුවාව මරාදැමූ තැනැත්තා වන්නේ තමන්ගේ සිරුරේ ස්වස්තක ලකුණ (නියෝ-නාසි නම් පොදුවේ සුළුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගත්, හිට්ලර්ගේ නාසිවාදය අනුගමනය කරන ව්‍යාපාරයකි- ඇමරිකාවේදීනම් සුදුජාතිකවාදී ) සලකුණු කරගත්, ජැක් අංකල් නම් අයකුගේ නායකත්වයෙන් යුත්, පිරිසක හවුල්කරුවෙක්වූ ටොඩ් නැමැත්තායි. ටොඩ් පදවන්නේ 1978 වර්ෂයේ නිෂ්පාදිත ෂෙව්රොලේ එල් කැමීනෝ රථයක්, එය පසුවට.

(මැද) ටොඩ්

23) දුම්රියේ කල කොල්ලයත්, ටොඩ් පෙරකී දරුවාව මරාදැමීමත් යන සිදුවීම්වලින් පසුව මයික් සහ ජෙසී තීරණය කරනවා මෙම ව්‍යාපාරයෙන් ඉවත්ව තම මුදල් බෙදාගෙන යන්නට යාම සුදුසු බව. නමුත් ඉවත්යාමට සිත් නැති වෝල්ටර්, ටොඩ්ගේ සුදු ජාතිකවාදී මිතුරන් සමග එකඟතාවයකට එලඹෙනවා.

24) ජෙසී අවසානයේ වටහාගන්නවා බ්‍රොක්ට සිදුවූ විෂ ශරීරගතවීම පිටුපස සිටි තැනැත්තා වෝල්ටර් බව. වෝල්ටර්ගේ මස්සිනා වන හෑන්ක් හා ජෙසී එක්වෙනවා වෝල්ටර්ව අත්අඩංගුවට ගැනීමට.

25) අවාසනාවට, හෑන්ක්ගේ සහ ජෙසීගේ උගුලට වෝල්ටර් ප්‍රතිචාර දක්වන්නේ තම නව නියෝ-නාසි මිතුරන්ගේ උදව් ලබාගනිමින්, එයින් අවසානයේ හෑන්ක් මියයනවා. වෝල්ට් සතු මුදල් සියල්ල තම භාරයට ගන්නා මේ නියෝ-නාසීන් ඔහුට යන්නට හරිනවා. වැක්‍යුම් පිරිසිදුකිරීම් යන්ත්‍ර ව්‍යාපාරයක් කරන එඩ් ගැලිබ්‍රේත් නැමැත්තාගේ උදව්වෙන් වෝල්ට් නිව් හැම්ප්ෂයර්හි සැඟවී සිටිනවා මාස කීපයක්.

26) ජෙසී සහ වෝල්ටර්ගේ තරම් උසස් තත්වයෙන් මත්ද්‍රව්‍ය සෑදීමට නාසීන් අසමත්වීම නිසා ඔවුන්ගේ ජාත්‍යන්තර බෙදුම්කරු වන ලිඩියා කලබල වනවා. එය ජෙසීට ඉතාම නරක කලදසාවක් උදාකරවන්නක් වනවා. වෝල්ටරුත් නොමැති නිසා ඔවුන් ජෙසීව කේබලයකින් ගැට ගසා සිර කර ඔහු ලවා බලෙන් හයිසන්බර්ග්- මට්ටමේ ( මේ වනවිට වෝල්ටර් ප්‍රසිද්ධ මේනමින්) අයිස් මත්ද්‍රව්‍ය සාදාගන්නවා (මතකනෙ මේ කේබලය සහිත සැකිල්ල හදන්නෙ කැන්ඩි පෑස්සුම් වැඩපළේ).

