කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් හතරවෙනි කොටස ගෙනාවා ඔයාලා වෙනුවෙන්.පරක්කු වුනු නිසා කට්ටිය ඉවසිල්ලක් නැතුව ඉන්න ඇති.කට්ටිය දාලා තියෙන කමෙන්ට්ස් වලින් ඒක තේරෙනවා.කලින් කොටස ගේන්න හුගක් පරක්කු වුනත් කවුරුවත් බැනලා තිබුනේ නැහැ.හුගක් අය කියලා තිබුනේ පරක්කු වුනාට කමක් නැහැ නවත්වන්නේ නැතුව දිගටම දෙන්න කියලයි.ඒක ඇත්තටම ලොකු හයියක්.ඒ නිසා සබ් එකක් කොච්චර අමාරුවෙන් ගහන්න සිද්ද වුනත් හිතේ හයියෙන් ගහන්න පුලුවන්.ඇත්තටම මේ අමාරු තත්ත්වය තේරුම් ගත්තු නාකොස් ෆෑන් බේස් එකට හුගක් ස්තුතිවන්ත වෙනවා.ඒ අය වෙනුවෙන්ම මේක අනිවාර්යයෙන්ම නවත්වන්නේ නැතුව දෙනවා කියලා පොරොන්දු වෙනවා.
හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.කලින් කොටසේ අලුත් DEA නියෝජිතයෝ දෙන්නයි නියෝජිත පෙන්‍යයි එකතු වෙලා මරු ගේමක් ගැහුවනේ.ඒ කොටසේ අන්තිමේදී හිල්බර්ටෝ රොද්‍රිගෝස් ඉන්න තැනත් දැනගත්තනෙ.ඒ වගේම පෙන්‍යා කලින් කොටස අවසාන වෙනකොට උදව් ඉල්ලුවේ කාගෙන්ද කියලත් දැක්කනෙ.ඉතින් මේ කොටස යන්නේ එතන ඉදලා.මේ කොටසනම් ඇහි පිල්ලන් නොගහා බැලූවහැකි කියලයි කියන්න තියෙන්නේ.ඒ තරමට සුපිරි.ඉතින් මේ කොටසෙදි හිල්බර්ටෝ රොද්‍රිගෝස්ව අල්ලගනීද නැද්ද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.හරි එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.හැමෝටම ජයවේවා!
දැන් නම් බලන් ඉදලා ඇති වෙලා. පුළුවන් නම් අපිට සබ් ඉක්මනට දෙන්න, ස්තුතියි.
Elaga sub ekak ikmanata denna. Tanks bro..
Thnx Bro Sub Ekata.. Anith Episode tikatath ikmanata sub one…
Thanks machan sub ekata
Sub ekata tnx bro