Login


Not a member? Register or sign up with

Facebook Page

Guardians Of The Galaxy Vol. 2 (2017) Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ මාවල් කොමික්ස් ලෝකයේ තවත් වීරයින් රැසකගෙන් සැරසුණ 2014 වසරේ තිරගත වුණ Guardians Of the Galaxy චිත්‍රපටයේ දෙවැනි වෙළුම.එහෙමත් නැත්නම් Guardians Of The Galaxy Vol-2.මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න  මට බාරදුන්න කවීෂ සහෝදරය ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතියි බොහොමත්ම.මොකද මේ චිත්‍රපටයට මම ගොඩක් කැමතියි.ඇත්තටම මට මේක පළවෙනි චිත්‍රපටයට වඩා ගොඩක් හිතට ඇල්ලුවා.වැඩිපුරම ඉතින් බේබි ගෲට් සහ රොකට් හින්ද තමයි.මේකෙදි ක්‍රිස් පැට් ටිකක් යටපත් වෙලා ගිහින්ද කියලත් හිතෙනවා මට.ඒ කතා ඇතිනෙ යමු චිත්‍රපටයෙ විස්තර පැත්තට...

මේ වසරේ තිරගත වුණ මේ චිත්‍රපටය 2014 වසරෙ තිරගත වූ මුල් චිත්‍රපටය ආසන්නයටම පැමිණෙමින් (මේ වනවිට) IMDB අඩවියෙන් 8.0 ක දැවැන්ත අගයක් උදුරා ගන්නට සමත්වෙනවා.එතනිනුත් නොනැවතී  Rotten Tomatos වෙතින් 82% ක අගයක් ලබාගන්නත්  ගූගල් පරිශීලකයන් 92%කගේ සිත් සොරාගන්නටත් මේ මන්දාකිණි ආරක්ෂකයින් සමත් වෙනවා.සම්මාන ගැන බැලුවොත් සම්මාන 6කට නිර්දේශ වී එයින් එකක් දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් දැක්වූවා.මෙහි අධ්‍යක්ෂණය ජේම්ස් ගන්ගෙන් සුපුරුදු පරිදි රංගනයෙන් දායක වෙන්නෙ පීටර් ක්විල් නොහොත් ස්ටා ලෝඩ් ලෙස Chris Pratt, ගමෝරා ලෙසින් Zoe Saldana, ඩ්‍රැක්ස් ලෙසින් රෙස්ලින් තරුව Dave Batista, යොන්ඩූ ලෙසින් Micheal Rooker සහ නෙබියුලා ලෙසින් Karen Gillen.ඊට අමතරව බේබි ගෲට්ට හඬ දායකත්වය සපයන්නේ Vin Diesel.රොකට් වෙනුවෙන් තම හඬින් සම්මාදම් වෙන්නෙ Bradley Cooper.මේ අය ඇතුළු තවත් බොහෝ පිරිසකගෙ දායකත්වයෙනුයි Guardians Of The Galaxy හැඩවෙන්නෙ...

මුලින්ම මම පළවෙනි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරල ඉන්නම්.එතකොට ලේසියි කට්ටියට.මම එහෙම කිව්වට පළවෙනි එක නොබලපු අය ඉන්නවනම් බලල එන්න.එතකොට ලේසියි.ආරම්භ වෙන්නෙ මෙහෙමයි…වර්ෂ 1988 දී  පීටර් ක්විල්ව අභ්‍යවකාශ යානයකින් ඇවිත් අරගෙන යනවා.එතකොට පීටර් කුඩා දරුවෙක්.කොහොමින්හරි ඔහු රැවේජර් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනව.රැවේජර් කියන්නෙ කෙටියෙන් කිව්වොත් අභ්‍යවකාශ මංකොල්ලකාරයන් කණ්ඩායමක්.රැවේජර්ල දැනගන්නවා Orb එක, එහෙමත් නැත්නම් පවර් ස්ටෝන් එක තියන තැන.පීටර් ගිහින් ඒක අරගෙන විකුණන්න හැදුවත් මේ කතාවෙ දුෂ්ඨයා වුණ රොනාන් ගෙ අණක් අනුව එන ගමෝරා ඒක පැහැරගත්ත තැත් කරනවා.මෙන්න මේ ප්‍රශ්නෙ මැදට රොකට් සහ ගෲට් දෙන්නත් හවුල් වෙනව.අවසානයේ නෝවා බලකායෙ අත්අඩංගුවට පත්වෙන මේ හතරදෙනා අධි ආරක්ෂිත බන්ධනාගාරයක හිර කරනවා.එතෙන්දි තමයි මේ අයට ඩ්‍රැක්ස්ව හම්බවෙන්නෙ...

