The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle
Lily Banda, Noma Dumezweni, Chiwetel Ejiofor, Joseph Marcell
ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැම දෙනෙක්ටම. අද තවත් අපූරු චිත්‍රපටයක් ඔබ හමුවට අරගෙනයි මේ එන්නෙ. අනුවේදනීය නමුත් සිත ඇත්නම් පත කුඩාද යන කියමන සැබෑවක් කල දරුවකුගේ සත්‍ය කතාවක් පදනම් කරගෙන සැකසුනු The Boy Who Harnessed the Wind (2019) චිත්‍රපටයේ උපසිරැසියයි මේ. චිත්‍රපටය පැත්තට යන්න කලින් අපිට අඳුගන්න වෙනව අන්න ඒ කිව්ව දරුවාව , ඔහු මේ විස්කම කරන්නේ කුඩා කාලයේදි වුණත් අද ඔහු වයස අවුරුදු 31ක තරුණයෙක්. කවුද මේ? ඔහු තමයි විලියම් කම්ක්වම්බා..
![]()
විලියම් කම්ක්වම්බා 2005 වසරේ TED සමුළුව අමතමින්
අප්‍රිකානු කලාපයේ දිළිඳු රටක් වන මලාවි රාජ්‍යයේදී උපන් විලියම් කම්ක්වම්බාගේ දෙමාපියන් හේන් ගොවිතැනින් ජීවත්වන අය. ඔහුට තව වැඩිමල් සහෝදරියකුත් සිටිනවා. කෙතරම් දරිද්‍රතාවයෙන් පෙළුනත් විලියම්ගේ පියා ට්‍රයිවෙල් කම්ක්වම්බාගේත් මව ඇග්නස් කම්ක්වම්බාගේත් එකම අධිෂ්ඨානය තම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම. නමුත් බොහෝ අප්‍රිකානු රටවල් සේම කුරිරු කාලගුණයෙන්ද දූෂිත දේශපාලුවන්ගෙන්ද දැඩිලෙස බැටකන රටක උපන් ඔවුන්ට මේ දේවල් කරගෙන යාම ඒතරම් පහසු වෙන්නෙ නෑ. හේන් ගොවිතැන ප්‍රධාන ආදායම වෙන රටක පසත් දුම්කොළ වගාවෙන්ද, වන විනාශයෙන්ද නිසරුවී ගිය ගල් බොරළු ගොඩක් වීමද නිසි කලට වැස්ස නොලැබීමද එකතුවෙලා මේ කම්ක්වම්බා පවුලේත් ජීවිත දැඩි අසීරු අඩියකට ඇද දමනවා..ඒත් දැඩි අධිෂ්ටානශීලී දරුවෙකු වෙන විලියම් මේ දුක් ගැහැට ඇතුලෙන් සොයනවා වසර පුරා වගා කල හැකි ක්‍රමයක් , ඒ වගේම ඔහු එය සාර්ථකත් කරගන්නවා අවසානයේදී, ඒ මුළු ගමකටම සෙත සලසමින්. ඔබට ඒ කතාව චිත්‍රපටය තුලින් නැරඹිය හැකි නිසා මම මීට වඩා ඒ සම්බන්ධව කියන්නෙ නෑ. කෙසේ හෝ අවසානයේ ඔහු ලේඛක බ්‍රයන් මීලර් හා එක්ව තම ජයග්‍රහණය කෘතියකට පෙරලනවා The Boy Who Harnessed the Wind නමින්, ඒ 2009 වසරේදී. එය තමයි මේ NETFLIX වෙතින් සිනමාපටයක්ව ඔබ වෙතට එන්නේ

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නයිජීරියානු-බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ නළු Chiwetel Ejiofor විසින්. පෙරකී පොත ඇසුරින් තිරරචනයත් ඔහුගේමයි. මේ වනවිට Imdb වෙතින් 7.6 ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 86% වශයෙනුත් දැවැන්ත අගයන් දිනා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ : Chiwetel Ejiofor (ට්‍රයිවෙල් කම්ක්වම්බා) , Maxwell Simba ( විලියම් කම්ක්වම්බා), Lily Banda (ඇනී කම්ක්වම්බා), Aïssa Maïga ( ඇග්නස් කම්ක්වම්බා), Raymond Ofula ( විදුහල්පති ඔෆෙසි), Philbert Falakeza (ගිල්බට් විම්බේ), Lemogang Tsipa ( මයික් කිචිගුන්ඩා) ඇතුළු පිරිසක්. එහෙනම් අනිවාර්යයෙන්ම නරඹන්න මේ චිත්‍රපටය. මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.
