අවුරුදු 10 ක කැපවීම , වර්ධනය
පොඩි ගමනක් විශාල වෙනසක්
වසර 10 කට පෙර සරල අදහසකින් යම් ගමනක් ආරම්භ කරා..එය නමින් subz.lk වේ .. තිබුනේ පොඩි අරමුණක් “ආදරය කරන දේයක් ජනතාව අතරය යවන එක ” ..
ඒ ආදරය කරපු දේ තමයි ෆිල්ම් සහ teledrama කියන්නේ .ලංකාවේ ඒවා නෙවෙයි ..වෙනස්ම ඒවා …ඔයාලාට ඒවා අදටත් දකින්න පුළුවන් ..
- 2015 පොඩි project එකක්
“අපි කවදාවත් හිතුවේ නැහැ , අපේ මේ project එක යම් අර්ථයක් ඇති දෙයක් වේවි කියලා –
- 2016 මාසයකට එන කට්ටිය 10000 කට වැඩි වුනා
- 2018 අලුත්ම වෙනසක් , අලුත් විශේෂාංග ඇතුලත් වුනා
Subz LK හැමදාමත් අලුත් දේවල් ඔයාලා ට දුන්නා ..ඒ සේරම දේවල් අපේ රසිකයන්ට විතරයි ..ඒ දේවල් දුන්නේ අපේ උපසිරැස් කරුවන් එතින් මේ අද මේ දෙන්න යන දේ අපේ උපසිරැස් කරුවන්ට ..මේ කියන්න යන්නේ Subz LK v3 නැත්නම් Subz LK Iron Spider Suit එක ගැන ..අපේ උපසිරැස් කරුවන් ගේ පශ්න ගැන පසු ගිය අවුරුද්දේ මම (system admin) වෙනම හොයලා බැලුවා ..එකට විසදුමක් විදියට
- ඔයාගෙම උපසිරැස ඔයාටම එවලේම පල කරන්න .
- .උපසිරැස ඔයාම යාවත් කාලින කරන්න .
- ..ඔයා කිරීමට කැමති උපසිරැස වෙන් කරවා ගැනීම ..
“මේ සේරම වර්ධනය වීම් ආවේ අපි මුහුණ දුන් අත්දැකීම් එක්ක ..ඒ හා ආපු feed back එක්ක ..”
- 2021 අලුත්ම කණ්ඩායමක් නිර්මාණය වුනා
2021 දී බිහි වූ ඒ කණ්ඩායම අගනා සේවයක් කරා,උපසිරැසි සෑදීමට අමතරව වෙබ් අඩවියේ අනෙකුත් වැඩ ද මේ අය විසින් ඉටු කරනු ලැබුවේය .ඒ විශේෂ හැකියා වලින් යුක්ත කට්ටියක් බව සතුටින් දැනුම් දිමට කැමැත්තෙමු.
- 2025 අවුරුදු 10 වුනා , ඒ වාගේම තාම පටන් ගත්තා විතරයි !!
අද අපේ සබ්ස්.එල්කේ සයිට් එකට විශේෂ දවසක්. මොකද අද සයිට් එකේ 10 වන සංවත්සරය. 2015 අගෝස්තු 28 දින ආරම්භ කල මේ ගමනේදී, ගෙවුනු දස වසර පුරාවට අපට ශක්තියක් වූ කණ්ඩායම්වලට ස්තූතිය පිරිනමන්න මන් මේක අවස්ථාවක් කර ගන්නවා. මුලින්ම අපිට වැදගත් පිරිස තමයි රසික ඔබ. කමෙන්ට් එකකින් අප දිරිමත් කල, ඩවුන්ලෝඩ් එකකින් අපේ හිතට සතුටක් එක්කල සහ නිකම් හෝ සයිට් එක පැත්තට ඇවිත් අපට හිතවත්කමක් පාපු ඔයාල හැමෝටම මම මේ වෙලාවේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා. ඊළඟට අපේ ලොකුම වත්කම තමයි, තමන්ගෙ වටිනා කාලය වැය කරලා, ඉතා වෙහෙසකර කාර්යයක ඵලයක් වන සිංහල උපසිරැසි වලින්, පසුගිය වසර දහය පුරාවටම සයිට් එක පෝෂණය කල අපේ සහෝදර උපසිරැසිකරුවන්. ඉතින් ඒ සහෘදයින්ගේ අමිල මෙහෙයත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම සයිට් එකේ අඩුපාඩු, බිඳ වැටීම් හදමින්, සයිට් එක හැඩ වැඩ කරමින් දිවා රෑ වෙහෙසෙන, ඔබත් අපත් යා කරන පාලම, සබ්ස්.එල්කේ නිර්මාතෘ, අපේ පෙරගමන්කරු, ඇඩ්මින් දමිත් ප්‍රියංකර සොයුරාටත් මම විශේෂයෙන්ම ස්තූති කරනවා. —Rasika Samanjith
Anniversary එකට අලුත් ෆිල්ම්ස් ටිකක් දෙමු නේද ♥️🥹
දීලා තියෙන්නේ ….!!!
ela ela ohoma yamu
thanks bro !!!!!