The Dark Tower (2017) Sinhala Subtitle
අදත් වෙනදවගේම ආයුබෝවන් කියල පිලිගන්නවා හැමදෙනෙක්වම.අදත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් තමයි ඕගොල්ලන් හමුවට අරගෙන එන්නෙ.නමින් The Dark Tower (2017) නොහොත් අද්භූත කුළුණ.IMDB වෙතින් 5.9ක අගයකුත් Rotten Tomatoesලගෙන් 16%ක අගයක් සහ ගූගල් පරිශීලකයින් 75%කගේ කැමැත්තත් දිනාගත්ත මේ චිත්‍රපටය ස්ටීෆන් කිං (Stephen King) ලේඛකයාගේ මේ නමින්ම වූ පොත් මාලාවක් ඇසුරෙන් කල නිර්මාණයක්.අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ නිකොලාජ් ආසල් (Nikolaj Arcel).රංගනයෙන් දායක වෙන්නෙ Idris Elba (රෝලන්ඩ් ඩිෂේන්), Matthew McConaughey (කළුකබාකරු/ වෝල්ටර් පැඩික්), Tom Taylor (ජේක් චේම්බර්ස්) වගේ නළුනිලි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…
මේක විශ්වයේ පිහිටි සමාන්තර ලෝක දෙකක් කතාවක්.එයින් එකක් අපි වාසය කරන පෘතුවිය (Keystone Earth) අනිත් එක මැදි ලෝකය (Mid- World).විශ්වය එයින් පිටත ඇති දුෂ්ඨ බලවේගවලින් ආරක්ෂා කරන්නේ එහි මධ්‍යයේ පිහිටි අද්භූත කුළුණ නම්වූ කුළුණකින්.බලවත් චිත්ත ශක්තියක් ඇති දරුවෙකුට මේ කුළුණ බිඳ දැමීමට හැකි බවයි ප්‍රවාදයේ පවතින්නේ.ඒ ක්‍රමයම යොදාගෙන කුළුණ බිඳ දැමීමට තැත් කරනවා වෝල්ටර් පැඩික් නොහොත් කළුකබාකරු නම් මන්ත්‍රකරුවෙක්.ඔහු විශ්වය පුරා සිටින චිත්ත ශක්තීන් ඇති දරුවන් සොරාගනිමින් කුළුණට ප්‍රහාර එල්ල කරනවා.මැදි ලෝකයේ සිදුවන මේ ප්‍රහාරවල බලපෑම පෘතුවියටත් දැනෙනවා භූමිකම්පාවන් ලෙසින්.ජේක් චේම්බර්ස්, ඇමරිකාවේ නිව්යෝක්වල ඉන්න කුඩා දරුවෙක්.ඔහුට මේ සිදුවීම් දාමය නිතරම සිහිනෙන් පෙනෙනවා.ඒ විතරක් නෙමෙයි ඔහු ඒවා සිතුවම්ද කරනවා.නමුත් ඔහුගේ මේ කතාව දෙමව්පියන් දකින්නේ වෙනස් විදියකට.ඔය අතර වෙන සිදුවීම් නිසා ජේක්ට සිදුවෙනවා මේ මැදි ලෝකයට යන්න. එහේදි ඔහුට හමුවෙනවා මේ කුළුණට සම්බන්ධයක් ඇති තවත් කෙනෙක්.බලන්නකො ඒ කවුද, ජේක්ට කුළුණ බේරගන්න පුළුවන් වෙයිද කියල.එහෙනම් මම ගිහින් එන්නම්.ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
විශේෂයි
මැදි ලෝකය :- මේ ස්ටීෆන් කිං විසින් සකසපු ප්‍රබන්ධමය ලෝකයක්. මේක සම්පූර්ණ කොටස් තුනකට බෙදෙනවා In-World, Mid- World, End- World විදියට.මෙතනින් අද්භූත කුළුණ තියෙන්නෙ මේ අවසානෙට කිව්ව End- World එකේ.ඒ වගේම අද්භූත කුළුණ රැඳී තියෙන්නෙ පාදම් කණු හයකින්ලු.
ගිලියාඩ් (Gilead) :- මේ ප්‍රදේශය තියෙන්නෙ In-World එකේ.රෝලන්ඩ් ඩිෂේන් (වෙඩික්කරු) මෙහේ කෙනෙක්.ඒ වගේම ඔහු එහි පාලකයාව සිටි එල්ඩ්හි ආතර්ගෙන් පැවත එන කෙනෙක්.මේ එල්ඩ්වරු තමයිලු අද්භූත කුළුණේ ආරක්ෂකයින්.
මේක මීට වඩා ටිකක් සංකීර්ණයි.ෆිල්ම් එකට අවශ්‍යයි කියල හිතුණ ටික විතරක් තෝරල දැම්මෙ.විස්තර ටික ගත්තෙ අන්තර්ජාලයෙන්.මොනවම හෝ වැරැද්දක් හෝ තව එකතු කරන්න දෙයක් තියනම් කමෙන්ට් එකකින් නිවැරදි කරන්න.
Spoiler Warning : Roland Deschain (Idris Elba), the last Gunslinger, is locked in an eternal battle with Walter O’Dim (Matthew McConaughey), also known as the Man in Black. The Gunslinger must prevent the Man in Black from toppling the Dark Tower, the key that holds the universe together. With the fate of worlds at stake, two men collide in the ultimate battle between good and evil…
සුපිරිම ෆිල්ම් එකක් තමා ආයෙ….
උපසිරැසියටතුති සහෝ…
ඔබට ජය….
බොහොම ස්තූතියි, පසිඳු 🙂 මටනම් ෆිල්ම් එක වැඩිය හිතට ඇල්ලුවෙ නෑ හැබැයි.
ඔව් ප්‍රාණවත් බවනම් අඩුයි අන්තර්ගතයෙ,ඒත් ප්‍රසිද්ධියෙ කියන එක හරි නෑනේ??
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ඔන්න download වෙන්න දැම්මා
ජය වේවා!
බොහොම ස්තූතියි, මධූෂ 🙂
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි,KANTHA 🙂
elama saho thanks
Thanks, Asitha 🙂
supiri
බොහොම ස්තූතියි, ලහිරු 🙂
Thax machan????
Thanks, Kalpa 🙂
Good work bro.thanks
මේකේ විඩියෝ පිටපත ගන්නේ කොහොමද