Narcos (2015) [S03 : E01] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම…ඔන්න එහෙනම් අපේ නාකොස් බලන රසිකයන් වෙනුවෙන් මං නාකොස් තුන්වෙනි කතා සමයත් අරගෙන එනවා..මං සබ් කරන්න පටන් ගත්තෙත් නාකොස් එකෙන් තමයි.ඒ පටන් ගත්තු කාලෙට වැඩිය දැන් නාකොස් බලන පිරිස වැඩි වෙලා තියෙනවා.දැන් තමයි ලංකාවෙ ටීවි සිරීස් බලන කට්ටිය නාකොස් කතාවෙ රසය අදුරගෙන තියෙන්නේ.ඇත්තෙන්ම කියනවනම් මේ කතාව අනිත් කතා වගේ නෙවෙයි.සුපිරියටම හදලා තියෙනවා.හැම කොටසක් ඉවරවෙනකොටම ඊලඟ කොටස අනිවාර්යයෙන් බලන්න හිතෙන විදිහට තමයි ඉවර වෙන්නේ.ඒ නිසා බලන්න ගත්තම දිගටම බලන්න හිතෙනවා..අපේ බලන කට්ටිය දන්නවනෙ ඉතින්.
හරි එහෙනම්.දෙවෙනි කතා සමය බැලුවනේ කට්ටිය.පලවෙනි කතා සමයෙයි දෙවෙනි කතා සමයෙයි තිබුනේ පබ්ලෝ එස්කෝබාර් කියන කොකේන් රජාගෙ නැගිටීම සහ කඩා වැටීමනෙ.දෙවෙනි කතා සමයෙන් පබ්ලෝගේ කතාව ඉවරයි.අන්තිම කොටසෙදී කොලොම්බියානු පොලිසිය අතින් මැරුම් කෑවනේ පබ්ලෝ.ඒත් දැක්කනේ අන්තිම වෙනතුරු ගේම අත ඇරියේ නෑනේ පබ්ලෝ.බය කියන දේ ගෑවිලවත් නැහැ.ඒක තමයි පෞරුෂය කියන්නේ.ඒත් පබ්ලෝ අන්තිමේදී හදිස්සි වුනා වැඩියි කියලා තමයි කියන්න තියෙන්නේ.අන්තිමේදී ලොස් පෙපෙස්ලාගෙනුත් කරදර වැඩි වුනානේ.හාවියර් උදව් කලා කියලා මතකනේ ලොස් පෙපෙස්ලට.අන්තිමේදී පබ්ලෝ තනි වුනා ඉතින් මැරෙන්න සිද්ද වුනා.
ඒ වගේම මේ තුන්වෙනි කතා සමයේ ඉදලා තියෙන්නේ පබ්ලෝගේ ප්‍රධාන හතුරා වුන කලී කාටලය ගැන.කොහොමද මේ කලී කාටලයට කොලොම්බියාව නැවතීමේ තිත තිබ්බේ කියලා.කලී කාටලය කියන්නේ හොදම මොල කාරයන්ගෙන් පිරුණු සංවිධානයක්.පබ්ලෝගේ කාලේ තිබුනට වැඩිය දැන් තාක්ෂණයත් තියෙනවා මේ කලීලට.ඉතින් මේ කලී කාටලය අල්ලගන්න ගෙන්නන්නේ කාවද කියලා දන්නවනෙ.ඒ තමයි හාවියර් පෙන්‍යා.පබ්ලෝව අල්ලගන්න හාවියර් කලීලා එක්ක එකතු වෙලා වැඩ කලානේ.එහෙමයි කියලා කලීලව අල්ලන එක අත අරින්නේ නැහැ.ඒ වගේම තමයි කලීලා පබ්ලෝට වැඩිය ආරක්ෂාව ගැන හිතනවා.පබ්ලෝගේ වැරදි වලින් ඉගෙනගෙන තමයි කලීලා වැඩ කරගෙන යන්නේ.ඉතින් කොහොමද මේ කලීලව නැවැත්තුවේ සහ ඒකට කොහොමද හාවියර් පෙන්‍යා උදව් වුනේ කියලා ඔයාලා මේ කතා සමයෙන් බලන්නකො.ආහ් තව දෙයක් කියන්න තියෙනවා නාකොස් හතරවෙනි කතා සමයත් නෙට්ෆ්ලික්ස්ලා දෙනවා හොදෙ.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා නාකොස් සෙට් එකට..!
Spoiler Warning : The Gentlemen of Cali gather together their associates for a big surprise announcement about the future of their business…
නියමයි සහෝ.
කොහොමහරි තුන්වෙනි season එකත් ගෙනාවනේ.
එකෙන්ම තෑන්ක්ස්.
ඒවගේම ලිපියත් සුපිරියි.
ela ela digatama dennaaaa……
THANKS THANKS THANKS
මෙන්න කතා සහො මම නං හිතුවෙ පෙන්‍යාව එලවයි කියලා එත් ආයිඑනව බලමු ආ බපට්ට කතාව සහො මැරැආ.
නියමයි සහෝ එවගේම පුලුවන් ඉක්මනට සබි ටිකත් දෙන්න මෙිවා ඉවසිම නැති කරන කථා 🙂
ඇත්තටම නාකොස් කථාවට මම පිස්සු වැටුනා. බෙල්ල උළුක් කරගෙන දිගටම S01, S02 බැලුවා. පබ්ලෝ එස්කෝබර් ලෙස රංගනය විශිස්ඨයි. සුපිරි කථාවක්. සබ් වලට බොහොම ස්තුතියි.
Thank you..! ❤️
Thanks bro…….digatama yamu……jayawewa…..!
සුපිරි කථාවක්උපසිරැසියට ගොඩාක් ස්තූතියි…….
පුලුවන් ඉක්මනට සබි ටිකත් දෙන්න. ජය වේවා!…
මර්ෆිය කරනවැඩනම් කියල වැඩක් නැ.පබ්ලො එක්ක තිබ්බ වලිය ඉවර උනා විතරයි wolverin එක්ක වලියක් දාගත්ත:-P:-P:-P.මෙ කතාව ගැන කියනවනම් කියන්න ගොඩක් දෙවල් තියනවා එත් මම මෙකෙ 2වනි සිසන් එකෙ අන්තිම එපියෙ දැක්ක විශෙෂ දෙයක් දැක්ක අපෙ රටටත් අදට ගැලපෙන.මම දැක්ක ටිවි එකෙ කොටි හිතවාදින් ඩිකකුයි උන්ගෙ ගෙවල්වල අයයි ඇවිල්ල අඩනව උං ව නිදහස් කරන්න කියල උං මුකුත් කරපු නැති බොම්බ ගහපුනැති,කපලාකෙටල අරන්තලාවෙ වගෙ මරපු නැති උන්වගෙ(පබ්ලොගෙ අම්මා මගෙ පුතා හරි අහිංසකයි කියනව වගෙ)උන්ගෙ ගෙවල්වල උනුත් ඇවිත් අඩනව අපෙ එවුනුත් උන්ටම රටෙ කැල්ලක් දෙන්නම ට්‍රයි කරනව
thanx dear…
Supiri….
Good Work Broo..
Keep it up..