Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Wonder Woman 1984 (2020) Sinhala…

Wonder Woman 1984 (2020) Sinhala Subtitle

December 28, 2020 Junior Admin

 

ආයුබෝවන් Subzlk හිතමිතුරන් සියලුම දෙනාට. මාස කීපයක දිගු නිහැඬියාවකින් පසුව අද මේ එන්නෙ ඔබ මේ වසරේ එනතෙක් මග බලා සිටි DC කොමික්ස්හි Wonder Woman 1984 (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියද සමගයි. චිත්‍රපටයේ විස්තර වෙත පිවිසෙන්නට පෙර කියන්නට ඕනෙ ඔබට නොකියාම ලබාගත් දිගු නිහැඬියාව පිලිබඳව සමාවන ලෙස. එය මා කැමැත්තකින් ගත් විවේකයක් නොවන අතර, කාර්යබහුලත්වය, දිගු කලක් එක දිගට උපසිරැසිකරණයේ නිරතවීමේ වෙහෙස, එයට ඇති උනන්දුව හීනවීයාම යනාදී හේතු නිසා නිරායාසයෙන්ම ගත් තීරණයක්. කෙසේ වෙතත් අපේ දමිත් සහෝදරයා පසුගිය දිනෙක මාගේ 350වන උපසිරැසිය ලෙස මෙම චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්නැයි කල සොඳුරු ආඥාව හේතුවෙන් මම තීරණය කලා මෙයට උපසිරැසි ලබාදෙන්න. එසේම බොහෝවිට තවත් උපසිරැසි කීපයක් ලඟ ලඟම ඔබට ලබාදෙන්නටත් අදහසක් තියනවා ඒ ලද නව ජවයත් සමග. නිහැඬියාව සමයේ සුව දුක් විමසූ අයට ස්තූතිය පලකරන්නත් (විශේෂයෙන්ම දමිත්ට සහ හෂාන්ට) මෙය අවස්ථාවක් කරගන්නවා. එසේම අඩවිය ආරම්භයේ සිට අප හා රැඳී සිටිමින් අපිට දිරිදුන් ප්‍රේක්ෂක ඔබ සැමටත්, තිරය පිටුපස සිට අඩවිය වෙනුවෙන්ද උපසිරැසිකරුවන්ගේ පහසුව වෙනුවෙන්ද දැඩි වෙහෙසක් ගන්නා දමිත් ප්‍රියංකර සහෝදරයා ඇතුළු සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තූතිය මෙයින් පලකර සිටිනවා. එහෙනම් මගේ විස්තර සහිත දිගු ලිපියකින් ඔබව වෙහෙස නොකර මම චිත්‍රපටයේ වගතුග වෙත පිවිසෙන්නම්. ඔබත් උපසිරැසිකරණයට ලැදි අයෙක්නම් Subzlk වෙත එකතුවී එහි ඇති සුවිශේෂී පහසුකම් සියල්ල අත්විඳින ලෙසත් ආරාධනා කර සිටිනවා.