කොහොමහරි මේ පස්දෙනා එකතුවෙලා බන්ධනාගාරයෙන් පැනයනවා.මේ වෙද්දි මේ Orb එකේ භයානකකම වටහගෙන ඉන්න ගමෝරා එය පැහැරගැනීමෙ අදහස අයින් කරගන්නවා.අන්තිමේ කට්ටියම එකඟතාවයකට එනව Orb එක 'එකතු කරන්නා'ට බාර දෙන්න.ඒක බාරදෙන්න යද්දි  වියරුවෙන් Orb එක හොයාගෙන එන රොනන් ඒක පැහැරගෙන යනවා.ඉතින් මේ Orb එක බේරගන්න පීටර්, ගමෝරා, ඩ්‍රැක්ස්, රොකට් සහ ගෲට් පස්දෙනා කණ්ඩායමක් බවට පත්වෙනවා.අන්න ඒ කණ්ඩායම තමයි මේ මන්දාකිණි ආරක්ෂකයින් ලෙස හැඳින්වෙන්නෙ.මොවුන් සහ රොනන් අතර දරුණු ගැටුමක් ඇතිවෙනවා සැන්ඩර් හීදී.කොහොමින්හරි Orb එකේ බලයම පාවිච්චි කරල රොනන්ව විනාශ කරන්න මේ වීරයො සමත් වෙනව.සටන අතරතුරදී ගෲට් මියයනවා තමන්ගේ කුඩා රිකිලි කැබැල්ලක් පමණක් ඉතිරි කරමින්.Orb එක නෝවා බලකායට බාරදෙන ඔවුන් දිගටම කණ්ඩායමක් විදියට මන්දාකිණියේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින්න තීරණය කරනවා.ඒ තමයි Guardians Of The Galaxy චිත්‍රපටයේ සාරාංශය.දැන් යමු දෙවෙනි චිත්‍රපටය පැත්තට. වැඩිය කියන්න ගියොත් කතාව Spoil වෙන නිසා බොහොම කෙටි හැඳින්වීමක් කරන්නම්…

Guardians of the Galaxy Vol. 2 (2017)

මේ  චිත්‍රපටය ආරම්භ වෙන්නෙ වර්ෂ 1980  ඇමරිකාවෙ මිසුරි ප්‍රාන්තයෙන් (පීටර් ක්විල් ඉපදීමටත් පෙර), පීටර් ක්විල්ගේ මව සහ තවත් අයෙක් (ඒ කවුද කියල දැනගන්න පුළුවන් චිත්‍රපටයඅතරතුර) වනාන්තරයක ඇති යමක්  පෙන්වීමට යන ගමනකින්.එතනින් නැවතත් කතාව එනව වසර 34ක් මෙපිටට.ඒ කියන්නෙ 2014 වසරට.පීටර් ක්විල් ඇතුළු අපේ මන්දාකිණි ආරක්ෂකයින් රොනන්ගේ වියරුවෙන් විශ්වය බේරාගෙන මාස කීපයක් වෙනව මේ වෙනකොට.මේ ජයග්‍රහණයෙන් පසුව ඔවුන් වීරයන් ලෙස නමක් දිනාගෙනයි ඉන්නෙ.පීටර් ක්විල් දැන් ස්ටාලෝඩ් නමින් විශ්වය පුරා කිතුගොස පතුරවා අවසන්.දැන් මේ කණ්ඩායමේ සාමාජිකයන් අතර තවත් හුරුබුහුටි කෙනෙක් ඉන්නවා ඒ තමයි මියගිය ගෲට්ගේ අතුරිකිල්ලකින් උපන් බේබි ගෲට්.මේ අතරෙදි මේ අයට සොවරීන් ග්‍රහලොවෙන් භාරදූර රාජකාරියක් බාරදෙනවා.එහිදී රොකට් සහ ඩ්‍රැක්ස් එකතුවෙලා කරන පොඩි හොරයකින් කට්ටිය ලොකු ප්‍රශ්නෙකට මැදිවෙනවා.ඔවුන්ව ඒ කරදරෙන් ගලවගන්න නාඳුනන ගැලවුම්කරුවෙකුත් ස්වේච්ජාවෙන්ම ඉදිරිපත් වෙනවා.හැබැයි මේ ගැලවුම්කරුවා නිසා ඔවුන් නොසිතූ කරදරයකට පත් වෙන අතරම පීටර්ට තමන්ගේ සැබෑ උරුමය ගැනත් දැනගන්න ලැබෙනවා.එහෙනම් මන්දාකිණි ආරක්ෂකයන්ගේ සුරුවිරුකම්, විහිළු තහළු, දුක් සුසුම් සහ සුන්දර ගීත රැසකින්ද පිරි මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.ආයිත්  දවසක හමුවෙමු.මතක ඇතුව පහලින් තියන ටිකත් කියවලම යන්න…ඒ විතරක් නෙමෙයි මේකෙ ක්‍රෙඩිට් දර්ශන 5ක්ම තියනව ඒ නිසා අවසානය වෙනකම්ම බලන්න!!!

