Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Guardians Of The Galaxy Vol.…

Guardians Of The Galaxy Vol. 2 (2017) Sinhala Subtitle

August 13, 2017 Junior Admin

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ මාවල් කොමික්ස් ලෝකයේ තවත් වීරයින් රැසකගෙන් සැරසුණ 2014 වසරේ තිරගත වුණ Guardians Of the Galaxy චිත්‍රපටයේ දෙවැනි වෙළුම.එහෙමත් නැත්නම් Guardians Of The Galaxy Vol-2.මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න  මට බාරදුන්න කවීෂ සහෝදරය ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතියි බොහොමත්ම.මොකද මේ චිත්‍රපටයට මම ගොඩක් කැමතියි.ඇත්තටම මට මේක පළවෙනි චිත්‍රපටයට වඩා ගොඩක් හිතට ඇල්ලුවා.වැඩිපුරම ඉතින් බේබි ගෲට් සහ රොකට් හින්ද තමයි.මේකෙදි ක්‍රිස් පැට් ටිකක් යටපත් වෙලා ගිහින්ද කියලත් හිතෙනවා මට.ඒ කතා ඇතිනෙ යමු චිත්‍රපටයෙ විස්තර පැත්තට…

මේ වසරේ තිරගත වුණ මේ චිත්‍රපටය 2014 වසරෙ තිරගත වූ මුල් චිත්‍රපටය ආසන්නයටම පැමිණෙමින් (මේ වනවිට) IMDB අඩවියෙන් 8.0 ක දැවැන්ත අගයක් උදුරා ගන්නට සමත්වෙනවා.එතනිනුත් නොනැවතී  Rotten Tomatos වෙතින් 82% ක අගයක් ලබාගන්නත්  ගූගල් පරිශීලකයන් 92%කගේ සිත් සොරාගන්නටත් මේ මන්දාකිණි ආරක්ෂකයින් සමත් වෙනවා.සම්මාන ගැන බැලුවොත් සම්මාන 6කට නිර්දේශ වී එයින් එකක් දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් දැක්වූවා.මෙහි අධ්‍යක්ෂණය ජේම්ස් ගන්ගෙන් සුපුරුදු පරිදි රංගනයෙන් දායක වෙන්නෙ පීටර් ක්විල් නොහොත් ස්ටා ලෝඩ් ලෙස Chris Pratt, ගමෝරා ලෙසින් Zoe Saldana, ඩ්‍රැක්ස් ලෙසින් රෙස්ලින් තරුව Dave Batista, යොන්ඩූ ලෙසින් Micheal Rooker සහ නෙබියුලා ලෙසින් Karen Gillen.ඊට අමතරව බේබි ගෲට්ට හඬ දායකත්වය සපයන්නේ Vin Diesel.රොකට් වෙනුවෙන් තම හඬින් සම්මාදම් වෙන්නෙ Bradley Cooper.මේ අය ඇතුළු තවත් බොහෝ පිරිසකගෙ දායකත්වයෙනුයි Guardians Of The Galaxy හැඩවෙන්නෙ…

මුලින්ම මම පළවෙනි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරල ඉන්නම්.එතකොට ලේසියි කට්ටියට.මම එහෙම කිව්වට පළවෙනි එක නොබලපු අය ඉන්නවනම් බලල එන්න.එතකොට ලේසියි.ආරම්භ වෙන්නෙ මෙහෙමයි…වර්ෂ 1988 දී  පීටර් ක්විල්ව අභ්‍යවකාශ යානයකින් ඇවිත් අරගෙන යනවා.එතකොට පීටර් කුඩා දරුවෙක්.කොහොමින්හරි ඔහු රැවේජර් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනව.රැවේජර් කියන්නෙ කෙටියෙන් කිව්වොත් අභ්‍යවකාශ මංකොල්ලකාරයන් කණ්ඩායමක්.රැවේජර්ල දැනගන්නවා Orb එක, එහෙමත් නැත්නම් පවර් ස්ටෝන් එක තියන තැන.පීටර් ගිහින් ඒක අරගෙන විකුණන්න හැදුවත් මේ කතාවෙ දුෂ්ඨයා වුණ රොනාන් ගෙ අණක් අනුව එන ගමෝරා ඒක පැහැරගත්ත තැත් කරනවා.මෙන්න මේ ප්‍රශ්නෙ මැදට රොකට් සහ ගෲට් දෙන්නත් හවුල් වෙනව.අවසානයේ නෝවා බලකායෙ අත්අඩංගුවට පත්වෙන මේ හතරදෙනා අධි ආරක්ෂිත බන්ධනාගාරයක හිර කරනවා.එතෙන්දි තමයි මේ අයට ඩ්‍රැක්ස්ව හම්බවෙන්නෙ…