_______________________________________________________________

මාවල් සිනමා විශ්වයේ සිනමා නියඟය අතරමැද සිටින කොමික්ස් රසිකයන් බොහෝ දෙනෙක් මේ වසරේ මග බලාගෙන සිටියා ප්‍රධාන වශයෙන්ම DC කොමික්ස්හි වොන්ඩර් වුමන් නිකුත්වන තෙක්, එහෙත් වර්තමාන ගෝලීය කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ උඩු යටිකුරුවූ ලෝක ක්‍රමයට මැදිවූ සියල්ලක් මෙන්ම, සිනමාවටද උදාවූයේ ඉතා අයහපත් කාලයක්. පවත්නා තත්වය හමුවේ කීපවරක්ම කල්යාමෙන් පසුව, ගැල් ගැඩොට්ට හැකියාව ලැබෙනවා වොන්ඩර් වුමන් ලෙස මේ වසරේ නත්තල් දින ඇමරිකාව තුල විකාශය වන්නට, ඒ HBOmax වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සේවය හරහා, අමතර ගාස්තු අයකිරීමකින් තොරව. Wonder woman (2017) මෙන්ම මෙවර චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරන්නේ පැටී ජෙන්කින්ස්මයි. මේ වනවිට IMDB වෙතින් 5.7ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 65%ක අගයක්ද, මෙටා ක්‍රිටික් වෙතින් 59%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 71%ක්ද ලබාගෙන තිබෙන මේ DC දිගුකල සිනමා විශ්වයේ නමවන චිත්‍රපටයේ නිෂ්පාදයකයන් වන්නේ ගැල් ගැඩොට්, පැටී ජෙන්කින්ස්, සැක් ස්නයිඩර් හා ඩෙබෝරා ස්නයිඩර් යුවල, ජෙෆ් ජෝන්ස්, චාල්ස් රෝවන්, ස්ටීෆන් ජෝන්ස් යන අයයි. සංගීත සංකලනය සුප්‍රකට ජර්මන් සංගීත සංයෝජක හාන්ස් සිමර්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ගැල් ගැඩොට් (ඩයනා ප්‍රින්ස්), ක්‍රිස් පයින් (ස්ටීව් ට්‍රෙවර්), ක්‍රිස්ටින් වීග් ( බාබරා මිනර්වා), පෙඩ්‍රෝ පැස්කල් (මැක්ස්වෙල් ලෝඩ්), රොබින් රයිට් (ඇන්ටියොප්),ලිලී ඇස්පල් (ලාබාල ඩයනා), අමර් වකද්( එමීර් සයීඩ් බින් අබිදෝස්), රවී පටෙල් (බාබාජීද්), ලුෂියන් පෙරෙස් (ඇලෙස්ටෙයාර්), ගේබ්‍රියෙලා වයිල්ඩ් (රැකෙල්) ඇතුළු නළු නිලි කැලක්.

මුල් Wonder Woman චිත්‍රපටය නිකුත්වූවේ 2017 වසරේදී නිසාත්, මේ වනවිට වසර තුනක් ගෙවී ඇති නිසාත්, මුලින්ම මදක් මතක් කරගමු අපි එය සැකෙවින් : ඔබ එය නරඹා නැත්නම් මින් ඉදිරියට ලිපිය කියවීම රසවින්දනයට බාධාවක් විය හැකියි.

WONDER WOMAN (2017)

වර්තමානය, පැරීසිය

ඩයනා ප්‍රින්ස්හට පළමු ලෝක යුද්ධය සමයේ ගත් ඇයත් තවත් මිනිසුන් හතර දෙනෙක්ගේත් ඡායාරූප ප්ලේටයක් ලැබෙනවා වේන් එන්ටප්‍රයිසස් වෙතින්, ඒ බෲස් වේන්ගේ ලියමනක්ද සමග. එයින් ඇයට තම අතීතය සිහිවෙනවා.

එම ඡායාරූපය

හිපොලිටා රැජිණගේ දියණිය වන ඩයනා හැදී වැඩෙන්නේ තෙමිස්කිරා නම් සැඟවුණු දූපතක, එය නිවහන වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂාව උදෙසා ඔලිම්පියානු දෙවිවරුන් විසින් නිර්මාණය කල ඇමසෝන් නම් ඇමසෝන් නම් කාන්තා රණශූරියන් පෙලකට.

තෙමිස්කිරා දිවයින

හිපොලිටා රැජින ඩයනාට ඔවුන්ගේ ඉතිහාසය පවසනවා, යුධයට අධිපති ග්‍රීක දෙවි ඒරිස් මනුෂ්‍ය සංහතිය ගැන ඊර්ෂ්‍යාවෙන් පෙලෙන්නෙකු බවට පත්වූ අයුරුත් ඔවුන්ගේ විනාශය සාදන්නට පිඹුරුපත් සැකසූ අයුරුත් ඇතුළුව.

ඒරිස්

අනෙකුත් දෙවියන් ඔහුව නවතන්නට උත්සාහ කලවිට, ඔහු මරණය අද්දර සිටින සියුස් දෙවියන් හැර අන් සියලුදෙනාම ඒරිස් මරා දමනවා.මියයන්ට පලමුව සියුස් දෙවියන් ඇමසෝන්වරියන්ට “දේව නසන්නා” නම් අසිපතක් තබා යනවා ඔවුන්ට ඒරිස්ගේ නැවත ආගමනයට සූදානම් වීමට. හිපොලිටා රැජිණ අකමැත්තෙන්ම ඩයනාව තම සොයුරිය වන ජෙනරාල් ඇන්ටියොප්ට බාර කරනවා. ජෙනරාල්වරියගේ අඩිපාරේ යමින් ඩයනාට මුල සිටම අවශ්‍ය වන්නේ රණශූරියක් වීමටයි. එහෙත් රැජිණ එයට ඒතරම් කැමැත්තක් නොදක්වන්නේ, නිතරම ඇය කුමරියක් බව ඇයට මතක් කරනවා. කෙසේ වෙතත් ජෙනරාල්වරියගේ යටතේ ඇය රණශූරියක් ලෙස පුහුණු වනවා.

