Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Biography
  3. Punjab ’95 (2026) Sinhala Subtitle · S1 E1

Punjab ’95 (2026) Sinhala Subtitle

July 19, 2026 K.A Raveen | Expert Subtitler
IMDB RATING 9.0
GENRES
BiographyCrimeDramaGenresMoviesPanjabi Movies
CAST

Diljit Dosanjh, Saurabh Sachdeva, Veer Abhinav

පංජාබ් ඉතිහාසයේ අඳුරු පරිච්ඡේද​ය
‘Satluj’ (2026)
නිසැකවම මේ තමා වසරේ ඉන්දියානු චිත්‍රපටය. උසස්ම තළයක රැඳෙන බොලිවුඩ් නිර්මාණ ඉතාම අතළොස්සක් පමණක් නරඹන්නට ලැබෙන කාලෙක Satluj චිත්‍රපටයට වෙච්ව මහා අසාධාරණය නම් හෙළා දැකිය යුතුමයි. වසර 3 ක් තිස්සේම චිත්‍රපටය රිලීස් කරන්නට අවසර ලැබුණෙ නැහැ. යූටියුබ් එකට දාපු ට්‍රේලර් එකත් එක දවසකින්ම ඉවත් කර දැමුවා. වසර 3 ක ට පස්සේ සිනමාශාලාවල ප්‍රදර්ශනයට අවසර නොලැබී OTT රිලීස් එකක් විදිහට පමණක් රිලීස් කෙරුණා. Zee5 ඔස්සේ ස්ට්‍රීම් කරන්නට ලැබුණෙත් දවස් දෙකයි. එතනිනුත් ඉවත්කර දැමුවා. Ghallughara එනම් සික්වරුන්ගේ සංහාරය අරුත ඇති ටයිට්ල් එකත් වෙනස් කරන්න සිද්ධවුණා Punjab ’95 විදිහට. කොහොමින් හරි අවසානයෙදි රිලීස් කරන්න සිද්ධවුණේ Satluj නමින් වුණත් චිත්‍රපටයට උපරිම කෙනහිලිකම් සිද්ධවුණා.
ඉන්දියාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් මේ චිත්‍රපටය මිනිස්සු බලන එක නවත්තන්නද මෙච්චර දේවල් කළේ කියන ගැටළුව මතුවෙනවා. Udta Punjab (2016) චිත්‍රපටයටත් එකළ මේ විදිහෙම වාරණ පැනවුණා ඔබට මතක ඇති. ඊටත් වඩා සෑහෙන අර්බූදයකට තමයි මෙවර Satluj ට මුහුණ දෙන්නට සිද්ධවුණේ. මේ විදිහට චිත්‍රපටය මිනිස්සු අතරට යන එක වළක්වන්න දරණ උත්සාහය නිසාම තමා මේකට වැඩිපුර අවධානය යොමුවෙන්නේත්. ඒ අනුව ඔබට නරඹන්නට හැකිවෙනවා පංජාබයේ සිදුවු මහා ජන සංහාරයක හදවත කීරි ගැහෙන විස්තරයක්. වතාවක් පංජාබයේ සංචාරය කරන්නට අවස්ථාවක් ලද නිසාත් ඒ සංස්කෘතිය, ජනයා සහ පරිසරය ඇසුරු කරන්නට ලැබුණ නිසාත් පංජාබය සම්බන්ධ චිත්‍රපට මට පෞද්ගලිකව දැනෙනවා. මේකෙදි නම් අම්බානෙකට ශොක් වුණා.
