The Room (2019) Sinhala Subtitle

December 21, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.අද මන් ඔයාලා හැමෝටම Horror චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා.ඉතින් කෙලින්ම කතාව දිහාවට හැරෙමු.

2019 සැප්තැම්බර් මස 19 දින රුසියාවේ මුල්වරට නිකුත් වුණ මේ චිත්‍රපටය ලබාගත් මනාප අතර IMDb අගය 6/10 ක් ලෙසද Film affinity අගය 5.5/10 ලෙසද Letter boxd අගය 2.7/5 ලෙසින් ලබාගෙන ඇත.එසේම ගූගල් පරිශීලකයින් 79%කගේ ප්‍රසාධය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.Christian Volckman ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටයට Olga Kurylenko(කේට්), Kevin Janssens(මැට්), Francis Chapman(ෂේන්) වැනි අය රංගනයෙන් දායක වී ඇත.

නමුත් මගේ මතයට අනුව නම් මේ චිත්‍රපටය සුපිරියක් කියලා නම් කියන්න බෑ.මොකද මේ චිත්‍රපටය මීට පෙර නිකුත් වුණු චිත්‍රපට කිහිපයක් යම් සිද්ධිදාමයන් මුල් කරගෙන නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙස තමා මට හිතෙන්නේ.ඒක ඔයාලට කතාව බලද්දි තේරෙන්නත් පුළුවන්.ඒවුණාට මන් එයින් කිහිපයක් ඔයාලට පෙන්නන්නම්.මේ කතාව ආරම්භය සිදුවෙන්නේ එක ජෝඩුවක් අලුතෙන් ගෙදරක පදිංචි වෙන සිද්ධියකින්.ඉතින් ඒ ගෙදර පරණ තාලෙට හදලා තියෙන නිසා කොහොමත් Horror චිත්‍රපටයක හැටියට ඒ ගෙදර හොල්මන් ගෙයක් කියලා කොහොමත් අපිට හිතෙනෝ.හැබැයි අධ්‍යක්ෂකවරයා අපේ හිත වෙනස් කරන්න මුලු කතාවම එක කාමරයක් වටා ගොතලා තියෙනෝ.ඒ නිසාම තමා කතාව The Room කියලා නම් කරලා තියෙන්නේ.නමුත් ආරම්භයේදි මේ කාමරය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මැට් විසින් සොයා ගන්න ආකාරය දැක්කම මට මතක් වුණේ The Ring කතාව.පහත රූපය දුටුවම ඒ ගැන අදහසක් එනවා.

rev

නමුත් කතාවේ පරිදි මේ කාමරයෙන් අපි සිතන පතන සෑම දෙයක්ම ඉටු කරනවා.නමුත් ඒ සෑම දෙයක්ම පිටත් එළියට දිස් වීමෙන් දූවිල්ලක් බවට පත්වෙනවා.නමුත්ඒ කාමරයෙන් යමක් ඉල්ලපු තැනැත්තා මිය ගිය විට ඒ කාමරයෙන් ලබා දීපු දෙය ලෝකයේ එක් කොටසක් බවට පත් වෙනවා.ඒත් මට මේ සිද්ධි දාමය දකිද්දී මතක් වෙන්නේ Pet cemetery කතාව.මොකද Pet cemetery කතාවෙදී සුසාන භූමියේ මළමිණියක් වළදැමීමෙන් ඒ මළමිණියට පණ එනවා වගේ දෙයක් තමා මෙතනදී මට දැනෙන්නේ.ඒවගේම කතාව අවසානයෙ එක් සිද්ධියක් තියෙනවා මේ මෑතකදී නිකුත් වුණ In the Tall Grass චිත්‍රපටයට සමානකමක් දක්වන සිද්ධියක්.ඒත් මේ චිත්‍රපටය Pet cemetery, In the Tall Grass වගේ දැවැන්ත චිත්‍රපටයක් කියලා නම් කොහෙත්ම කියන්න අමාරුයි.නමුත් කතාව බලන අයව ගාණට thriller එකකින් කතාව ඉදිරියට දිවයවන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.

ඉතින් තව මුකුත් කියන්නේ නෑ,චිත්‍රපටය නරඹලා ඔයාගේ අදහසුත් පල්ලෙහා comment section එකේ ලියන් යන්න කියලා ඉල්ලන ගමන් මන් මගේ කතාව මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්.

Available Torrents
720p bluray 911.57 MB
1080p bluray 1.83 GB
720p web 878.58 MB
1080p web 1.55 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (6)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ලිපිය කියෙව්වම නිකන් The Lost Room කියන mini series එක වගෙත් දැනුනා.. බලමුකො ඒ වගේ තේමාවක්ද කියල මේකත් film එක බලලම 😳..
    ජය වේවා.!

    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5

      Thanks ……………good luck ………………

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Nimantha Unregistered
    iOS 11.4 UC Browser 11.3

    ස්තුතියි සහෝ…

  • Malith Unregistered
    Windows 7 Chrome 69

    thanks mchan

  • Lakshansilva18 Unregistered
    Android 5.1 Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    The house that jack built (2018)
    My friend dahmer (2017)
    Extremely Wicked, Shockingly Evil and Vile (2018)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    In the name of the father (1993)
    Michael Collins (1996)
    Big fish (2003)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search