ජෙසී කේබලයේ සිරවී

27) ජෙසී එක් අවස්ථාවක පැනයාමට උත්සාහයක් දරනවා. එය අසාර්ථකවී අසුවීමෙන් පසු නාසීන් ඔහුගේ දම්වැල් ගලවා, ඔහුව මෝටර් රථයක දමාගෙන ඇගේ පැරණි පෙම්වතිය ඇන්ඩ්‍රියාගේ නිවසට රැගෙන යන අතර එතනදී ටොඩ් ඇන්ඩ්‍රියාගේ හිසට වෙඩි තබා මරාදමනවා.

28) එයින් පසුව, බලාපොරොත්තු සුන්ව, පොලව යට තැනූ කොන්ක්‍රීට් වලක සතෙක් මෙන් ජීවත්වන ජෙසීට බලාපොරොත්තුවක සේයාවක් පෙනෙන්නේ, කාරයක්  පිරෙන්නට දුරස්ථව පාලනය කල හැකි ලෙස නවීකරණය කල මැෂින් තුවක්කු භීෂණයක් රැගෙන වෝල්ටර් නැවතත් ඇල්බකර්කිවලට පැමිණීමත් සමගයි. එම අවස්ථාවේ නොසිතූ ලෙස ඔහු ජෙසීව බේරාගන්නවා. මෙන්න ඒ අවස්ථාව (වීඩියෝ) .

29) ප්‍රහාරය අතරතුරදී ජෙසීව බේරාගන්නට වෝල්ටර් ඔහු ඉදිරියට පැනීමෙන් පසු, ජෙසී ප්‍රහාරයෙන් දිවිබේරාගත්තවුන් කීපදෙනාගෙන් අයෙක්වන ටොඩ්ගේ ගෙල සිරකරනවා. ජෙසී හට වෝල්ටර්ව මරාදමන්නටත් අවස්ථාව ලැබෙන නමුත්, ඔහු එය වෝල්ටර්ටම බාරකරනවා ” තමුසෙම කරගන්නවා” කියමින්.

30) මතකද, 1978 වසරේ නිෂ්පාදිත එල් කැමීනෝ මෝටර් රථය? ජෙසී තමන්ව බොහෝ කාලයක් සතෙකු සේ සිරකරගෙන සිටි නියෝ-නාසි තිප්පොලේ ගේට්ටු බිඳගෙන යන්නේ මේ රථය භාවිතා කරමිනුයි.

මේ කාරය නිසයි චිත්‍රපටය El Camino ලෙස නම් වෙන්නෙ

 

එතනිනුයි Breaking Bad කතාමාලාව අවසන් වන්නේ… මේ El Camino : A Breaking Bad Movie (2019) තුලින් අපිට දකින්නට ලැබෙන්නේ ඉන් පසුව ජෙසීට සිදුවූවේ කුමක්ද යන සය අවුරුදු ප්‍රශ්ණාර්ථ ලකුණට තිතකුයි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ඉහත ලිපිය www.vulture.com හි පලවූ විශේෂාංගයක දළ පරිවර්තනයකි.

උපසිරැසිය සියලුම WEB-DL සහ WEBRip වීඩියෝ පිටපත්වලට ගැලපේ.

විශේෂ :-

• ඇලස්කාව –
ඇලස්කාව චිත්‍රපටය තුලදී The Last Frontier නමින් හැඳින්වෙනවා. ඔබ දන්නවා ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදය මිලදී ගන්නේ රුසියාවෙන් ඒ 1868 වර්ෂයේදී, මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 7.2කට. අක්කරයකට ඩොලර් ශත දෙකක් වගේ මුදලක් තමයිලු එහෙම බැලුවම නියම වෙලා තියෙන්නෙ. ඇලස්කාව “සුවර්ඩ්ගේ රැවටිල්ල” නමින්ද හැඳින්වෙනවා , ඊට හේතුව එම ගණුදෙනුවට මුල්වූයේ එවක ඇමරිකා රාජ්‍ය ලේකම් විලියම් එච් සූවර්ඩ් නැමැත්තා වීම. ටෙක්සාස්, කැලිෆෝනියා සහ මොන්ටානා ප්‍රාන්ත තුනම එක්කලද ඊට වඩා බොහෝ විශාල මේ ඇලස්කාව ඇමරිකාවේ 49වන ප්‍රාන්තය බවට පත්වෙනවා ඒ විදියට. බොහෝ නම් ගණනකින් හැඳින්වෙන ඇලස්කාව The last Frontier එහෙමත් නැත්නම් ඇමරිකාවේ ආදි බටහිර ඉම යන නමින් හැඳින්වෙන හේතුව වන්නේ එය ඇමරිකාවේ අනෙත් ප්‍රාන්ත 48න් වෙන්ව බොහෝ දුරකින් පිහිටා තිබීම සහ බටහිර දියුණුවෙන් බොහෝ දුරස් එහි ස්වාභාවික දුෂ්කර රළු වටපිටාව සහ දේශගුණය.