පැහැදිළි කිරීම්

මේ චිත්‍රපටය පීටර්ගේ ලමාකාලයට සම්බන්ධයි.ඒ කියන්නෙ 1980 දශකය.මතකනෙ පීටර්ව පෘතුවියෙන් අරගෙන යන්නෙ 1988දි ඒ නිසා ඔහුට තියන එකම පෘතුවි මතකයත් ඒ කාලය විතරයි.ඒ නිසාම 80 දශකයේ ජනප්‍රිය බොහොමයක් දේවල් සහ චරිත චිත්‍රපටය පුරාවට අහන්න දකින්න පුළුවන්.අපේ කුඩා  කාලය තාස්‍රයෙන් පුරවපු අදටත් අපි ගොඩක් ආදරය කරන කෙනෙක් ඒ අතරෙ ඉන්නවා.

මැරී පොපින්ස් :- 1964 තිරගතවූ එම නමින්ම වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය.කුඩයක ආධාරයෙන්  අහසේ ගමන් කරන නැනී කෙනෙකු වටා ගෙතුණ කතාවක්.මේ නම සහ  එහි දෙබසක් අහන්න ලැබෙයි චිත්‍රපටයෙ අවසාන භාගයේදි.

Spoiler Warning : Peter Quill and his fellow Guardians are hired by a powerful alien race, the Sovereign, to protect their precious batteries from invaders. When it is discovered that Rocket has stolen the items they were sent to guard, the Sovereign dispatch their armada to search for vengeance. As the Guardians try to escape, the mystery of Peter's parentage is revealed...

8.1
IMDB

Year : 2017

Actors : chris pratt, zoe saldana, dave bautista, vin diesel

The Guardians must fight to keep their newfound family together as they unravel the mystery of Peter Quill's true parentage.


2021-11-04 11:38 am
Junior Admin

Movies

273

Tv Episodes

225

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 9496
  • File Size : 43.056KB
  • Sub Update :2020-10-18
  • Madusha Unregister User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ.
    පුලුවන්නම් Watchmen (2009) එකට සබ් දෙන්න.
    ජය!

    2017-08-17 at 9:22 am
  • hasitha Unregister User
    Windows 7Firefox 54

    බොහොම ස්තූතියි, මධූෂ..! Watchman මමත් බලල නෑ, උපසිරැසි දෙන්නම් ලඟදීම.

    2017-08-17 at 12:07 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    Hello brother ඇත්තටම ම්‍ෙකිව‍ෙනි මහවල් චිත්‍රපටියද.තවත් මහම මහවල් එකක් homecoming ව‍ෙනවා දනන්වන්‍ෙ එක ඉතිං මාවල් fan ක‍ෙන‍ෙකන්‍ෙ ඔයත්.හසිත කියන්න්‍ෙ subzlk එක්‍ෙ ලා‍ෙක්කඅයිය කියලයි මංනං කියන්න්‍ෙ.ම්‍ෙක සබ් ද‍ෙන සයිට් එකක් නිසා,කවිෂ වග්‍ෙ උපරිම්‍ෙටම මහන්සි ව‍ෙන admin ලා දමිත්වග්‍ෙ SA ලා කා‍ෙච්චර හිටියත්වැඩක්නැ සබ් හදන අය නැත්තං(like you).ගහක්කඋනත් ළමය‍ෙක්ග‍ේ උනත් මුල් කාලය තමා හරිම අමාරැ කාලය.

    2017-08-17 at 9:37 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    ම්‍ෙ සයිට් එක පටන්ගත්ත මුල්ම කාලය්‍ෙ කට්ටිය බාග්‍ෙට සබ් කරලාතිබ්බ හැටියට මාත් ම්‍ෙ සයිට් එක ගැන හා‍ෙදටම කලකිරැනා.එහ‍ෙම නා‍ෙකරපු එකම ක‍ෙනා ඔයා.සයිට් එක අද ඉන්න තැනට ග්‍ෙන්න ඔයාලා‍ෙකුම butterfuly effect එකත් ඔයා

    2017-08-17 at 9:48 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    ලංකාව්‍ෙ කා‍ෙල්ලා‍ෙ අප්‍ෙ සිංහල කා‍ෙල්ලා‍ෙ ටිකක් පටං ගත්ත පට්ට‍ෙටම මහංසි ව‍ෙන(මුං මස්ලිම් එවුං න්‍ෙම්‍ෙයි බං එකනිසා මුංටවඩා අරැං හා‍ෙදයි කියන් නැතුව,අප්‍ෙ ජාතිය රැක ගනිමු කියකිය අප්‍ෙ උන්ටම වස ගහපු කැම විකුනන සිංහලයා‍ෙ වග්‍ෙනැතුව මුං සබ්එකක් කරාම සප්එකක් කා‍ෙම‍ෙන්ට් එකක් download කරන කා‍ෙට පා‍ෙඩි ප්‍රමුකත්වයක් දිපං බං).එකම පැතුමsubzlk දිගු ගමනක් යාවාඉතිං ලා‍ෙක්කයිය‍ෙ කවිෂලා,දමිත්ලා මහන්සි ව‍ෙන ම්‍ෙ සයිට් එක ව‍ෙනුව්‍ෙන් ඔයාට කරන්න පුලුව් ද්‍ෙ ඉදිරියටත් කරන්න.over and out

    2017-08-17 at 10:00 pm
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි සහෝ

    2017-08-18 at 1:44 pm
  • hasitha Unregister User
    Windows 7Firefox 54

    Thanks, Thanks Sam fisher :-).. සෑහෙන කාලෙකින් දැක්කෙ, ඉතිං කොහොමද ජීවිතේ? කොහොමහරි මට නමකුත් හැදුව, නේහ්? Home Coming කිව්වෙ Spider Man නෙ, අනිවාර්යයෙන් මග බලාගෙන ඉන්නෙ හොඳ ප්‍රින්ට් එකක් එනකං.හොඳ දෙයක් වෙනුවෙන් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකක් වීම (ඒක එහෙමනම්) ඇත්තටම සතුටට කාරණයක්. අනිවාර්යයෙන්ම දමිත්ලගෙ කවීෂලගෙ සහ සමීරලගෙ මේ උත්සාහයට ,මට පුළුවන්තරම් කාලයක් මගෙ උපරිම
    සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා… හෘදයාංගම ප්‍රතිචාරයට? බොහොමත්ම ස්තූතියි මිත්‍රයා, ආයිත් දවසක හමුවෙමු.

    2017-08-19 at 12:33 am
  • Prasad Randunu Unregister User
    Android 5.1UC Browser 10.1

    බොහෝම ස්තූතියි අයියා …!

    2017-08-19 at 5:13 am
  • දමිත් ප්‍රියංකර Admin (SYSTEM)
    Android 5Facebook App 130

    Ammo kavisha..boru kiyana tharam…wonderwoman ta ne oyaa kmathi..batman ta neweyi ne

    2017-08-19 at 8:32 pm
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 55

    බොහෝම ස්තූතියි

    2017-08-21 at 12:48 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More