Pet Sematary (2019) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයින් සියලු දෙනාටම.අදත් සුපුරුදු පරිදිම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඉතින් මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයට උපසිරැසි දෙන එක ටිකක් පරක්කු වුණා කියලා.නමුත් බාරගත්ත එකේ, දෙන්න ඕන නිසා කොහොමහරි හදලා ඉවරයක් කළා.දැන් එහෙනම් පොඩ්ඩක් චිත්‍රපටය පැත්තට හැරෙමු.
Pet Sematary (සුරතලුන්ගේ සුසාන භූමිය)
මුලින්ම කියන්න ඕන මේ කතාව සම්පූර්ණයෙන්ම Thriller සහ Horror කාණ්ඩ වලට අයත් කියන එක.ඒවගේම මේ චිත්‍රපටය IMDb මීටරය 6.1 වැනි අගයකට කරකවා ගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes වල 58% අගයක් සහ Rolling Stone හි 3.5 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය Stephen Kingගේ Pet Sematary කියන කෘතිය අනුසාරයෙන් නිර්මාණය වූවකි.Kevin Kolsch සහ Dennis Widmyer විසින් මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කොට ඇති අතර Lorenzo di Bonaventura, Mark Vahradian සහ Steven Schneider යන අය විසින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත.සිංගප්පූරුවේ මේ අවුරුද්දේ අප්‍රේල් 19 දින මුලින්ම තිරගත කළ මේ චිත්‍රපටයට Jason Clarke(ලුයිස්),Jete Laurence(එලී), amy seimetz(රේචල්) සහ john lithgow(ජඩ්) වැනි අය රංගනයෙන් දායකත්වය දක්වයි.විනාඩි 101ක් පුරාවට දිවයන මේ චිත්‍රපටයට Google පරිශීලකයන් 73%ක් පමණ කැමත්ත පළ කොට ඇත.හරි දැන් කතාවේ හැදින්වීම කරලා ඉවරයි.දැන් පොඩ්ඩක් කතාව මොන වගේ සිද්දියකට සම්බන්ධ දෙයක්ද කියලා බලමු.
මන් මුලින්ම කිව්වා මේ චිත්‍රපටය Thriller සහ Horror යන කාණ්ඩ වලට අයත් කියලා.මන් එහෙම කිව්වේ ඔයාලා The Prodigy කතාව බැලුවනම් කියන්න තියෙන්නේ නපුරු ආත්මයකින් ශරීරයක් පාලනය කරන එකක්.ඉතින් මේකෙත් ඒ වගේ දෙයක් තියෙන්නේ.හරි පොඩ්ඩක් විතර කතාව පැහැදිලි කරන්නම්.ලුයිස් කියන්නේ දොස්තර කෙනෙක්.ඉතින් එයාට පවුලේ අයත් එක්ක එකට නිදහසේ ජීවිතේ ගෙවන්න ඕන කියලා මෙයා පවුලේ අය මෙයාගේ ක්ලිනික් එකට කිට්ටු ප්‍රදේශයකට අරන් යනවා.ඉතින් ඒ පැත්තේ Pet Sematary කියලා සුරතල් සතුන් වළ දාන සුසාන භූමියක් තියෙනවා.ඉතින් ඒ අසලම ගෙයක් හදාගෙන තනියම වයසක මිනිහෙක් ජීවත් වෙනවා.එයා තමා ජඩ් කියන්නේ.ඒවගේම එලී සහ ගේජ් කියන්නේ ලුයිස් ගේ දරුවෝ දෙන්නා.රේචල් කියන්නේ ලුයිස්ගේ බිරිද.ඉතින් දවසක් මේ සුසාන භූමිය ගාවින් පෙරහැරක් යනවා.ඉතින් මේක ටිකක් අමුතුයි වගෙ එලීට දැණුනා.ඉතින් එලී ගෙදර අයට හොරෙන් මේ සුසාන භූමියට යනවා.එතනදි තමා එලීට ජඩ්ව හම්බවෙන්නේ.එලී ජඩ්ට ටිකක් සමීප වුණා.පස්සේ දවසකදි එලීගේ සුරතලා වන චර්ච් කියන පූසා ලොරියකට අහුවෙලා පාරේ මැරිලා ඉන්නවා.මේක ජඩ් සහ ලුයිස් දකිනවා.හබැයි මේ දෙන්නා ඒක එලීට පේන්න තියන්නේ නෑ මොකද එහෙම වුණොත් එලී දුක් වෙයි කියලා.ඉතින් එදා රෑ ජඩ් සහ ලුයිස් අර සුසාන භූමියට යනවා චර්ච්ව වළ දාන්න.පස්සේ ජඩ්ට දුක හිතුණා මොකද එලී මේ ගැන දුක් වෙයි කියලා.මොකද චර්ච් නෑ කියන එක හින්දා.හැබැයි මේ ජඩ් දන්නවා මේ සුසාන භූමිය ගාව තියෙන තැනක් ගැන.ඒ තැනේ බලයක් තියෙනවා.ඒ කියන්නේ දෙයක් ආපසු ගේන්න පුළුවන් බලයක්.පස්සේ ජඩ් ලුයිස්වත් එක්කන් යනවා ඒ තැනට.පස්සේ ඉතින් චර්ච්ව ඒ තැනේ වළ දාලා,ඊටපස්සේ දවසේ උදේ එලීට චර්ච් කොහේහරි ගිහිල්ලා කියන කොට එලී කියනවා ඊයේ රෑ එයා මගේ කාමරේ ජනේලේ ගාව හිටියා කියලා.ඒ කියන්නේ අර තැනේ තියන බලය ඇත්ත දෙයක් කියන එක.ඉතින් මන් මෙතනින් නවත්තනවා.ඉතිරි ටික දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.
එහෙනම් හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
sub ekta thanks saho
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanks bro sub ekata
බොහොම ස්තූතියි උපසිරැසියට.
ඔබට ජය!
බොහොම ස්තූතියි මේ ෆිල්ම් එකේ අලුත් එකත් ඇවිත් තියෙනවා එකටත් සබ් දෙන්න.
සහෝ ඔය දීලා තියෙන්නේ මේ අවුරුද්දේ ආපු ෆිල්ම් එක.1989ත් ඔය නමින් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා.
Life of the Party film ekath sub dennakooo..
THANKS…………..
thankkkkkk
ගොඩක් ස්තූතියි බ්රෝ සබ් එකට…
ජය වේවා.!