කොහොමහරි මේ පස්දෙනා එකතුවෙලා බන්ධනාගාරයෙන් පැනයනවා.මේ වෙද්දි මේ Orb එකේ භයානකකම වටහගෙන ඉන්න ගමෝරා එය පැහැරගැනීමෙ අදහස අයින් කරගන්නවා.අන්තිමේ කට්ටියම එකඟතාවයකට එනව Orb එක ‘එකතු කරන්නා’ට බාර දෙන්න.ඒක බාරදෙන්න යද්දි  වියරුවෙන් Orb එක හොයාගෙන එන රොනන් ඒක පැහැරගෙන යනවා.ඉතින් මේ Orb එක බේරගන්න පීටර්, ගමෝරා, ඩ්‍රැක්ස්, රොකට් සහ ගෲට් පස්දෙනා කණ්ඩායමක් බවට පත්වෙනවා.අන්න ඒ කණ්ඩායම තමයි මේ මන්දාකිණි ආරක්ෂකයින් ලෙස හැඳින්වෙන්නෙ.මොවුන් සහ රොනන් අතර දරුණු ගැටුමක් ඇතිවෙනවා සැන්ඩර් හීදී.කොහොමින්හරි Orb එකේ බලයම පාවිච්චි කරල රොනන්ව විනාශ කරන්න මේ වීරයො සමත් වෙනව.සටන අතරතුරදී ගෲට් මියයනවා තමන්ගේ කුඩා රිකිලි කැබැල්ලක් පමණක් ඉතිරි කරමින්.Orb එක නෝවා බලකායට බාරදෙන ඔවුන් දිගටම කණ්ඩායමක් විදියට මන්දාකිණියේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින්න තීරණය කරනවා.ඒ තමයි Guardians Of The Galaxy චිත්‍රපටයේ සාරාංශය.දැන් යමු දෙවෙනි චිත්‍රපටය පැත්තට. වැඩිය කියන්න ගියොත් කතාව Spoil වෙන නිසා බොහොම කෙටි හැඳින්වීමක් කරන්නම්…

Guardians of the Galaxy Vol. 2 (2017)

මේ  චිත්‍රපටය ආරම්භ වෙන්නෙ වර්ෂ 1980  ඇමරිකාවෙ මිසුරි ප්‍රාන්තයෙන් (පීටර් ක්විල් ඉපදීමටත් පෙර), පීටර් ක්විල්ගේ මව සහ තවත් අයෙක් (ඒ කවුද කියල දැනගන්න පුළුවන් චිත්‍රපටයඅතරතුර) වනාන්තරයක ඇති යමක්  පෙන්වීමට යන ගමනකින්.එතනින් නැවතත් කතාව එනව වසර 34ක් මෙපිටට.ඒ කියන්නෙ 2014 වසරට.පීටර් ක්විල් ඇතුළු අපේ මන්දාකිණි ආරක්ෂකයින් රොනන්ගේ වියරුවෙන් විශ්වය බේරාගෙන මාස කීපයක් වෙනව මේ වෙනකොට.මේ ජයග්‍රහණයෙන් පසුව ඔවුන් වීරයන් ලෙස නමක් දිනාගෙනයි ඉන්නෙ.පීටර් ක්විල් දැන් ස්ටාලෝඩ් නමින් විශ්වය පුරා කිතුගොස පතුරවා අවසන්.දැන් මේ කණ්ඩායමේ සාමාජිකයන් අතර තවත් හුරුබුහුටි කෙනෙක් ඉන්නවා ඒ තමයි මියගිය ගෲට්ගේ අතුරිකිල්ලකින් උපන් බේබි ගෲට්.මේ අතරෙදි මේ අයට සොවරීන් ග්‍රහලොවෙන් භාරදූර රාජකාරියක් බාරදෙනවා.එහිදී රොකට් සහ ඩ්‍රැක්ස් එකතුවෙලා කරන පොඩි හොරයකින් කට්ටිය ලොකු ප්‍රශ්නෙකට මැදිවෙනවා.ඔවුන්ව ඒ කරදරෙන් ගලවගන්න නාඳුනන ගැලවුම්කරුවෙකුත් ස්වේච්ජාවෙන්ම ඉදිරිපත් වෙනවා.හැබැයි මේ ගැලවුම්කරුවා නිසා ඔවුන් නොසිතූ කරදරයකට පත් වෙන අතරම පීටර්ට තමන්ගේ සැබෑ උරුමය ගැනත් දැනගන්න ලැබෙනවා.එහෙනම් මන්දාකිණි ආරක්ෂකයන්ගේ සුරුවිරුකම්, විහිළු තහළු, දුක් සුසුම් සහ සුන්දර ගීත රැසකින්ද පිරි මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.ආයිත්  දවසක හමුවෙමු.මතක ඇතුව පහලින් තියන ටිකත් කියවලම යන්න…ඒ විතරක් නෙමෙයි මේකෙ ක්‍රෙඩිට් දර්ශන 5ක්ම තියනව ඒ නිසා අවසානය වෙනකම්ම බලන්න!!!