ලංකාවේ 88/89 වගේ යුගයක් පංජාබයෙත් තිබුණා. ඒ කියන්නෙ මහා ජන සංහාර සිදුවූ භීෂණ යුගයක් පැවතුණා. මුලින්ම 80 දශකයේ මුල ඉඳන්ම ඇරඹි ඛලිස්ථානයක් හෙවත් සික් ජාතිකයන්ට වෙනම රාජ්‍යයක් ඉල්ලා කෙරුණු අරගල හමුවේ කැරළිකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් හටගත්තා. 90 දශකයේ මැදක් වෙනකම්ම ඒ ගැටුම උණුසුම්ව ඇවිළෙමින්ම තිබුණා. හැබැයි චිත්‍රපටයෙන් අනාවරණය කරන පරිදි කැරලිකරුවන් මඬින මුවාවෙන් පොලිසිය විසින් සිදු කරල තියෙනවා අති අමාණුෂික මහා ජන සංහාරයක්. පංජබයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකරුවෙකු වූ ජස්වන්ත් සිං ඛල්රා තමයි මේ පොලිසිය විසින් සිදුකරනු ලැබූ සාපරාධි ඝාතනයන් ගැන ලොවට හෙළිදරව් කරන්නට කටයුතු කළේ. ඒ නිසාම 25,000 ක් පමණ වූ අතුරුදන් වූවන්ගෙ ලැයිස්තුවට ඔහුටත් එකතුවෙන්නට සිද්ධවුණා. එහෙම වුණේ නමක් ගමක් දන්නෑ කියලා පොලිසිය විසින් ආදාහනාගාරවල පුලුස්සා දැමූ අයගේ සැබෑ අනන්‍යතාවයන් ජස්වන්ත් විසින් අනාවරණය කරගත් නිසා. මළ මිනී මතින් සල්ලි හොයමින් පොලිසිය කරපු බිස්නස් එක ඔහු විසින් ලොවට හෙළිදරව් කරපු නිසා. ඒ අහිංසක ජීවිත වෙනුවෙන් පංජාබ් රජයට නොබියව අභියෝග කරමින් යුක්තිය ඉල්ලා සිටි නිසා.
මේක පංජාබය, ඉන්දියාව විතරක් නෙමේ මුලු ලෝකෙම දකින්න ඕන බයෝපික් එකක්. කිසිම සැකයක් නෑ, බොලිවුඩයෙන් හදපු නිර්භීතම සිනමා ප්‍රකාශනයක් තමයි මේක. ඒකනෙ ෆිල්ම් එකට මෙච්චර විරෝධතා එල්ල වුණෙත්. නිර්මාණකරුවන්ට සැලියුට් කරන්න ඕන මෙහෙම සිනමාත්මක අනාවරණයක් සිදුකළාට. එතකොට ජස්වන්ත් සිං ඛල්රා නම් සැබෑ මිනිසාගේ චරිතය නිරූපණය කළ රංගන ශිල්පී Diljit Dosanjh ට ත් යනවා ලොකුම ක්‍රෙඩිට් එකක්. අධ්‍යක්ෂක Honey Trehan විසින් චිත්‍රපටය රචනා කරනකොටත් ඔහුගේ මනසේ ඇඳිල තිබ්බේ Diljit ගෙ රුවම පමණයිලු. යම් හෙයකින් Diljit මේ චරිතය ප්‍රතික්ෂේප කළා නම් මේ චිත්‍රපටය නොකෙරෙන්නත් ඉඩ තිබුණාලු. Udta Punjab චිත්‍රපටයෙන් තමයි මාත් මුල්ම වරට ඔහුව හඳුනාගන්නේ. Amar Singh Chamkila (2024) බයෝපික් එකෙනුත් සනාථ කළ පරිදි වර්තමානයේ දි සුවිශේෂී පංජාබී චරිතයක් වෙනුවෙන් තිබෙන හොඳම තෝරාගැනීමත් ඔහුම තමා. මේ චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහුට ගෙවූ මුදල වෙන්නේ එකම එක රුපියලක් පමණයි කියන එකත් අපූරු කාරණාවක්. ඒ කියන්නෙ ඒ සා දැවැන්ත භූමිකාවක් නිරූපණය කිරීම වෙනුවෙන් ඔහු සත පහක් වත් අය කරල නැහැ. නියම සර්දාර් වරයෙක් විදිහට ඔහු කරල තියෙන්නෙ යුතුකමක් ඉෂ්ඨ කිරීමක්.
