Grimm [S01 : E22] Sinhala Subtitle

March 18, 2017 Executive Subtitler

ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස තමයි අද අරන් ආවේ.හිතුවට වඩා කාලයක් ගත වුනා වැඩේ කරන්න.හේතුව කිව්වොත් Subz LK කියන්නේ අලුතින් ආරම්භ කරපු වෙබ් අඩවියක්.ඉතින් පොඩි පොඩි බාධක මුලදී මතු වුනා.නමුත් ඒවාට සාර්ථකව මුහුණ දීලා අද යම් ස්ථාවර තැනකට එන්න අපිට හැකිවෙලා තියෙනවා.ඉතින් අපේ ඇඩ්මින් මණ්ඩලයේ උත්සාහයේ ප්‍රථිපලය තමයි ඒ.තමන් කැමති ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිකතා බලන හැමෝටම ගුණාත්මකබවකින් යුතු උපසිරැසි ලබා දීම තමයි අපේ අරමුණ වුනේ.ඉතින් ඒ අරමුණත් එක්ක තමයි අපි අපේ වැඩේට අත ගැහුවේ.ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න රසික පිරිසත් එක්ක බැලුවම අපිට අවංකවම සතුටු වෙන්න පුළුවන්  අපේ අරමුණ වෙනුවෙන් අපි කරපු කැපකිරීම් සාර්ථකයි කියන එක.ග්‍රිම් කියන කතා මාලාවට මම උපසිරැසි කරන්න භාරගත්තේ ඔය කියන කාරණාව උඩ.මගේ අධ්‍යාපන කටයුතු එක්ක කාල වෙලාව හදාගෙන තමයි  ඔයාලට මේ උපසිරැසි අරන් එන්නේ.ඉතින් පොඩි පොඩි ප්‍රමාදවීම වුනු එක ගැන සමාව ඉල්ලන්නත් ඕනේ ඔයාලගෙන්…

මම හිතනවා ඔයාලා මේ කතා මාලාව ගොඩක් හොඳට රස විඳින්න ඇති කියලා.මේක 2011 ඔක්තෝම්බර් 28 දින ඉඳලා 2012 මැයි 18 දක්වා කාලය තුල NBC නාලිකාව ඔස්සේ විකාශය වුනා. ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණු කතා මාලාවක් නිසා ඔයාලත් ගොඩක් මේකට ආස වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් කතාවේ සාරාංශය කිව්වොත්, අර්ධ මිනිස්-සත්ව මිනිසුන් විශේෂ කිහිපයක් සහඔවුන් දඩයම් කරන පිරිසක් වටා තමයි කතාව ගෙතෙන්නෙ.ඔයාලට දැන් ඒ අදහස ලැබෙන්න ඇති කතා මාලාව නරඹපු නිසා. දැනට මේ කතා මාලාවේ සමයන් 5ක් විකාශය වෙලා තියෙනවා. 6වෙනි කතා සමයත් මේ මාසේ 31න් අවසන් වෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා මේ කතා මාලාවට. මෙහි 2වෙනි කතා සාමය 2012 අගෝස්තු 13 ඉඳලා 2013 මැයි 21 දක්වා කොටස් 22ක් විකාශය වෙලා තියෙනවා…

අද කොටස ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්. නික්ව හොයාගෙන කිමුරා කියන පුද්ගලයා පෝට්ලන්ඩ් වලට එනවා. ඒ එන්නේ නික් ළඟ කාසි ටික ඇති කියන බලාපොරොත්තුවෙන්.ඒ කාසි මොනවද කියලා ඔයාලට මතක ඇතිනේ. නික් ඔහුගේ දෙමව්පියන් මරපු පලිය ගන්න හිතාගෙන කිමුරා පස්සේ පන්නනවා. ඉතින් අවසානයට ඒ දෙන්නා අතරේ මොකක්ද වෙන්නේ කියන  එක ඔයාලට අද බලන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩාක් දේවල් වෙනවා. ඒවා මෙතන සඳහන් කරන්නේ නෑ.අද කතාව උපසිරැසි බාගෙන රසවිඳින්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම 2වෙනි කතාමාලාව ගැන යම්කිසි ඉඟියකුත් ලබාගන්න පුළුවන් අද කොටසින්…

පළමු කතා සාමය පුරාම ඔයාලා අපිත් එක්ක හිටියා. ඉතින් ගොඩක් කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න. මේ කතා මාලාව ගැන, ඒ වගේම උපසිරැසි වල අඩු පාඩු නැත්තම් යෝජනා වගේ දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.අපි කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නෙමෙයි.අපේ සතුට වෙනුවෙන් ඔයාලගේ සතුට වෙනුවෙන් කරන දෙයක්.ඒ නිසා මේ ගැන යම් අදහසක් දක්වන්න පුළුවන් නම් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.ඒක අපිට හයියක්.එහෙනම් අපිත් එක්ක ඉන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා.හැමෝටම ජය!!!

“It shall not be death,

but a sleep of a hundred years,

into which the princess shall fall.”

Spoiler Warning : A trail of murders reignites Nick’s search for the gold coins; a mysterious woman in black starts to interfere with Nick and Hank’s investigation; Nick’s relationship with Juliette reaches a crossroads…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (43)
  • darshana Unregistered
    Windows 10 Chrome 43

    thnks machan good luck season 02 ikmanta dapan

  • Tec ලොක්කා Unregistered
    Android Opera Mini 24

    මචන් සුපිරියටම තිබ්බා. …. niyamai well done machn …. wish u all da best .. ජයින් ජයම විවා.. ??

  • Kalani Wickramasinghe Unregistered
    Windows 8.1 Chrome 57

    subtitle walata thanks. season 2 wala subtitle nadda

  • Kalani Wickramasinghe Unregistered
    Windows 8.1 Chrome 57

    thank u. season 2 subtitle tikath daanako

  • Ganganath Dinendra Unregistered
    Windows 8.1 UC Browser 6.1

    supiri sub wala adupadu nathima tharam keep it up bro

  • ranidu Unregistered
    Windows 7 Chrome 60

    season 5ta sub demu bro…

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks bro sub ekata…pattetetama niymayi upasirasiya pankadu pahayi.

  • Vishak bandara Unregistered
    Android 8.1 Chrome 64

    Godak thanks Machan me karana dewal walata. Kiynna wachana naa.

  • Ishan Unregistered
    Android 8 Chrome 83

    Thank you broo, congrats ❤️

  • Abey Unregistered
    Windows 10 Chrome 128

    thank you bro sub tikata ituru Seasons tikatath denna keep it up 👌👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search