• Driving Miss Daisey (1989) මේ චිත්‍රපටය ගැන එක තැනක සඳහන් කෙරෙනවා. කළු ජාතික පුද්ගලික රියදුරෙකුගේ සේවය ලබන ධනවත් යුදෙව් කාන්තාවකගේ කතාවක් ඇතුලත් චිත්‍රපටයකි.

• Thelma & Louise (1991)
මේ චිත්‍රපටයේ එන මෝටර් රථයකින් උස් ඉවුරකින් පනින සිදුවීම ගැනද චිත්‍රපටය තුල සඳහන්. මේ එම දර්ශනය (වීඩියෝ)

• මෙහි එක් තැනක ජෝ විසින් “කාන්දම්” යැයි කියනවා. Breaking Bad නරඹපු අයට මතක ඇති. නැවත මතක් කරගන්නවානම් මේ ඊට හේතුවන සිදුවීම (වීඩියෝ)

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6326 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.1 GB
GET
1080p bluray 2.26 GB
GET
720p web 1.1 GB
GET
1080p web 1.92 GB
GET
2160p web 5.48 GB
GET
Discussion (9)
  • rajitha Unregistered
    Windows 7 Chrome 77
    2019-10-20

    Thanks machan…..jayawewa……!

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4
    2019-10-20

    Thanks bro sub ekata 🙂
    Jaya wewa.!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 77
    2019-10-20

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 63
    2019-10-24

    බොහොම ස්තූතියි සහෝ.matrix trilogy ටත් සබ් දෙනවනම් නියමයි.ජය වේවා!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Chrome 78
      2019-10-25

      මෙට්‍රික්ස් ට්‍රයිලොජි එකෙන් පලවෙනි එකට සබ් කරල පබ්ලිෂ් කරන්න ඔන්න මෙන්න තියෙද්දි කොහෙන්හරි රැන්සම්වෙයා එකක් ඇවිත් මුළු හාඩ්ඩ්‍රයිව් සේරම එන්ක්‍රප්ට් වෙලා ගියා, මධූෂ. මම ආයිත් සබ් එක කරන්න හිතාගෙන ඉන්නෙ. අනිවාර්යයෙන්ම තුනටම කරනවා. ඒකෙ ගැප් ෆිලර් එකක් විදියට ආව The Animatrix එකට මම සබ් දීල ඇති. ඒක බැලුවෙ නැත්නම් දැනට ඒක බලන්න, මම මෙට්‍රික්ස් ට්‍රයිලොජි එක අනිවාර්යයෙන්ම දෙනවා ඉදිරියෙදි. බොහොම ස්තූතියි.

    • Madusha Unregistered
      Windows 10 Opera 63
      2019-10-26

      ගොඩක් ස්තූතියි සහෝ කරන කැපවීමට.ජය වේවා!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 77
    2019-10-24

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

    Reply
  • sena Unregistered
    Windows 10 Firefox 70
    2019-10-28

    ela thankzzz

    Reply
  • THARINDU Unregistered
    Android 9 Chrome 80
    2020-02-27

    THE BLACKLIST SESSION 7 SUB DENNAKO

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved