It Comes at Night (2017) Sinhala Subtitle
joel edgerton, christopher abbott, carmen ejogo, riley keough
සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න ඉතිං මම ආයෙත් ආවා තවත් අළුත් ෆිල්ම් එකකට කරපු සිංහල උපසිරැසියකුත් අරගෙනම.මේ මගේ 27 වෙනි උපසිරැසිය. වෙනදා වගේ නෙමෙයි තියෙන කාලයට තවත් අමතර කාලයක් අරගෙන බොහොම ඉක්මනට උපසිරැසි ලබාදෙන්න මම උත්සාහ අරන් තියෙන්නේ.බොහෝ දෙනා ඉල්ලපු විදිහට Mythica චිත්‍රපට මාලාවේ ඉතිරි වෙලා තිබුණ සියළුම චිත්‍රපටවලට මම උපසිරැසි දීලා ඉවරයි.ඉතිං බලපු ගොඩක් දෙනා මට එවපු කමෙන්ට් වලින් පේනවා එයාලා කොච්චර නම් ඒ චිත්‍රපට මාලාව බලාපොරොත්තුවෙන් ඉදලා තියෙනවාද කියලා…
හරි එහෙනම්, අද මම මේ අරන් එන චිත්‍රපට උපසිරැසිය මම කල චිත්‍රපට උපසිරැසි වලට සාපේක්ෂව වෙනස් එකක්.හුගක් එය කැමතිනේ අවසානයේ හිතන්න යමක් ඉතුරු කරන අභිරහස්, ටිකක් අමුතු තාලේ කථා වලට.මේ චිත්‍රපටය ඒ වගේ එකක්.It comes at night (2017) මේ වසරේ කරලියට ආපු IMDB 6.3 අගයක් ලබාගත් චිත්‍රපටයක්…
අපි කථාව පැත්තටම පොඩ්ඩක් හැරෙමු දැන්
පෝල් කියන්නේ නගරයේ හිටි ගුරුවරයෙක්.ඔහුගේ බිරිද සාරා ඒ වගේම පුතා වෙන්නෙ ට්‍රැවිස.නමුත් හිටිහැටියේම ඔවුන්ට නගරයෙන් පලා එන්න වෙනවා එක්තරා වසංගත තත්වයක් පැතිර ගිය නිසා.ඔවුන් පලා එන්නේ මහ වනන්තරේට.ඒ රෝගය බොහොම දරුණුයි වගේම සුවකල නොහැකියි.මේ තිදෙනා එක්ක පෝල්ගෙ තාත්තාත් එනවා.ඒත් ඔහුට කැලයට ආවාම අර මම සදහන් කල රෝගය වැළදෙනවා.ඉතිං පෝල්ට අකමැත්තෙන් වුවත් පවුලේ අන් අයගේ ආරක්ෂාව පිණිස රෝගකාරක පැතිරීම වළක්වන්න තාත්තාව මරන්න සිද්ධ වෙනවා.ඔන්න ඔතනින් තමයි මේ කථාව ආරම්භ වෙන්නේ…
දවසක් එක් භයංකාර රාත්‍රියක, පෝල් ඇතුළු පවුලේ අය හිටි කැලේ තිබ්බ නිවසට අමුත්තෙක් රිංගනවා.ඒ තමයි විල්.එයාත් එයාගේ බිරිදයි දරුවයි එක්ක කැලේට පැනලා ආව කෙනෙක්.විල්ගෙ කථාව අහලා අනුකම්පා කරලා පෝල් එයාලටත් තමුන්ගෙ නිවසේ නවාතැන් දෙනවා.ඒත් එයාලා දැනන් හිටියේ නෑ විල්ගෙ පවුලේ කෙනෙක්ට මේ රෝගය තියෙනවා කියලා.පස්සට පස්සට තත්වය බැරෑරුම් වෙන්න ගන්නවා.පෝල්ට මොකද වෙන්නේ?එයාලගේ ඉරණමත් මරණයද?මොකද වෙන්නේ කියලා දැන්ගන්න නම් චිත්‍රපටය නරඹන එක තමා හොදම.බලලා විතරක් ඉන්න එපා යාළුවනේ.වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.සමහරුන්ට මේක සමහරුන්ට පොඩි සිංහල ටයිපින් එකක් වුණාට කරලා බලන්න ඕනේ මේකට කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.ඒ හින්දා මේ මහන්සිය සුළුකොට තකන්න එපා යාළුවනේ!!!
Spoiler Warning : After a mysterious apocalypse leaves the world with few survivors, two families are forced to share a home in an uneasy alliance to keep the outside evil at bay — only to learn that the true horror may come from within…
patta.meka niyamai wage
mythica set ekath supirie
නියමයි සහෝ.බොහොම ස්තූතියි
patta filimak wage. thanks bro. jaya wewa
thnx kolla
ela oyala wena mahansiyata godaak thankz
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය ✌
Ths machan sub akata. Film aka download karagana හිටියා sub aka danakan
තෑන්ක්ස් සහෝ සබ් එකට.
ela.thanks
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Mythica ?? aniwa saho..
maru oya dila tyenne kiri kiriye aluth film ekakat sab
jaya wewa!!!