Grimm [S01 : E13] Sinhala Subtitle

November 22, 2016 Executive Subtitler

ඔන්න එහෙනම් අද 13 වෙනි කොටසටත් සිංහල උපසිරැසිය අරන් ඇවිත් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කොටස විශේෂයි. මොකද දන්නවද, නික් මෙච්චර කාලෙකට නොදැන හිටපු දෙයක් එයාට දැනගන්න ලැබෙනවා. එයාගේ පවුල ගැන. ඒ වගේම තවත් විශේෂ කෙනෙක් මුණගැහෙනවා. කියන්නේ නෑ කවුද කියලා, විශේෂද නැද්ද කියලා ඔයාලා බලලම තීරණය කරන්න. ඒ වගේම තමයි කතාව දැන් එන්න එන්න රසවත් වේගෙන එන්නේ. අද කතාවේ හැටියට කාසි 3ක් තියෙනවා, ඒවා ගොඩක් බලවත් කියලා තමයි විශ්වාස කරන්නේ. ඒවා ළඟ තියාගන්න ඕනෙම කෙනෙක්ට කිසියම් විදිහක ආශිර්වාදයක් වගේ දෙයක් ලැබෙනවා. ඉතින් මේ කාසි තමන් සන්තක කරගන්න එක්තරා කණ්ඩායමක් දරණ උත්සාහය ගැන තමයි අද කතාවේ කියවෙන්නේ. එයාලා එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. කලින් කොටස් වල හිටියා වගේ සත්ව කොට්ඨාශ කිහිපයක්. හැබයි මෙයාලා මුලින්ම දකින්න හම්බෙන්නේ මේ කොටසින්. පහතින් ලියලා තියෙන්නේ ඒ අයගේ නම්…

schakal-(jackal-like Wesen-හිවල් මිනිසුන්)

Steinadlers-(golden eagle-උකුසු මිනිසුන්)

මෙතන එයාලාගේ නම් දැම්මේ කතාව බලද්දී පැටලෙයි කියලා, මොකද ගොඩක් නම් තියෙන්නේ ජර්මානු භාෂාවෙන්. ඒවා පරිවර්තනය නොකර ඒ නමින්ම තමයි දාලා තියෙන්නේ. තව දෙයක් තියෙනවා. ඔයාලට මේ සත්තු ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් https://grimm.wikia.com/ කියන සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. එහෙනම් කාසි වලින් මොකද වෙන්නේ, කාසි කාටද අයිති වෙන්නේ කියන දේවල් වලට උත්තර ඔයාලා කතාව බලලම හොයාගන්න. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!

“For me there are neither locks nor bolts, whatsoever I desire is mine.”

Spoiler Warning : When a botched robbery ends in murder, Nick and Hank must search for rare coins; a friend of Aunt Marie’s shows up with information about Nick’s family…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (14)
  • pehan rivikula Unregistered
    Windows 10 Chrome 77

    thanks bro

  • nilanka12 User
    Windows 7 Chrome 107

    thanks supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search