පැහැදිළි කිරීම්

මේ චිත්‍රපටය පීටර්ගේ ලමාකාලයට සම්බන්ධයි.ඒ කියන්නෙ 1980 දශකය.මතකනෙ පීටර්ව පෘතුවියෙන් අරගෙන යන්නෙ 1988දි ඒ නිසා ඔහුට තියන එකම පෘතුවි මතකයත් ඒ කාලය විතරයි.ඒ නිසාම 80 දශකයේ ජනප්‍රිය බොහොමයක් දේවල් සහ චරිත චිත්‍රපටය පුරාවට අහන්න දකින්න පුළුවන්.අපේ කුඩා  කාලය තාස්‍රයෙන් පුරවපු අදටත් අපි ගොඩක් ආදරය කරන කෙනෙක් ඒ අතරෙ ඉන්නවා.

මැරී පොපින්ස් :- 1964 තිරගතවූ එම නමින්ම වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය.කුඩයක ආධාරයෙන්  අහසේ ගමන් කරන නැනී කෙනෙකු වටා ගෙතුණ කතාවක්.මේ නම සහ  එහි දෙබසක් අහන්න ලැබෙයි චිත්‍රපටයෙ අවසාන භාගයේදි.

Spoiler Warning : Peter Quill and his fellow Guardians are hired by a powerful alien race, the Sovereign, to protect their precious batteries from invaders. When it is discovered that Rocket has stolen the items they were sent to guard, the Sovereign dispatch their armada to search for vengeance. As the Guardians try to escape, the mystery of Peter’s parentage is revealed…

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
10368 වාරයක්
Available Torrents
3D bluray 2.07 GB
GET
720p bluray 999.38 MB
GET
720p bluray 1.22 GB
GET
1080p bluray 2.07 GB
GET
1080p bluray 2.5 GB
GET
2160p bluray 6.26 GB
GET
720p web 1.22 GB
GET
1080p web 2.5 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (22)
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Samsung Browser 2
    2017-08-15

    Thax sahoo meke
    Sub eka dunnta…enakal
    Thama balan hitiyee…
    ????????

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-16

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂

  • දමිත් ප්‍රියංකර System Admin
    Android 5 Facebook App 130
    2017-08-16

    Ammo…ethin..marvels kiwwama…thwa monwada…ethin….keep it up bro…aha..thawa deyak..kavisha dc fan kenek..

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-16

      බොහොමත්ම ස්තූතියි, දමිත්…! 🙂 මම දැනන් හිටියෙ නෑනෙ, කවීෂ DC ෆෑන් කෙනෙක් කියල. ඒ කියන්නෙ සුපර්මෑන් කෙනෙක් 😀

    • Kavisha Methruwan Expert Subtitler
      Windows 8.1 Chrome 60
      2017-08-16

      මම ලොවෙත් DC ෆෑන් කෙනෙක් තමා ඉතින්….කැපුවත් මං DC…ඒ නිසානේ මම වොන්ඩර් වුමන් සබ් එකත් කලේ…අපි ඉතින් වෙලාවකට දෙපිල බෙදිලා DC VS Marvel වලිත් යනවා…කොහොම උනත් හොදම DC නේ!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-16

      මම Dc වලින් කැමතිම බැට්මෑන්ට. වොන්ඩර් වුමන් බලල නෑ බලන්න ඕනෙ
      අද හෙටම.

    • Kavisha Methruwan Expert Subtitler
      Windows 8.1 Chrome 60
      2017-08-17

      මමත් ආසම කෙනෙක් තමයි බැට් මෑන්

    • දමිත් ප්‍රියංකර System Admin
      Android 5 Facebook App 130
      2017-08-19

      Ammo kavisha..boru kiyana tharam…wonderwoman ta ne oyaa kmathi..batman ta neweyi ne

  • Kantha Unregistered
    Windows 7 Firefox 34
    2017-08-16

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-16

      බොහොම ස්තූතියි, Kantha!

  • Sadeepa Unregistered
    Android 5.1 Chrome 55
    2017-08-16

    Sub akata thanks.

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-16

      බොහොම ස්තූතියි, Sadeepa..!