1918 වසර වනවිට ඩයනා, තරුණ කාන්තාවක්, තෙමිස්කිරා වෙරළේදී අනතුරට පත්වන එක්සත් ජනපද ගුවන් නියමු කපිතාන්වරයෙක් වන ස්ටීව් ට්‍රෙවර්ගේ ජීවිය බේරාගන්නා අතර, සාගරය හරහා ඔහු පසුපස හඹා ආ ජර්මානු බල සේනාංකයක් සමගද සටන් වදිනවා ඔවුන් තම ජනතාවටද පහරදෙන්නට පටන්ගන්නා නිසා.

මෙම සටනේදී ජෙනරාල් ඇන්ටියොප් මියයනවා, ඩයනාගේ දිවි බේරාගන්නට. මෙහිදී ඇමසෝන්වරියන්ගේ සැකයට භාජනය වන ස්ටීව් ට්‍රෙවර්ව ප්‍රශ්ණ කිරීමට ලක් කරනවා සත්‍යයෙ රැහැන යොදාගෙන. එහිදී ඔහු හෙලිකරනවා ලෝකය මහා යුද්ධයකින් පීඩා විඳින බවත්, තමන් ජර්මනියට එරෙහි මිත්‍ර පාර්ශවයේ ඔත්තුකරුවෙක් බවත්. එරික් ලුඩන්ඩෝෆ් නම් ජර්මානු ජෙනරාල්වරයාගේ නියමය පරිදි ඩොක්ට පොයිසන් නොහොත් ආචාර්ය ඉසබෙල් මාරු නම් රසායනවේදිනිය විසින් සාදන විෂ රසායනයක සොරකම් කරගත් සටහන් කිහිපයක්ද ස්ටීව් සතුව තිබෙනවා.

ජෙනරාල් එරික් ලුන්ඩ්‍රොෆ්

ඉසබෙල් මාරු

තරුණ ලඳ බොලඳ ඩයනා මෙම සටන ඒරිස් දෙවියන් විසින් ඇතිකල එකක් බව සිතන අතර තමන්ට මෙය සටන් කර ජයගතහැකියැයිද විශ්වාස කරනවා. දේව නසන්නා අසිපතෙන් මෙය විසඳා ඒරිස් දෙවියන් නැවතිය හැකියැයි සිතන ඈ ස්ටීව් ට්‍රෙවර් සමග පිටත්ව යනවා ඔහු හා යුධ වදින්නට, ඒ හිපොලිටා රැජිණගේ දුක් සුසුම් මධ්‍යයේ.

ඉන්පසුව චිත්‍රපටය ඇමසෝන්වරියන්ගේ දිවයිනේ සිට 1918 සමයේ යුරෝපය දෙසට හැරෙනවා. ඇය සිටින්නේ තමන්ට කිසිසේත් නුහුරු සමාජයක.

යුරෝපයේ සිටින ඩයනා

ලන්ඩනයේදී ඔවුන් රසායන විද්‍යාඥ මාරුගේ සටහන් සුප්‍රීම් යුධ කවුන්සිලයට බාර දෙනවා, එහි සිටින සර් පැට්‍රික් මෝගන් ඒ වනවිටත් උත්සාහ කරමින් සිටින්නේ ජර්මනිය හා සටන් විරාමයකට එලඹීමටයි. එහිදී ඩයනා එම සටහන් ඔවුන්ට පරිවර්තනය කර දෙන අතර, එවිට දැනගන්නට ලැබෙනවා ජර්මානුවන් එම විෂ රසායනය බටහිර යුධ පෙරමුණට හෙලීමට සැලසුම් කරගෙන සිටින බවයි.

සර් පැට්‍රික් මෝගන්

තම අණදෙන නිලධාරියාගේ තහංචි මැද වුවද, සර් මෝගන් විසින් රහසේ ලබාදෙන ප්‍රතිපාදන මත, ස්ටීව් මොරොක්කෝ ජාතික ඔත්තුකරුවෙක් වන සමීර්, ස්කොට්ලන්ත තුවක්කුකරුවෙක් වන චාලි හා රතු ඉන්දියානු ජාවාරම්කාර නාපි යන අයව එකතුකරගන්නවා මේ විෂ රසායනය යුධ බිමට හෙලීම වලක්වාගැනීමට උදව් ගැනීම සඳහා.

වමේ සිට : සමීර්, ස්ටීව් ට්‍රෙවර්, නාපි සහ චාලි

ඔවුන් බෙල්ජියම් යුධ පෙරමුණට ලගාවන අතර එහිදී ඩයනා මිත්‍ර පාර්ශව හමුදාවල උදව්ද ඇතිව යාබද වෙල්ඩ් නම් ග්‍රාමය සතුරාගෙන් මුදාගන්නවා, එහි ඇති සතුරු යුධ අගල අල්ලාගැනීම හරහා. අපි ඩයනාව වොන්ඩර් වුමන් ලෙස දකින්නේ මෙතනදී වන අතරම, ඇය ස්ටීව් හා පෙමින් බැඳෙන්නේද මෙහිදීයි.

යාබද ජර්මානු ඉහල අණදෙන ස්ථානයක ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙන බව මේ පිරිසට දැනගන්නට ලැබෙනවා. ස්ටීව් සහ ඩයනා වෙන් වෙන්ව මෙම උත්සවයට ඇතුල්වනවා; ස්ටීව්ගේ අරමුණ විෂ රසායනය සොයාගෙන එය විනාශ කිරීම වන අතර ඩයනාගේ අරමුණ වන්නේ ජෙනරාල් ලුන්ඩ්‍රොෆ්ව මරාදැමීමයි, ඇය සිතන්නේ ඒරිස් දෙවියන් ඔහු බවයි.

මෙහෙයුම ව්‍යර්ථවනු ඇතැයි සිතන ස්ටීව් ඩයනාව නවත්වන අතර, එයින් සිදුවන්නේ වෙල්ඩ් ග්‍රාමයට විෂ රසායනය හෙලීමට ලුන්ඩ්‍රොෆ්ට ඉඩ ලැබීමයි, ග්‍රාමයේ වෙසෙන්නන් සියලු දෙනා මියයනවා. මේ ගැන ස්ටීව්ට දොස් පවරන ඩයනා තනිවම ලුන්ඩ්‍රොෆ් සොයායනවා රසායනය පිරවූ බෝම්බ හෙලන යානයක් ලන්ඩනය වෙත යැවීමට සූදානම් කර තබා ඇති කඳවුරක් වෙත. ඩයනා සටන් කර ඔහු මරාදමන නමුත්, ඔහුගේ මරණයෙන් යුද්ධයේ අවසානයක් ඇති නොවීම නිසා වික්ෂිප්තභාවයට පත්වෙනවා.

එහිදී මෝගන් පැමිණ තමන් ඒරිස් දෙවියන් බවට ප්‍රකාශ කරනවා. ඔහු ඩයනාට පවසනවා මනුෂ්‍යයන්ට වක්‍රව අදහස් හා අනුප්‍රාණයන් ලබාදුන්නේ තමන් වුවද සහජයෙන්ම ඇති දූෂිත සිත් නිසා ඔවුන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු වුන බව. “දේව නසන්නා” අසිපතෙන් ඒරිස් මරා දැමීමට ඩයනා උත්සාහ කලවිට, ඔහු අසිපත විනාශ කර දමන්නේ, සියුස්- හිපොලිටා යුවලේ දියණිය ලෙස සැබැවින්ම “දේව නසන්නා” වන්නේ ඩයනාම බව ඇයට පවසමින්. මිහිතලය නැවත පාරාදීසයක් කිරීම සඳහා මිනිසා විනාශ කරන්නට ඩයනාගේ උදව් ලබාගන්නට ඒරිස් තැත් කලත්, සාර්ථක වන්නේ නෑ. මේ අතරේ ස්ටීව් මාරුගේ රසායනාගාරය වනසා දමනවා. රසායනය පටවා ඇති යානය තමන් අතට ගන්නා ඔහු එය ආරක්ෂිත උසකට පදවාගෙන ගොස් තමාද සමග යානය පුපුරවා ගන්නවා.

