Mythica: The Necromancer (2015) Sinhala Subtitle

August 31, 2017 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ 23 වන උපසිරැසියත් අරගෙනම.Mythica The Necromancer 2015 චිත්‍රපටයයි මම අද ඔයාලට අරන් එන්නේ.ඇත්තම කිව්වොත් පොඩි පටලැවීමක් වුණා.Mythica චිත්‍රපට මාලාවේ කථාමාලා 5ක් තියෙනවා.ඒවායින් 1 සහ 2 කොටස් සදහා සිංහල උපසිරැසි අන්තර්ජාලයට එක් කරලයි තිබුණේ.කලින් මට මේ කථා මාලාවේ 4 වෙනි කොටස භාර දුන්න නිසා මම ඒකට සිංහල උපසිරැසිය ලබා දුන්නා.ඒත් 3වන කොටස මගහැරිලා.ගොඩක් අය 3වන කොටසට සිංහල උපසිරැසි දෙන්න කියලා කමෙන්ට් දාලා තිබුණා.ඇත්තනේ 3වන කොටස නොබලා 4 බලලා වැඩක් නෑනේ.ඔන්න එහෙනම් අද 3වන කොටසට සබ් එක දෙනවා.මෙම චිත්‍රපටය  Action, Adventure, Fantasy යන කාණ්ඩ තුනටම අයත් එකක්.මායාකරුවන් පිරිසක් අතර සිද්ධ වෙන බල අරගලයක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තෙන්ම Mythica යනු චිත්‍රපට මාලාවක්…

  1. Mythica: A Quest for Heroes
  2. Mythica: The Darkspore
  3. Mythica: The Necromancer
  4. Mythica: The Iron Crown
  5. Mythica: The Godslayer.

මම අද ඔයාලට අරන් ආවේ එහි 3වන කථා මාලාවයි.Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි.සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට දෙක නරඹලා එනවා නම් වඩාත් හොදයි.කථාව මෙන්න මේකයි…

මරෙක්ගෙ හොදම යාළුවෙක් වෙන තේන්ව කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රාණඇපයට පත්වෙනව. එයාව නිදහස් කරගන්න නම් කොල්ලකරුවන්ගේ මෙහෙයුමක් ඇයට කරන්න සිද්ධවෙනවා.කොල්ලකරුවන්ගේ නැතිවුන බඩු පාර්සලයක් අරන් එක තමයි භාරදෙන වැඩේ.ඒ යන ගමන ලේසි නෑ.උදවුවට ඩේගන් සහ ටීලා එකතුවෙනවා.ඒත් අවසානයේ නොහිතන ප්‍රතිවාදියෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ කවුද?මරෙක්ට බේරෙන්න පුළුවන් වෙයිද?ඇගේ ගමන වලක්වන්න හදන ඒ කැලිකරුවන් කවුද?ඒ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය නරඹපුවාම.බලන්න.කමෙන්ට් කරන්න.තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු…ජයවේවා!!!

Spoiler Warning : Marek is forced to lead her band of would-be heroes on a mission for the corrupt Thieves Guild, which has taken her friend hostage. This mission will lead them straight into the wicked clutches of Szorlok, their greatest enemy…

Available Torrents
720p bluray 874.55 MB
1080p bluray 1.76 GB
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (14)
  • king sahana Unregistered
    Windows 7 Firefox 57

    thanks sub ekata ummmaaa

  • podda Unregistered
    Windows 7 Chrome 76

    thanks mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search