  • Pasindu Amarasinghe Unregistered
    Android 6 UC Browser 11.3
    2017-08-17

    උපසිරැසියට ජය

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 47
    2017-08-17

    බොහොම ස්තූතියි සහෝ.
    පුලුවන්නම් Watchmen (2009) එකට සබ් දෙන්න.
    ජය!

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-17

      බොහොම ස්තූතියි, මධූෂ..! Watchman මමත් බලල නෑ, උපසිරැසි දෙන්නම් ලඟදීම.

    • Madusha Unregistered
      Windows 10 Opera 47
      2017-08-18

      නියමයි සහෝ

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-08-17

    Hello brother ඇත්තටම ම්‍ෙකිව‍ෙනි මහවල් චිත්‍රපටියද.තවත් මහම මහවල් එකක් homecoming ව‍ෙනවා දනන්වන්‍ෙ එක ඉතිං මාවල් fan ක‍ෙන‍ෙකන්‍ෙ ඔයත්.හසිත කියන්න්‍ෙ subzlk එක්‍ෙ ලා‍ෙක්කඅයිය කියලයි මංනං කියන්න්‍ෙ.ම්‍ෙක සබ් ද‍ෙන සයිට් එකක් නිසා,කවිෂ වග්‍ෙ උපරිම්‍ෙටම මහන්සි ව‍ෙන admin ලා දමිත්වග්‍ෙ SA ලා කා‍ෙච්චර හිටියත්වැඩක්නැ සබ් හදන අය නැත්තං(like you).ගහක්කඋනත් ළමය‍ෙක්ග‍ේ උනත් මුල් කාලය තමා හරිම අමාරැ කාලය.

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-08-17

    ම්‍ෙ සයිට් එක පටන්ගත්ත මුල්ම කාලය්‍ෙ කට්ටිය බාග්‍ෙට සබ් කරලාතිබ්බ හැටියට මාත් ම්‍ෙ සයිට් එක ගැන හා‍ෙදටම කලකිරැනා.එහ‍ෙම නා‍ෙකරපු එකම ක‍ෙනා ඔයා.සයිට් එක අද ඉන්න තැනට ග්‍ෙන්න ඔයාලා‍ෙකුම butterfuly effect එකත් ඔයා

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-08-17

    ලංකාව්‍ෙ කා‍ෙල්ලා‍ෙ අප්‍ෙ සිංහල කා‍ෙල්ලා‍ෙ ටිකක් පටං ගත්ත පට්ට‍ෙටම මහංසි ව‍ෙන(මුං මස්ලිම් එවුං න්‍ෙම්‍ෙයි බං එකනිසා මුංටවඩා අරැං හා‍ෙදයි කියන් නැතුව,අප්‍ෙ ජාතිය රැක ගනිමු කියකිය අප්‍ෙ උන්ටම වස ගහපු කැම විකුනන සිංහලයා‍ෙ වග්‍ෙනැතුව මුං සබ්එකක් කරාම සප්එකක් කා‍ෙම‍ෙන්ට් එකක් download කරන කා‍ෙට පා‍ෙඩි ප්‍රමුකත්වයක් දිපං බං).එකම පැතුමsubzlk දිගු ගමනක් යාවාඉතිං ලා‍ෙක්කයිය‍ෙ කවිෂලා,දමිත්ලා මහන්සි ව‍ෙන ම්‍ෙ සයිට් එක ව‍ෙනුව්‍ෙන් ඔයාට කරන්න පුලුව් ද්‍ෙ ඉදිරියටත් කරන්න.over and out

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 54
      2017-08-19

      Thanks, Thanks Sam fisher :-).. සෑහෙන කාලෙකින් දැක්කෙ, ඉතිං කොහොමද ජීවිතේ? කොහොමහරි මට නමකුත් හැදුව, නේහ්? Home Coming කිව්වෙ Spider Man නෙ, අනිවාර්යයෙන් මග බලාගෙන ඉන්නෙ හොඳ ප්‍රින්ට් එකක් එනකං.හොඳ දෙයක් වෙනුවෙන් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකක් වීම (ඒක එහෙමනම්) ඇත්තටම සතුටට කාරණයක්. අනිවාර්යයෙන්ම දමිත්ලගෙ කවීෂලගෙ සහ සමීරලගෙ මේ උත්සාහයට ,මට පුළුවන්තරම් කාලයක් මගෙ උපරිම
      සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා… හෘදයාංගම ප්‍රතිචාරයට? බොහොමත්ම ස්තූතියි මිත්‍රයා, ආයිත් දවසක හමුවෙමු.

  • Prasad Randunu Unregistered
    Android 5.1 UC Browser 10.1
    2017-08-19

    බොහෝම ස්තූතියි අයියා …!

    Reply
  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 55
    2017-08-21

    බොහෝම ස්තූතියි

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved