OtherLife (2017) Sinhala Subtitle
කොහොමද ඉතින් කට්ටියට?අවධානම් ක්‍රීඩාවල යෙදෙන්න, ලෝකයේ විවිධ තැන්වල ඇවිදින්න වගේ විවිධ අලුත් අත්දැකීම් ලබාගන්න අපි හරි කැමතියිනෙ.අපි ගොඩක් අයට ඒ වගේ හීන තියනවා.ඒත් විවිධ හේතු නිසා ඒ ගොඩක් හීන අපේ හිත් ඇතුලෙම ඉතිරිවෙලා අපිත් එක්කම වැළලිලා යනවා.ඒ අතරින් ප්‍රධාන හේතුවක් කාලය.වැඩ රාජකාරි ගොඩක හිරවෙලා ගෙවන ජීවිතය අපේ හීන ගොඩක් අපිටත් හොරා යටපත් කරල දානව.නමුත් අපේ හීනවල මග අහුරන ඔය වගේ එකී මෙකී නොකී ගැටලුවලට විසඳුමක් තියනම්?අපි ලබාගන්න කැමති අලුත් අත්දැකීම්, අවධානම් අත්දැකීම් ඉතාම සුළු කාලයකින් තමන්ගේ සිතට ඇතුල් කරගන්න පුළුවන්නම් ?ඒ අත්දැකීම් මිලදී ගන්න පුළුවන්නම් හරියට වීඩියෝ ක්‍රීඩා වගේ?කැමතියි නේද ඒකට?මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ එවැනි දෙයක් සම්බන්ධවයි.චිත්‍රපටය තමයි මේ වසරේ තිරගත වුණ ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Otherlife.IMDB වෙතින් 6.3 අගයකුත්, Rotten Tomatosලගෙන් 63%ක අගයකුත් ලබාගන්න සමත්වුණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Ben C. Lucas ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Jessica De Gouw (රෙන් අමාරි), Thomas Cocquerel (ඩැනී), T.J. Power (සෑම්), Liam Graham (ජෙරාඩ් අමාරි), Clarence John Ryan (බයිරොන්) ඇතුළු නළු නිළි පිරිසක්.කතාව ගැන කිව්වොත් මෙහෙමයි…
රෙන් අමාරි පරිගණක වැඩසටහන් නිර්මාණය කරන කෙනෙක්.ඇය නිර්මාණය කරනවා ‘දෙවෙනි දිවිය’ නම් ජීවවිද්‍යාත්මක පරිගණක වැඩසටහනක් මිනිසුන්ට තමන් කැමති අත්දැකීම් ලබාදීම සඳහා.හැබැයි එක අත්දැකීමක් උපරිමව ලබාගත හැක්කේ එක් දිනයකට පමණයි.ඒ වගේම රෙන්ගේ මූලික අරමුණත් වෙනස් එකක්.මේ ව්‍යාපෘතියෙදි ඇයගෙ හවුල්කාරය සෑම. සෑම්ට ඕනෙ මේක එක් දිනයක සහ තනි පුද්ගල අත්දැකීමකට සීමා නොකර එයින් එහාට ගෙනියන්න.ඔය අතරෙදි මේකට රාජ්‍ය මැදිහත්වීමක් සිදුවෙනවා.ඔවුන්ගේ අරමුණ සිරගෙවල් පිරී ඉතිරී යාම වැලැක්වීම සඳහා මේ ක්‍රමය මගින් සිර දඬුවම අඩුකාලයකින් වර්චුවල් ලෙස ලබාදීම.මේ කාරණය නිසා සෑම් සහ රෙන් අතර මතභේද ඇතිවෙන අතර සිදුවන සිදුවීමකින් රෙන්ගේ ජීවිතය වෙනස් වෙනවා…
මීට වඩා කිව්වොත් වැඩක් නෑ ඔයගොල්ලො නරඹලම බලන්න.ඒ වගේම කියන්න ඕනෙ මේ චිත්‍රපටය තුල දැවැන්ත පරිගණක සජීවීකරණ වගේ දේවල් නෑ.බොහොම අඩු වියදමකින් නිර්මාණය කල චිත්‍රපටයක් මේක.ඒ වුණත් කුතුහලයෙන් බලන්න පුළුවන් හොඳ තේමාවක් සහිත චිත්‍රපටයක් බව කියන්නම ඕනෙ.ඒ වගේම මට මේක බාරදීපු අපේ කවීෂ සහෝදරයවත් මතක් කරන්න ඕනෙමයි.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
Spoiler Warning : A scientist develops a revolutionary drug that alters the brain’s sense of time, creating a virtual reality directly in the user’s mind. The government attempts to take over her project, claiming the drug can solve overcrowded prisons…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ 🙂
මාත් බැලුවා සුපිරිම කතාවක්?
උපසිරැසියට තුති?
ඔබය ජය???
බොහොම ස්තූතියි. පසිඳු 🙂
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි, මධූෂ 🙂
තෑන්ක්ස් සහෝ සබ් එකට.
කියලා තියෙන විස්තර හැටියට බලන්නම හිතෙනවා.
අනිවාර්යයෙන් බලනවා.
බොහොම ස්තූතියි, ළහිරු 🙂
Supiri bn….elaaz….Thank u.
බොහොම ස්තූතියි, සංජීව 🙂
ගොඩක් ස්තුති හසිත සහො ඔයා නිසා තමයිඇමරිකන් hollywood film වලට අමතරව ස්පැනිශ්,සිංගපු වගෙ එව බලන්න පුරැදු වුනෙ එකනිසා ඔස්ට්‍ර්‍ෙලියන් එක් ගෙනාවට ස්තුති.
බොහොම ස්තුතියි, සෑම් 🙂 මේ ෆිල්ම් එක සොයාදීමේ ක්‍රෙඩිට් එක යන්න ඕනෙ අපේ කවීෂ සහෝදරයටයි. ස්පැනිෂ් එකක් දුන්නෙත් නෑනේද මං කාලෙකින්? බලමුකො ඉදිරියට..
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
supiri bro
NIce film akak