” I wish we had more time”

ස්ටීව්ගේ මරණගේ වේදනාව භාවිතා කර ඩයනා ලවා මාරු මරා දමන්නට ඒරිස් උත්සාහ කලත්, ස්ටීව් හා ලද අත්දැකීම්වලින් මනුෂ්‍යයන් තුල යහගුණද ඇති බවද වැටහෙනවා ඇයට. මාරුගේ දිවි බේරන ඇය ඒරිස්ව මරා දමනවා සදහටම. පසුව කණ්ඩායම එක්ව යුද්ධයේ අවසානය සමරනවා.

වර්තමානයේදී, ඩයනා බෲස් වේන් හට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවනවා තමන්ගේ සහ ස්ටීව්ගේ ඡායාරූප ප්ලේටය එවීම ගැන ස්තූතිය පළකරමින්. වොන්ඩර් වුමන් ලෙස ඇය ලෝකය වෙනුවෙන් කරන සටන දිගටම කරගෙන යනවා, සැබැවින්ම ලොව බේරාගත හැක්කේ ආදරයට බව වටහාගනිමින්. ඒ විදියටයි Wonder Woman (2017) අවසන් වෙන්නේ…

එහෙනම් මෙවර චිත්‍රපටයේ කතාව ගැන මම කියන්නට යන්නේ නෑ, එය නරඹන ඔබටම දැක බලාගන්නට සලසමින්, හැබැයි චිත්‍රපටයේ කතාව දිවෙන්නේ 1984 වසරේදී…හමුවෙමු තව උපසිරැසියකින්… මිඩ් ක්‍රෙඩිට් දර්ශනයකුත් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න.

Blu-Ray පිටපත් සඳහා උපසිරැසිය හා ඩවුන්ලෝඩ් ලින්ක් යාවත්කාලීන කර ඇත. අන්තර්ජාලයේ ඇති සියලුම Blu-Ray සහ IMAX Blu-Ray පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ. ‍WEB පිටපත් ලබාගෙන ඇති අයගේ පහසුව තකා එම එම පිටපත්වලට සැකසූ උපසිරැසි ත්‍රිත්වයක්ද ගොණුව තුල ඇතුලත්ය. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-

♠ මෙහි අවසානයේ ඇති හිම බෝල විසිකරන දර්ශනයේදී ඔබට ගැල් ගැඩොට්ගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමල් දියණිය හා අධ්‍යක්ෂිකා පැටී ජෙන්කින්ස්ගේ පුතු රංගනයෙන් එක්වනු දැකගත හැකිය. ගැල් ගැඩොට්ගේ බාල දියණිය හා ඇගේ සැමියා කැරොසලය තුල සිටී.

♠ මෙහි එන ඇස්ටීරියාගේ රන් සන්නාහය ඇලෙක්ස් රොස්ගේ Kingdom Come චිත්‍ර කථාවේ එන රන් සන්නාහය අනුසාරයෙන් සැකසුවකි

♠ මුල් එලිදැක්වීම් දිනය වූ 2019 දෙසැම්බර් 20 දින සිට චිත්‍රපටයේ එලිදැක්වීම් දිනය සත් වතාවක් කල් යනු ලැබුවා (කොවිඩ් වසංගතය ඇතුළු) විවිධ හේතූන් මත.

♠ චිත්‍රපටය තෝරාගත් දර්ශනවලදී පමණක් 70mm IMAX කැමරා භාවිතයෙන් රූගත කර ඇත.

♠ මෙහිදී මැක්ස්වෙල්ට සිටින්නේ ඇලෙස්ටෙයාර් නම් හදාගැනීමට ගත් පුත්‍රයෙක් වුවත්, කොමික්ස්වලදී ඔහුට සිටින්නේ එමා නම් තම ලෙයින්ම උපන් දියණියකි.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2777 වාරයක්
Download Links
DIR
DIR
DIR
TOR
Available Torrents
3D bluray 2.88 GB
GET
720p bluray 1.36 GB
GET
1080p bluray 2.79 GB
GET
2160p bluray 7.22 GB
GET
720p web 1.35 GB
GET
1080p web 2.79 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (21)
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Chrome 87
    2020-12-29