කැමති අය ගොඩවැදිලා බලන්න මේ විලියම් කම්ක්වම්බාගේ නිල වෙබ් අඩවිය
මේ ඔහු 2007 වසරේ TED ග්ලෝබල් සමුළුවේ කල කතාව
“Where the world sees trash, Africa recycles. Where the world see junk, Africa sees rebirth.” – William Kamkwamba-
අන්තර්ජාලයේ ඇති WEB-RIP පිටපත් සඳහාද උපසිරැසිය ගැලපේ
Thanks school sub ekata
thanks machan…..
උපසිරැසිය වෙනුවන් ස්තුතියි..
සත්‍ය කතා බලද්දි අමුතු ගැම්මක් තියෙනවා මේක අැත්තටම සිද්ධවුනු දෙයක් නේද කියලා. කතාව බලලා අන්තිමට ඇත්ත පොටෝ දකිද්දිත් මරු.. 👍
ජයවේවා…!
දිගටම උපසිරැසි දෙන්න…
ඩ්‍රාම නෙද… එක නම් පට්ට වගේ රේටින් වලින්ම කිව්ව හැකි .බොහොම ස්තුතියි සහෝ මෙවගෙ මුවී උපසිරස දාලා public කරනවට
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Request :
Paskal 2018
Happy.Death.Day.2U.2019.720p.HC.HDRip
උපසිරසට බොහොම ස්තූතියි සහෝ… මේවගේ මූවි වලට සබ් දෙන එකනන් ගොඩක් වටිනවා.දිගටම කරගෙන යමු ජය !
පුලුවන් කමක් තියේ නන් The Favourite (2018) මේකටත් සබ් දෙන්න…
උපසිරසට බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ..දිගටම කරගෙන යමු
Capernaum (2018) 720p BluRay
මේ ෆිල්ම් එකටත් ඔයාගෙන්ම උපසිරැසියක් බලාපොරොත්තු වෙනව
Meka sabtitel eka nm thiyanawa 😁
එහෙනම් තේරුමක් නෑ, නේද, මිතුන්?
Triple Threat
2019 හොද ඇක්ටින් මුවි එකකුත් ආව ඔන්න
මට නම් මෙ මුවි එක ගැන කියන්න වචන නැ. අදයි බැලුවෙ.. මොනතරම් ලස්සන කතාවක්ද … මාරම අසාවෙන් මෙක රසවින්දෙ.ගොඩක් ස්තුතියි සහෝ. ඔයාගෙ උපසිරස ගැන්විම ලස්සනයි . එ වගෙම ස්තුතියි මේවගෙ ලස්සන ,සුපිරි ,අරුතක් තියෙන මුවි එකකට සබ් දැම්මට…❤
බොහොම ස්තූතියි, මිතුන් 🙂 ඇත්තටම කොච්චර ප්‍රශ්ණ තිබුණත්, අපි මේ කොච්චර වාසනාවන්ත රටකද ජීවත්වෙන්නෙ කියල තේරෙන්නෙ මේ වගේ ෆිල්ම් දැක්කම.
අනිවාර්යයෙන්ම මටත් එක හිතුන අපි මේ කොච්චර දෙවල් ලග තියම්ද තවත් සමහර දෙවල් ගැන වද වෙන්නෙ කියල . මෙ මිනිස්සු කැම ටික කන්න මොන තරම් දුකක් විදිනවද .එ අතින් අපි වසනාවන්තයි.
( ඇයි මෙවගෙ ලස්සන චිත්‍රපට ගොඩක් අය බලන් නැත්තෙ.ලොකු අපරාධයක් මෙවගෙ ෆිල්ම් මග හරින එක
මන් අපේ වැඩපොලේ දෙන්නෙක් තුන්දෙනෙක්ටත් මෙක දල දුන්න. එයාලත් කිව්ව මෙක සුපිරි කියල .ඔයාගෙ සබ් එක්කම දැම්මෙ ඔන්න😍
මේ වගේ ෆිල්ම් බලන්නෙ ඉතාම සීමිත පිරිසක් කියල දැනගෙනමයි, මිතුන්, මේවට සබ් කරන්නෙ. රටේ පාලකයන්ගෙ ඉඳන් මාධ්‍ය දක්වා කාටවත්ම තමන්ගෙ බඩගෝස්තරේ මිසක් මිනිස්සුන්ගෙ රසවින්දනේ හදන්න වුවමනාවක් නෑ, අපිම දැනගන්න ඕනෙ ඒක හදාගන්න. ඒකට උත්සාහ කරන ඔයා වගේ කීපදෙනෙක් වෙනුවෙන් තමයි මේ මහන්සි වෙන්නෙ. ඒ වගේම මෙහෙම නිර්මාණ තමන් බලල අනිත් අයටත් දෙන එක ලොකු දෙයක්. ඒකට මගේ ආචාරය 🙂