චිත්‍රපටයේ තවත් කැපී පෙනෙන රංගන ශිල්පියෙක් වෙනවා ජස්වන්ත් ගෙ අතුරුදන් වීම හෙවත් මහ දවල් පොලිසිය විසින් ඔහුව පැහැරගෙන යාම විමර්ශන කරන්නට දිල්ලියෙන් එන CBI නිලධාරියාගෙ භූමිකාව නිරූපණය කරන අර්ජුන් රාම්පාල්. කිසි හිරිකිතයක් නැතිව මහා ජන සංහාරයක් සිදු කරලා කිසි ගාණක් නැතුව ඉන්නා පොලිස් කණ්ඩායමකට එරෙහිව කටයුතු කරන නිලධාරියෙකුට තිබිය යුතු පෞරුෂය අර්ජුන් රාම්පාල් විසින් අපූරුවට ඉදිරිපත් කරනවා. හැබැයි මෙහි වීරයින් කැපී පෙනෙන්නේත් නරඹන්නාව සංවේදී කරවන්නේත් කම්පණයකට පත්වෙන්නේත් දුෂ්ඨ පාර්ශවයේ රඟපෑම් නිසාම බවත් අමතක කරන්න හොඳ නෑ. මේකෙ අපි දකිනවටත් වඩා තව දරුණු දේවල් ඇතුළත්ව තිබෙන්නට ඇති. වසර 3 ක් තිස්සේම රිලීස් වෙන්න පමා වෙනකොට ප්‍රදර්ශනය ට අවසර ලැබෙන්න බොහෝ සංස්කරණයන්ට ලක්වෙන්නට වෙනවාමයි. අනිවාර්යයෙන්ම සිනමා ශාලාවකම නැරඹිය යුතු එකක් වුණත් OTT රිලීස් කළාට පස්සෙ එතනිනුත් ගලවල දැම්මත් කොහොමින් හරි මේ වෙනකොට මිනිස්සු මේ අහස පොළව නුහුලන අපරාධයේ සැබෑම කතන්දරය ඩවුන්ලෝඩ් කර නරඹා අවසන්.
චිත්‍රපටවලින්ම දැක ඇති පරිදි පංජාබය යනු අභිමානයෙන් ජීවත්වන මිනිසුන් වෙසෙනා අභිමානවත් දේශයක්. මමත් වරක් සංචාරය කර ඇති නිසා යළිත් වරක් යන්නට ආස කරන සොඳුරු ගමනාන්තයක්. නමුත් Udta Punhjab වැනි චිත්‍රපටවලිනුත් කියනා පරිදි පංජාබයේ අඳුරු පැත්තත් ලොවට වසං කරන්න බෑ. විශේෂයෙන්ම එවැනි චිත්‍රපටවලට වාරණ පනවන එකම පංජාබයට කරන ලැජ්ජාවක්. මොකද තමන්ගෙම පංජාබි වැසියන් 25,000 ක් ම අනන්‍යතාවය හෙළිදරව් නොවූ මළ සිරුරු විදිහට සලකලා පුලුස්සා දැමීමේ සහගහන අපරාධය වෙනුවෙන් ඒ මිනිස් ජීවිත 25,000 ම අනන්‍යතාවයක් නැති මළසිරුරු බවට පත් කරවපු පොලිසියට එරෙහිව තමන්ගෙ ජීවිතේ පරදුවට තියල හඬ නැගුවේත් පාංජාබියෙක්ම තමයි. ඒ පංජාබියාගෙ වීරක්‍රියාව චිත්‍රපටයකින් ලෝකෙට කියන්න කටයුතු කරන්නේත් පංජාබීන්ම තමයි. අනිවාර්යයෙන්ම නැරඹිය යුතුමයි.
-ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් – The Cinema People හි තැබූ සටහනකි.
K.A Raveen
K.A Raveen Translator
5 Movies
189 TV Series
194 Total
SubzLK වෙනුවෙන් K.A Raveen කළ උපසිරැසි නිර්මාණයකි.
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
126 වාරයක්
Discussion (1)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 150
    2026-07-19

    good be back raveen !!!!!

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 710
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 194
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved