The Conjuring: Last Rites (2025) Sinhala Subtitle
මේ කතාව දිව යන්නේ එඩ් සහ ලොරේන් වොරන් යුවළගේ ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක සහ බිහිසුණු අවසාන අත්දැකීම වටායි.
වොරන් යුවළට තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ඔවුන් වෙන් කර තබා ගත් සාපලත් භාණ්ඩ ගබඩාව (Artifact Room) පවා අන්තරායකට ලක්වන බව වැටහෙනවා. ඔවුන් මීට කලකට පෙර මුහුණ දුන් අත්දැකීමක් නැවත කරළියට පැමිණෙන්නේ, ඔවුන්ගේ දියණිය වන ජූඩි වටා ගොඩනැගෙන අද්භූත බලපෑම් හේතුවෙනි.
මීට වසර ගණනාවකට පෙර, තරුණ වියේදී වොරන් යුවළ මුලින්ම මුහුණ දුන් භයානකම භූතයා නැවතත් ක්‍රියාත්මක වේ. එදා ඔවුන් එම භූත බලවේගය හමුවේ පසුබැස ගියද, මෙවර එය ඔවුන්ගේ නිවසටම සහ ආදරණීයයන්ට තර්ජනයක් වෙමින් පැමිණේ. වොරන් යුවළට තේරුම් යනවා, තමන් අතින් එදා සිදුවූ අතපසු වීම් හෝ ඔවුන් ඉතිරි කළ “යමක්” නිසා මෙම භූතයා තවමත් ඔවුන් පසුපස එන බව.
කතාවේ උණුසුම්ම කොටසේදී, ඔවුන්ට සිදුවනවා තමන්ගේ පෞද්ගලික ලෝකය සහ ඔවුන්ගේ දියණියව බේරා ගැනීමට නම්, තමන් මෙතෙක් කල් භය වී පැන ගිය එම භූතයා සමඟ අවසන් සටනක නිරත වීමට. ඔවුන්ගේ නිවසේ අට්ටාලයේ සිදුවන මෙම අරගලය ඉතාමත් සංවේදී සහ බිහිසුණු එකක්. එඩ් සහ ලොරේන් එකිනෙකාගේ සහයෝගයෙන්, තම ආත්ම ශක්තිය පාවිච්චි කරමින් සාතන්ගේ බලවේගවලට එරෙහිව සටන් වදිනවා.
තම ආදරණීයයන් බේරා ගැනීම සඳහා ඔවුන් අන්තිම මොහොත දක්වා සටන් කරන්නේ, මෙය තම ජීවිතයේ අවසාන පරීක්ෂණය බව දැන දැනමයි. ලොරේන්ගේ පෙනීමේ හැකියාව (Clairvoyance) සහ එඩ්ගේ දේවධර්මීය දැනුම මගින් අවසානයේ ඔවුන් එම භූතයා සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට සමත් වේ.
කතාව අවසන් වන්නේ, වොරන් යුවළ වසර ගණනාවක් තිස්සේ තමන්ව හොල්මන් කළ එම අන්ධකාරයෙන් නිදහස් වී, තම පවුලේ සාමය යළි ස්ථාපිත කර ගැනීමෙනි. නමුත්, එම බිහිසුණු අත්දැකීම් ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් කර දමයි.