    ඉවසගෙන කොහොමහරි හිටියා අයියා සබ් එක දෙනකන්. Christmas දවසේ ෆිල්ම් එක රිලීස් වෙනවා කියලා ටෙලිග්‍රෑම් එකේ පෝස්ට් එකක් දැකලා මන් දමිත් අයියට කිව්වට හසිත අයියට රෙඩි පිට ඉන්න කියන්න කියලා 350 උපසිරැසිය මේකට දෙන්න කියලා. අනිත් සයිට් හැම එකකම මේ වනවිට උපසිරැසි දාලා තිබිලත් මන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් තාම බැලුවේ නෑ, අයියගේ සබ් එකෙන්ම බලනවා කියලා හිතාගෙනම හිටියා. ෆිල්ම් එක ඇවිත් දවස් 2කුත් පහුවෙද්දී තාමත් සබ් එක සයිට් එකේ දාලා නැති නිසා මන් හිතුවේ අයියා දැන් සබ් කරන එක නවත්තලවත් ඇති කියලා. අද උදෙ බලද්දී සබ් එක සයිට් එකේ වැටිලා. ඉතින් විශේෂයෙන් දෙයක් කියන්න අවශ්‍ය නෑ. අනිත් හැමෝටම වඩා නියමෙට ලිපි ලියන්න පුළුවන් හැකියාවක් අයියට තියෙනෝ. ලිපියත් ගැම්මට තියෙනෝ. දැන් ඉතින් සබ් එක බාගෙන ෆිල්ම් එක බලන්න තමා තියෙන්නේ. 350වෙනි උපසිරැසි කඩයිමට හදවතින්ම සුබ පතනවා. මේ සයිට් එක අද මේ වගේ තැනක තියෙන්න එක පුරුකක් තමා හසිත අයියා කියන්නේ. නැවත වරක් 350 සබට හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2020-12-29

      බොහොම ස්තූතියි, තමෝද් මල්ලි. මට දමිත් කිව්වා ෆිල්ම් එක සජෙස්ට් කලේ ඔයා කියල.මුල් සෝස් ෆයිල් ඉන්ටනෙට් එකට එනකොටම වගේ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා සබ් හදන්න ඕනෙ හින්දම. ලිපි ලියන්නනං ඉගෙනගත්තෙම සයිට් එකට ලිපි ලියලමයි (මගෙ මුල් කාලෙ ලිපි බැලුවනං තේරෙයි).

  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2020-12-29

    හසිත සහෝදරයා ආයෙම වැඩේට බැහැලා :heart_eyes: සුපිරි ඈ මං කිව්වේ වැඩ ටිකක් අඩු වෙද්දී සබ් එකක් ගහන්න ආයෙම ගැම්මක් එයි කියල :punch:.. ඉංග්‍රීසි ෆිල්ම්වලට විතරක් නෙවේ වෙන වෙන භාෂාවල සුපිරි ෆිල්ම්ත් බැලුවා හසිතට ස්තූති වෙන්න ඒ වගේම සබ් දෙන විදියත් හරි පිලිවෙලයි ෆිල්ම් එකේ කොපි වර්ග කීපයක් රිලීස් වෙලා තිබ්බොත් ඒවට ගැලපෙන්න sync කරල දෙන්නෙ ලිපියත් ආයෙ ලෙසටම ලියනවා.. මගෙ ඉල්ලීමටත් ෆිල්ම් දෙක තුනකට සබ් කරා ඒවට ගොඩක් ස්තූතියි සහෝ ❤.. ගොඩක් අය WW84 වැඩක් නෑ කිව්වට මට නම් ඒක සෙට් ඇක්ෂන් පැත්තෙන් නම් ටිකක් අවුල් තියනවා ඉමෝශනල් පැත්තෙන් නම් මාර විදිහට ෆීල් වෙනවා ඒකෙන් දෙන පණිවිඩේ එහෙම :slight_smile:.. එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට ඉඩකඩ තියන වෙලාවට ආයෙම සබ් එකක් කරන්න :wink:..
    ජය වේවා.!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2020-12-29

      බොහොම ස්තූතියි, හෂාන් ☺. ඔව් චිත්‍රපටියෙ අඩුපාඩු තියනව තමයි ගොඩක්, හැබැයි ඔයා කිව්වා වගේ දෙන්න හදන මැසේජ් එක හොඳටම හිතට දැනෙනව. ඒක හින්ද අර අඩුපාඩුවලට පොඩි සමාවක් දෙන්න පුළුවන්,වර්තමාන ලෝක තත්වෙ හින්ද තියන ප්‍රායෝගික ගැටලුත් සලකා බැලුවහම.

  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2020-12-29

    350ට සුබ පැතුම් සහෝ :right_facing_fist::left_facing_fist:❤.. අමතක උනානෙ ඒක

    Reply
  • චරිත් චරිත් User
    Windows XP Maxthon 5
    2020-12-29

    සබ් එකට ස්තූතියි බ්‍රෝ ..  idx කරන ඇප් එක මොකද්ද කියන්න පුලුවන්ද .. කොහොමද හරියටම සෙට්ටින්ග්ස් හදා ගන්නෙ.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 86
      2021-03-14

      හදන්නෙ Subtitle edit වලින්. ඒකෙන්ම නෝමල් srt විදියට සබ් එක හදල, file > export > VobSub ගිහින් font එක විදියට iskoolapotha වගේ එකක් දීල font size එක 42 විතර දීල export all lines ක්ලික් කරන්න, එතකොට sub_idx විදියට සබ් එක අවුට්පුට් වෙනව.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 87
    2020-12-29

    350 සබට මගේ සුබ පැතුම් අයියේ.ආපහු ඔයාගේ අලුත් සබක් එක්ක ෆිල්ම් එකක් බලන්න හම්ඹ වුණා. හසිත අයියාගේ සබ් එක ගැන ආයේ කියන්න වචන නැහැ. කලින් දවස් ටිකේදි මැට්‍රික්ස් එහෙම ඔයාගේ සබ් දාගෙන බැලුව නිසා. ඉතින් අයියේ තවත් ඉදිරියට අපිට ලස්සන ෆිල්ම් ටිකක් ලබා දෙන්න. ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සහ මේ කොරෝනා කාලේ පරිස්සමින් ඉන්න කියලාත් කියනවා.බුදු සරණයි!!!!!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2020-12-30

      බොහොම ස්තූතියි, සහන් ☺. ඇනිමෙට්‍රික්ස් එකත් බැලුවනෙ මෙට්‍රික්ස් එක්කම? තව එකක් එන්නත් තියනව ඉස්සරහට.

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 87
      2020-12-30

      ඔව් පලවෙනි එක බලලා දෙවෙනියට අනිමට්‍රික්ස් එක බලලා තමයි අනිත් දෙක බැලුවේ, කතාව තේරෙනවා ඊට පස්සේ. තැන්ක්ස්, 4 වෙනි එකටත් ඔයාගේ සබ් එක ඕනේ හොඳේ.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-01

      මාත් ඉන්නෙ මෙට්‍රික්ස් 4 එනකං බලාගෙන. ආවම දෙන්නම්, සහන්.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 87
    2020-12-30

    හසිතගේ 350 වෙනි සබ් එකට මොකක්ද දෙන්නේ කියලා කල්පනා කරේ දැන් මාස ගානක් තිස්සේ ..350 වෙනි කරමු නේද කිව්වාම .කරමු කරමු කිව්වා ..එත් මොකක්ද කරන්න දෙන්නේ කියන පශ්නය හිතේ තිබ්බා …කොහොමහරි thamod තමයි කිව්වේ ..අයියේ මෙන්න ෆිල්ම් එක එනවා .හසිත අයියාට දෙමු කියලා …එතින්සබ් 350 ක් සාමාන්‍ය විදියට ගණනය කරමුකෝ …(350 සබ් x 6 පැය ) පැය 2100 ක් වාගේ මිනිස් පැය වලින් ගිහින් ..අනිවාර්යෙන්ම හිතට වෙහෙසක් එනවා ….සමහර දිනවල අපිත් ඔන් ලයින් නැහැ ..එත් හසිත හිටියා ..ඒ වාගේ සුන්දර අතීතයක් තිබ්බා ..අද අපේ උපසිරැසි කට්ටිය online ඉන්නවා දකිනවා ..එත් ඇස් දෙක හසිත හොයනවා (රොමැන්ටික් වුනාද මන්දා )..සබ් කරද්දී අනිවාර්යෙන් වෙහෙසක් එනවා .ඒ වෙහෙස වෙබ් අවඩිය දැක්කාම නැති වෙන්න ..නිතර පාහේ update කරනවා ..ඒ වුනත් සමහර පශ්න ආවාම අපේ හෝබි එකක් විදියට කරන සබ් කරන එකත් එපා වෙනවා ..මේක මට ගොඩාක් අය කියලා තියෙනවා ..ඒ වෙලාවට මම කියන්නේ පොඩි විවේකයක් අරන් එන්න කියලා ..හ්ම්ම් කියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා ..එත් කෙටියෙන් කියන්න “නැවත වෙබ්අඩවියට සාදරයෙන් පිලිගන්නවා,350 වෙනි උපසිරැසි නිර්මාණයට මාගෙන් උණුසුම් සුබ පැතුම් ..පලවෙනි 50 ,100 ,150 ,200,250,300,350 මේ සේරම කරේ මේ වෙබ් අඩවියේ හසිත ..ඔයාව මට වාගේම රසික හැමෝගෙම හිත වල රැදිලා ඉවරයි “

