Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Abyss (2019) [S01 : E16] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E15] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E14] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E13] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E12] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E11] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E10] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E09] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E08] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E07] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E16] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E15] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E14] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E13] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E12] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E11] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E10] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E09] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E08] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Angel Has Fallen (2019) Sinhala…

Angel Has Fallen (2019) Sinhala Subtitle

December 01, 2019 Junior Admin

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Olympus Has Fallen (2013), London Has Fallen (2016) ලෙස මින් පෙර අප හමුවට පැමිණි Fallen චිත්‍රපට මාලාවේ තෙවැන්න නොහොත් Angel Has Fallen ( 2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත රැගෙනයි. චිත්‍රපටයේ උපසිරැසිය මා වෙත බාරදුන් අපේ කවීෂ සහෝදරයාට ස්තූතිවන්ත වෙන ගමන්ම මුලින්ම කියන්න ඕනෙ කතාවට සෘජු සම්බන්ධයක් නැතත් මේ චිත්‍රපටය නරඹන්නට පෙර මුල් චිත්‍රපට ද්විත්වය නරඹා තිබීම අවශ්‍ය වන බව. ඊට හේතුව කතාව අතින් එකිනෙක වෙනස් වුණත් කථානායකයා එකම තැනැත්තෙක් වීම . දෙවන චිත්‍රපටය තිරගතවී මේ වනවිට වසර තුනක් ගෙවී ඇති නිසා මම මේ දක්වා කතාව ඉතාම කෙටියෙන් ඔබ වෙත ගෙන එන්නම්. මුල් චිත්‍රපට ද්විත්වය නරඹා නැති අය මෙතනින් ඉදිරියට ලිපිය කියවීම් රසවින්දනයට බාධාවක් විය හැකියි. එසේම චිත්‍රපටයේදී ඔබට හමුවන විශේෂ වචනවල අර්ථද ලිපිය තුල ඇතුලත්.

Olympus Has Fallen (2013)

Fallen චිත්‍රපටමාලාවේ ආරම්භය වන මෙය සාමාන්‍යයෙන් මෙවන් චිත්‍රපට මාලාවලදී අපි නිතර දකින්නාක් මෙන්ම මෙහි සාර්ථකම චිත්‍රපටය කියන්නට පුළුවන්. කතාවේ කථානායකයා ඇමරිකානු සීක්‍රට් සර්විස් නියෝජිතවරයෙකු වන මයික් බැනින්. දැන් ඔබට ප්‍රශ්ණයක් නැගෙන්නට පුළුවන් මොකද්ද මේ සීක්‍රට් සර්විස් කියන්නෙ කියල. මුලින් ඒක විසඳගෙන ඉමු.

United States Secret Service නොහොත් USSS

එහි ලාංජනය

නියෝජිතවරුන්ට ලැබෙන නිල මුද්‍රාව

වර්ෂ 1865දී ඇරඹි මෙය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව සැලසීම හා ආරක්ෂාව සම්බන්ධ අපරාධ විමර්ශන කටයුතු සඳහා බලය පැවරී ඇති ෆෙඩරල් නීති බලාත්මක ආයතනයකි ( Federal Law enforcement agency). මෙය සෘජුවම ඇමරිකා එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security ) යටතේ ක්‍රියාත්මක වන්නක් වුවත් 2003 වසරට පෙර මෙය තිබී ඇත්තේ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේයි, ඒ මෙම ඒකකය මුලින්ම ආරම්භකර ඇත්තේ එවක ( 1865) දැඩිව පැතිර තිබූ ව්‍යාජ මුදල් මුද්‍රණ ජාවාරම් වළක්වාලීමට නිසා.

