The Box (2021) Sinhala Subtitle
ආයුබෝවන් යාලුවනේ!!ඉස්සෙල්ලම කියන්න ඕන මේ මගෙ පලවෙනි උපසිරැසිකරණය. ඒ නිසා වැරැද්දක් තියේ නම් ඔන්න මුලින්ම සමාව ඉල්ලනවා.මගේ මුල්ම උපසිරැසිකරණයෙන් ගෙනාවේ මේ අවුරුද්දේම මාර්තු මාසෙ තිරගත වුණු චිත්‍රපටයක්.
මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ චන්යොල්. ඉතින් EXO-L ලා නම් මේ චිත්‍රපටය එනකම්මනෙ මඟ බලන් හිටියේ. මේ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් තිබ්බේ නැති නිසා අපේ ඒ මඟ බලන් හිටපු EXO-L ලා වෙනුවෙනුත් අනිත් අය වෙනුවෙන්නුත් මේ චිත්‍රපටයට උපසිරැසියක් හැදුවා
කතාව පැත්තට ගියොත් ජී හූන් කියන්නෙ සංගීතයට උපන් හැකියාවක් තියන ඒත් මිනිස්සු ඉස්සරහා සිංදු කියන්න බැරි තරුණයෙක්. මින් සූ කියන්නේ ප්‍රසිද්ධ ගායිකාවකගෙ නිෂ්පාදකයෙක් වෙලා ඉඳලා එලවපු කෙනෙක්. මේ මින් සූ අර ගායිකාවට පාඩමක් උගන්වන්න එයාට වැඩිය දක්ෂ කෙනෙක්ව හොයන කොට ජී හූන්ව හම්බවෙනවා. ඒත් ජී හූන්ට මිනිස්සු ඉස්සරහා සිංදු කියන්න බැරි නිසා එයාට පෙට්ටියක් ඇතුළෙ ඉඳන් සිංදු කියන්න කියලා මින්සූ යෝජනා කරනවා. ඉතින් මෙන්න මේ දෙන්නගේ මේ කතාව තමයි මේ චිත්‍රපටිය පුරාම දිග ඇරෙන්නෙ. රොමෑන්ස් මුකුත් නැති වුණාට මේක ලස්සන කතාවක්.

මම මුලින් කිව්වා වගේ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ජී හූන්ගෙ චරිතය නිරූපණය කරන්නෙ දකුණු කොරියානු ප්‍රධානම බෑන්ඩ් එකක් වෙන EXO හි ප්‍රධාන රැප් ගායක චන්යොල්. . මින් සූගෙ චරිතය නිරූපණය කරන්නෙ දකුණු කොරියානු නළුවෙක් වන ජෝ දල් හ්වානග්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yang Jeong-woong විසින්.
මට මේ උපසිරැසිය කරන්න ඉඩ දුන්නු Subz.lk site එකට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම වැඩි කතා නැතුව මෙතනින් නවතිනවා. ඔයාලම කතාව බලලා ඉන්නකෝ….ගෙදරට වෙලා පරිස්සමට ඉන්න කියලම මම නවතින්නම්. බුදු සරණයි!!!
මන් ඔයාගෙ සබ් එක බැලුවා. සුපිරි සිස්. weldone! සමහර සයිට් වල එකසිය ගණන් සබ් කරපු අයගෙ ඒවටත් වැඩිය අති ඉහලයි. කියන්න දෙයක් නෑ. හරි නම් එයාලත් මේ අලුත් සහෝදරිය ආදර්ශෙට ගන්න ඕනෙ. සමහර ලයින් දිග වැඩියි. බලනකොට පොඩ්ඩක් අවුල් වෙන්න පුලුවන්. ඒව කඩල ලයින් දෙකකට දාන්න. පළමු සබ් එකට සුබ පැතුම් එක් කරන ගමන් තව සුපිරි ෆිල්ම් ටිකක් අපිට අරන් එන්න ඉඩහසර ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. We are waiting…!
ගොඩාරියක් ස්තූතියි :blush::blush:
සාදරයෙන් පිළිගන්නවා සයිට් එකට. ඇත්තටම Subz Lk එක තෝරගත්තු එක ගැන හුඟක් සතුටුයි. පළවෙනි උපසිරැසියට මගෙන් සුබපැතුම්.:tada::balloon: දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි :blush::blush:
ඔය k-pop ගැනනං මගේ වැඩිය කැමැත්තක් නෑ.මොකද අපි සාමාන්ය සින්දු රස විඳින විදිහට නෙවෙයි කේ-පොප් ෆෑන්ස්ලා සින්දු රස විඳින්නෙ..එයාල කෙලින පිස්සුව දැක්කහම අපිට මුලු කොරියාවම එපාවෙන සීන් එකක් තියෙන්නෙ..මොනවා උනත් k-movies කියන්නනං වෙනම ලෝකයක්..parasite ෆිල්ම් එකෙන් පටං ගත්ත මේ ගමන අද වෙද්දි ෆිල්ම් 100ක් විතර කිට්ටු කරල ඇති..කොරියන් ෆිල්ම් වල රස දන්නෝ දනිති..මියුසික් කැටගරියෙ නිසා මේ ෆිල්ම් එකෙත් කියන්න තරං වරදක් නං නෑ..එව්නාට සබ් එකනං ගින්දර හොඳේ..පට්ට පට පට.නියමෙටම තිබ්බා..අතහරින් නැතුව දිගටම සබ් දෙමු..ඒ වගේම සබ් එකට ගොඩක් ස්තූතියි සිස්..ජය…
ගොඩක් ස්තුතියි.ඒ කතාව නම් ඇත්ත සහෝ.ඒ ලංකාවෙ සමහර අයගෙ හැටි.ඒත් හැමෝම එහෙම නෑ.K pop සිංදුත් ලස්සනයි.Films ලස්සනයි කියපු එකට මාත් එකඟයි.:blush::blush:
තෑන්ක්ස් සබ් එකට සුබ පතනවා පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න
ගොඩක් ස්තුතියි:blush::blush:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ගොඩක් ස්තුතියි :blush::blush:
පළමු උපසිරැසියට සුබ පැතුම්!
:thumbsup::thumbsup::thumbsup:
ගොඩක් ස්තුතියි :blush::blush:
පළමු උපසිරැසියට සුභ පැතුම් සිස්:grin: සබ් එකටත් ගොඩාක් ස්තූතියි!පුළුවන්නම් කොරියන් ඩ්‍රාමා එකකටත් සබ් දෙන්න උත්සහ කරන්න පුළුවන්ද:grinning:?
ගොඩක් ස්තුතියි.. මං උත්සාහ කරන්නම් :blush::blush:
පුළුවන්නම් Shades Of The Heart කොරියන් movie එකට සබ් දෙන්න පුළුවන්ද?
කවුරුත් බාරගෙන නැත්තම් මං හදන්නම්:blush::blush:
මටත් ආසයි ෆිල්ම් එහෙක සබ්ටයිටල්ස් හදන්න එත් කොහොමද කියල දන්නෙ නෑ.කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද මේකෙ.එකට ඕන සොව්ට්වෙයා මොනවද????
මම නම් subtitle edit කියන එකෙන් subtitle හැදුවේ. මං හිතන්නේ ඒක windows වලට තියන එකක්. ඒකෙන් ලේසියෙන්ම සබ් හදන්න පුළුවන්:blush:
බොහෝම ස්තූතියි සබ් එකට