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2020-12-30

      ☺බොහොම ස්තූතියි, දමිත්. ඔව්නෙ ගිහිල්ල එන ටිකට සයිට් එක තනිකර powered by ස්පයිඩර් මෑන් කරලා:grin:.
      ඉදිරියට ෆිල්ම් ටිකක් ගේන්න බලමු දිගටම.

  • Rasika Thushara Samanjith Admin
    Windows 7 Opera 73
    2020-12-30

    අම්මෝ, දෙයියො බුදුන් දැක්කා වගේ. හසිත ප්‍රසාද් කියන්නෙ සිංහල උපසිරැසිකරනයේ ලෙජන්ඩ් කෙනෙක්. ඉස්සර මොන සයිට් වල තිබුනත් අපි බාගන්නෙ ඔයාගෙ සබ් එක. ආයෙ එහෙම දිග නිවාඩු ගන්න එපා. බාල සබ් වැහි වහින්න පටන් අරන් තියෙන නිසා, දැන් ඔයා වගේ ගුණාත්මක, නියම සිංහල උපසිරැසි කරන අයව රසිකයන්ට ඕනම කරන වෙලාවක්. 350 ට හදවතින්ම සුබ පතනවා. ආයෙ නම් “යන්ටෙපා, අයියා, යන්ටෙපා”

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2020-12-30

      බොහොම ස්තූතියි, රසික☺

  • K.A Raveen Expert Subtitler
    iOS 13.6 Chrome 83
    2020-12-30

    මුලින්ම සුභ පතනවා අයියේ 350 කඩයිමට. මට නම් අයියව ලොකුවට හම්බවෙලාම නෑ. මන් සබ් කරනකොට අයියා අයියගේ නිවාඩුව ගන්න ගමන් නිසා. දැන් ආයේත් කරලියට එළඹිලා. ඒක නම් ලොකුම සතුටක්. ඒ වගේම ලොකු ගැම්මක් අනික් අයටත්. කමෙන්ට් වලින්ම පේනවනේ. අයියගේ සබ් එකක් බලන්න හරිම ආසයි. ඒකෙ තියෙන ගුණාංගයට කාටවත්ම ළං වෙන්න බෑ අදටත්. බලපු ඈයෝ සාක්ෂි දරයි. දිගටම මේ වගේ සබ් අරන් එන්න අයියේ. සුභ පතනවා ආයේත්.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2020-12-30

      බොහොම ස්තූතියි, රවීන් :slight_smile:. ගුණාත්මක තත්වයට ලං වෙන්න එහෙමටම අමාරු නෑ, රවීන්, උත්සාහය කැපවීම විතරමයි ඕනෙ.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 73
    2021-01-01

    ලැබුවා වූ 2021 නව වසර සතුට සෞභාග්‍යය, නිරෝගිකම සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:pray: 350වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා අයියේ.:tada::balloon: මාස ගාණකට පස්සේ තමයි අයියගේ සබ් එකක් සයිට් එකේ දකින්නේ. ඇත්තටම සතුටුයි. ඉක්මනින් Soul චිත්‍රපටයටත් සබ් එක දෙන්න.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-01

      බොහොම ස්තූතියි, මල්ලි. මල්ලි්ටත් සුභම සුභ නව වසරක් වේවා :slight_smile:. Soul එකේ සබ් එක ඉක්මනටම දෙන්නම්.

  • Madusha Unregistered
    Windows 10 Opera 72
    2021-01-07

    350 වෙනි කඩයිමට සුබපැතුම් හසිත සහෝ.සබ් එකට බොහොම ස්තූතියි.ජය වේවා!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-07

      බොහොම ස්තූතියි, මධූෂ :slight_smile:

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved