Grimm [S01 : E02] Sinhala Subtitle

Grimm පළමු කතාසමයේ 2වන එපියට තමයි අද උපසිරැසි අරන් ඇවිල්ල තියෙන්නෙ. කට්ටියට දැන් 1වෙනි එපියේ වුනේ මොකද්ද කියල අමතකයි වගේ නම් මං පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. බ්ලුට්බාඩ් නමින් හඳුන්වන මිනිස් විලෝපික වර්ගයක් ගැන තමයි පළමු එපියෙන් බලන්න හම්බුනේ. මුලින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය වෙනවා, ඊට පස්සේ පොඩි ගෑනු ළමයෙක්ව පැහැරගැනීමකට ලක් වෙනවා ඔය කියන බ්ලුට්බාඩ් කෙනෙක්ගේ අතින්. පරීක්ෂක ග්‍රිෆිනුයි නිකුයි එකතු වෙලා පැහැරගැනීමට ලක්වුණු පොඩි ලමයව හොයාගන්නේ කොහොමද කියල තමයි බලන්න හම්බුනේ. මේ දෙන්නා තනියෙන් නෙමෙයි හොයාගන්නේ, මොන්රෝ කියලා පුද්ගලයෙකුත් නික්ට උදවු කරනවා. මොන්රෝ කියන පුද්ගලයත් බ්ලුට්බාඩ් කෙනෙක් වුනාට එයා නම් නරක වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඇත්තටම එයා ගොඩක් දේවල් නිකට කියල දෙනවා.ඔන්න ඔහොමයි වුනේ. අපි එහෙනම් දැන් අද කොටසින් මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ.

කලින් එපිය ඉවර වෙනකොට ඔයාල දකින්න ඇති පරීක්ෂක නික් රෝහලේ ඉන්නකොට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒත් අද කොටස පටන් ගන්නේ එතනින් නම් නෙමෙයි. තරුණ පෙම් යුවලක් හොරෙන් ගේකට ඇතුල් වෙලා පොඩි ෆන් එකක් ගන්න සිදිධියකින් තමයි කතාව පටන් ගන්නේ. (පොඩ්ඩක් බලාගෙන හොඳේ මෙතන නම් 😀 ). ගෙදර අයිතිකාරයාගේ පුතා එනවා ඔය අතරේ ගෙදරට. ඒ වෙලාවේදී දෙන්නා ගෙදරින් පැනගන්න උත්සහ කරනවා. හැබැයි කෙල්ලට විතරයි ගෙදරින් පැනගන්න හම්බෙන්නේ. කොල්ලට මොකද්ද කරදරයක් වෙනවා. ඉතින් මේ සිද්ධිය ගැන පරීක්ෂක නිකුයි ග්‍රිෆිනුයි එකතු වෙලා කොහොමද කටයුතු කරන්නේ කියල බලන්න පුළුවන්. පරීක්ෂක නික් එයාගේ නැන්දාගෙන් ටික ටික දේවල් ඉගෙන ගන්නවා. එයාටත් තේරුම් යන්න පටන් ගන්නවා මොන වගේ වගකීමක්ද පැවරිලා තියෙන්න කියන එක ගැන. එතනින් එහාට මං කියන්නේ නෑ. අද කොටසත් බාගෙනම බලන්නකෝ මෙයාලට පුළුවන් වෙයිද කොල්ලව හොයාගන්න, එතකොට ගෙදර අයිතිකාරයෝ මොන වගේ කට්ටියක්ද කියන එක ගැන. එහෙනම් ඊලඟ කොටස අරන් ආයෙත් එන්නම්කෝ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (13)
  • nilanka12 User
    Windows 7 Chrome 107

    thanks supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search