ඉතින් මෙන්න මේ සීක්‍රට් සර්විස්හි නියෝජිතවරයෙක් වන මයික් බැනින්ගෙ පැත්තට අපි යමු ආයිමත්. සීක්‍රට් සර්විස් නියෝජිතවරයෙකු වීමට පෙර එක්සත් ජනපද හමුදා රේන්ජර්වරයෙක්වූ ඔහු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂක භට පිරිසේ ප්‍රධානියා. එවක ජනපති බෙන්ජමින් ඈෂරුත්, ජනපති ආර්යාව මාග්‍රට් සහ ඔවුන්ගේ පුත් කොනර් සමග ඉතා සුහදව තම රාජකාරිය නිසි පරිදි කරගෙන යනවා මයික් බැනින්. හිම පතනය තදින් ඇති නත්තල් දින රාත්‍රියක කෑම්ප් ඩේවිඩ්හි ( එක්සත් ජනපද ජනපතිගේ නිල විවේක නිකේතනයක්) සිට පැමිනෙමින් සිටින ජනපති ඇතුළු පවුල ගමන්ගත් රථය හිමේ ලිස්සා යාම නිසා අනතුරකට භාජනය වී ඉවුරකින් ඇදවැටීමට ආසන්න තත්වයකට පත්වෙනවා. එතනදී බේරාගන්නේ ජනපතිවද එසේත් නැත්නම් ආර්යාවද යන උභතෝකෝටික ප්‍රශ්ණයට මැදිවන මයික් එතනින් තෝරාගන්නේ ජනපති ඈෂර්ව , ඒත් එක්කම වාහනය ඉවුරෙන් පහලට ඇද වැටී ජනපති ආර්යාව මියයනවා. මේ හේතුවෙන් මයික්ට තම රැකියාව අහිමිවී යනවා. ඉන් වසර එක හමාරකට පසු ජනපති බෙන්ජමින් ඈෂර් දකුණු කොරියානු අගමැතිවරයා සමග ධවල මන්දිරයේ සාකච්ඡාවක් පවත්වන අතරතුර හිටපු සීක්‍රට් සර්විස් නියෝජිතවරයෙකුවූ ඩේව් ෆෝබ්ස් නැමැත්තාගේද සහය ඇතිව උතුරු කොරියානු ත්‍රස්ත සංවිධානයක් ධවල මන්දිරයට ප්‍රහාරයක් එල්ල කරනවා. ජනපති ඈෂර්වත් තවත් ඉහල නිලධරයන් පිරිසක්වත් වයිට් හවුස් බන්කරය තුල ( එ:ජ: ජනපති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය) ප්‍රාණ ඇපයට රඳවාගන්නවා මේ ත්‍රස්ත පිරිස. ධවල මන්දිර නිලධාරිනියක් ” ඔලිම්පස් හෑස් ෆෝලන්” ලෙස කේතයක් භාවිතයෙන් මෙය දන්වනවා සීක්‍රට් සර්විස් අධ්‍යක්ෂ ලින් ජේකොබ්ස්ට ( මෙහිදී ඔලිම්පස් ලෙස කේත නාමයකින් හැඳින්වෙන්නේ ධවල මන්දිරය). සේවයෙන් ඉවත්කර සිටින, නමුත් ධවල මන්දිරය ඇතුලාන්තය හොඳින් හුරු පුරුදු මයික් බැනින් ජනපතිගේ සහ පිරිසගේ සහයට එන්නෙ මෙතනදි. ප්‍රහාරය මැද්දෙ ධවල මන්දිරයට ඇතුල්වෙන ඔහු ජනපති ඈෂර්ගේ සැටලයිට් දුරකථනය භාවිතයෙන් ජේකොබ්ස් සහ කතානායක ඇලන් ට්‍රම්බල් ( ඒ වනවිට වැඩබලන ජනපති) සමග සම්බන්ධතාවය පවත්වාගන්නවා. මුලින්ම ධවල මන්දිරයේ සැඟවී සිටින ජනපති පුත් කොනර්ව බේරාගන්නා මයික් ඉන්පසුව දැඩි සටනක් දී ජනපති ඈෂ්ර්වත් ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගන්නවා. අවසානයේ මයික් බැනින්ට නැවතත් තම පැරණි රාජකාරිය නිල වශයෙන් බාරකෙරෙනවා.

London Has Fallen (2016)

G8 ඒකාබද්ධ බුද්ධි සේවා විසින් පාකිස්තාන ආයුධ ජාවාරම්කරුවෙකු සහ ත්‍රස්තවාදියෙකු වන ආමීර් බර්කාවි සිටින තැන සොයාගෙන එයට ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවසරය ලබාදෙනවා. ආමිර් සිටින්නේ ඔහුගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගිවෙමින්. ප්‍රහාරයෙන් බර්කාවිත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් මියයනවා. වසර දෙකකට පසු එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය ජේම්ස් විල්සන් හිටිහැටියේ මියයන අතර ලෝක රාජ්‍ය නායකයන් ඔහුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට සූදානම් වෙනවා. මේ වනවිටත් සීක්‍රට් සර්විස් අධ්‍යක්ෂ ධුරය හොබවන ලින් ජේකොබ්ස් මයික් බැනින්ට බාරදෙනවා එක්සත් ජනපද ජනපති බෙන්ජමින් ඈෂර්ගේ ආරක්ෂාව, ඒ ඔහුගේ බිරිඳ ලියා තම දරු ප්‍රසූතියට සති කීපයක් පමණක් මෙපිටින් සිටියදී. ජනපති ඈෂර් සහ පිරිවර එයා ෆෝස් වන්* යානයකින් ( එක්සත් ජනපද ජනපති ගමන් ගන්නා ඕනෑම මගී ගුවන් යානයක් හඳුනාගැනීමට භාවිතා කරන ගුවන් ගමන් පාලක සංඥා නාමය [Call sign]) යානයකින් ලන්ඩනයේ ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපොළට පැමිණෙන අතර ඔවුන් එහි සිට වේලාසනම මධ්‍යම ලන්ඩනයේ සමර්සෙට් හවුස් වෙත මැරීන් වන් ( එ:ජ: ජනපති ගෙනයන ඕනෑම හෙලිකොප්ටරයක් හඳුනාගැනීමට භාවිතා කරන ගුවන් ගමන් පාලක සංඥා නාමය) යානයකින් පැමිණෙනවා. ජනපති ඈෂර්ගේ නිල රථය ලන්ඩනයේ ශාන්ත පාවුළු දේවස්ථානය වෙත සැපත්වද්දී, පොලිස් ඇඳුමිනුත්, බ්‍රිතාන්‍ය ක්වීන්ස් ගාඩ්වරුන් ලෙසත් සැරසුනු ත්‍රස්ත පිරිසක් බටහිර නායකයන් පස් දෙනෙක් මරාදමනවා. වේලාසන පැමිණීම නිසා ප්‍රහාරයෙන් ගැලවෙන ජනපති ඈෂර්ව සහ ජේකොබ්ව මයික් විසින් නැවත මැරීන් වන් හෙලිකොප්ටරය වෙත යවනවා. එය මිසයිල ප්‍රහාරයකින් හානිවී හයිඩ් පාක් වෙත කඩාවැටෙන අතර සීක්‍රට් සර්විස් අධ්‍යක්ෂිකා ලින් ජේකොබ්ස් එයින් මියයනවා. මයික් ජනපති ඈෂර්ව ආරක්ෂිත ස්ථානයකට ගෙනයනවා. මේ වනවිට උප ජනාධිපති ධුරය දරන ඇලන් ට්‍රම්බල් බ්‍රිතාන්‍ය නීති ආයතන හා එක්ව ජනපති ඈෂර් සිටින තැනක් සෙවීමට උත්සාහ දරනවා. ඒ අතරේදී ට්‍රම්බල්ට ඇමතුමක් ලැබෙනවා මියගොස්යැයි සිතා සිටි ආමිර් බර්කාවිගෙන්, ඒ යේමනයේ සිට. ඔහු තම පුත් කම්රාන් විසින් කල මෙම ප්‍රහාරයේ වගකීම බාරගන්නවා, විවාහය දිනයේ ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් මිය ගිය තම දියණිය ඇතුළු පව්ලේ සාමාජිකයන්ගේ මරණවලට පළිගැනීමක් බව පවසමින්.ලෝක නායකයන් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය විල්සන්ට වස දී මරාදමා ඇත්තේත් ඔහු වන අතර, ජනපති ඈෂර්ව තම පුත්‍රයාගේ ග්‍රහණයට හසුවුවහොත්, ඔහුව මරාදැමීම ලෝකයටම සජීවීව විකාශය කරන බවත් බර්කාවි පවසනවා. චන්ද්‍රිකාවට හසුවීමට සලකුණක් ඉතිරිකර මයික් ජනපති ඈෂර්ව MI-6 ( බ්‍රිතාන්‍ය විදේශ බුද්ධි සේවා අංශය) ආරක්ෂිත නිවස්නයකට ගෙන යනවා. බැනින්ගේ සංඥාව දකින උප ජනපති ට්‍රම්බල්ගෙන් ඔවුන්ට පණිවිඩයක් ලැබෙනවා ඔවුන්ව තම මව්රටට නැවත රැගෙන ඒමට ඩෙල්ටා ෆෝස් කණ්ඩායමක් එවා ඇති බවට. එහෙත් නියමිත වේලාවට පෙර කණ්ඩායමක් පැමිණෙන අතර ඒ බර්කාවිගේ පිරිසක් විය හැකි බවට සැක කරන මයික් ජනපති ඈෂර්ව එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ගෙනයන්නට තැත් කලත්, මයික්ගේ අනුමාන්‍ය සත්‍ය බව ඔප්පු කරමින් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම ජනපති ඈෂර්ව පැහැරගෙන යනවා. බැනින්ව සැබෑ ඇමරිකානු ඩෙල්ටා ෆෝස් සහ බ්‍රිතාන්‍ය SAS (Special Air Service) ඉවත්කරගැනීම් කණ්ඩායම මගින් බේරාගැනෙනවා. මයික් ඇතුළු පිරිස පසුව ජනපති ඈෂර්ව බේරාගන්නවා බර්කාවිගේ පුත්‍ර කම්රාන් ඇතුළු පිරිස මරාදමමින්. ඉන් පසු ඩ්‍රෝන ප්‍රහාරයකින් බර්කාවිද මරා දැමෙනවා.

ඊට සති දෙකකට පසුව අපිට දකින්නට ලැබෙනවා මයික් තම බිරිඳ ලියා සහ අලුත උපන් දියණිය ලින් සමහ තම නිවසේ කාලය ගෙවන ආකාරය. ඔහු දියණියට ලින් ලෙස නම් තබන්නේ මියගිය හිටපු සීක්‍රට් සර්විස් අධ්‍යක්ෂිකා ලින් ජේකොබ්ස් සිහිවීමට. රාජකාරියෙන් හෙම්බත්ව සිටින මයික් ඉල්ලා අස්වීමේ ලිපියක් යතුරු ලියනය කලත්, උප ජනපති ඇලන් ට්‍රම්බල් පසුගිය සිදුවීම් අලලා රූපවාහිනියෙන් කරනා ප්‍රබල කතාව අසන ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය මකා දමනවා.

Angel Has Fallen (2019)

මෙවරත් සුපුරුදු පරිදිම මයික් බැනින් වටා තමයි කතාව දිවෙන්නෙ. ඔහු මේ වනවිටත් සීක්‍රට් සර්විස් නියෝජිතයෙක්, ඒ මේ වනවිට ජනපති ධුරය හොබවන ඇලන් ට්‍රම්බල් යටතේ. මේ වනවිට සීක්‍රට් සර්විස් අධ්‍යක්ෂ ධුරය හොබවන ඩේවිඩ් ජෙන්ට්‍රි විශ්‍රාම යාමට සූදානම් වන අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුස්සන් අතර ඉහලින්ම සිටින්නේ මයික් බැනින්. තම බිරිඳ වන ලියා ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස ඔහුව උනන්දු කලත්, රාජකාරියෙන් වෙහෙසව සිටින මයික්ගේ ඒතරම් අදහසක් නෑ අධ්‍යක්ෂ ධුරය බාරගැනීමට. ඔය අතරේ මයික්ගේ හමුදා සේවා කාලයේ මිතුරකු වන වේඩ් ජෙනින්ග්ස් නැමැත්තෙක් සේලියන්ට් ග්ලෝබල් නමින් පෞද්ගලික ආරක්ෂක හමුදා සේවා සැපයිමේ සමාගමක් පවත්වාගෙන යන අතර එක්සත් ජනපද හමුදා පුහුණුකිරීම් කොන්ත්‍රාත්තුවක් තම සමාගමට ලබාගැනීමට උදව්වෙන ලෙස ඔහු මයික්ගෙන් ඉල්ලා සිටිනවා. ඔය අතරේ ජනපති ට්‍රම්බල් විවේකයෙන් සිටීමට යන ගමනකදී ඔහුට අධි තාක්ෂණික මට්ටමේ ප්‍රහාරයක් එල්ල වෙනවා කිසිවෙක් නොසිතූ ලෙස….එතනින් එහාට මයික්ගේ ජීවිතය වෙනස්වෙනවා ඔහු නොසිතූ ලෙස… චිත්‍රපටයේ කතාවට මේ වගේ කෙටි ආරම්භයක් විතරක් දීල නවතින්නම් මම වෙනදා වගේම. දෙවන චිත්‍රපටය මෙන්ම මෙවරත් විවේචකයන්ගේ දැඩි විවේචනයට ලක්වූ මේ Fallen සිනමා පට පෙලේ තෙවන සාමාජිකයා IMDB වෙතින් මේ වනවිට 6.5 ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 39%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 45%ක අගයකුත්, ගූගල් පරිශීලක ප්‍රසාදය 86%කුත් ලබා තිබෙනවා. කෙසේ වෙතත් කතාව පැත්තෙන් යම් අඩුලුහුඬුකම් ඇතත්, ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ගත්කල විවේචකයන් පවසන තරමටම මෙය අසාර්ථක නිර්මාණයක් නොවෙන බවයි මගේ පෞද්ගලික අදහස. නමුත් හතරවන පස්වන නිර්මාණ දක්වා ‘ඇදගෙන’ නොගොස් මෙය මෙතනින් හමාර කිරීමනම් වඩා සුදුසුයි මම හිතන්නෙ. මයික් බැනින්ට පණ පොවන ජෙරඩ් බට්ලර්ද පවසා තිබුණා Fallen සිනමාපට පෙලේ අවසානය මෙය වනු ඇති බව. දැන් අපි රංගනයෙන් දායක වෙන පිරිස ගැන බැලුවොත් මුල් චිත්‍රපට ද්විත්වයෙන් මේ තෙවන චිත්‍රපටයට ප්‍රවේශ වන්නේ ජෙරඩ් බට්ලර් සහ ජනපති ඇලන් ට්‍රම්බල්ට පණ පොවන මෝගන් ෆ්‍රීමන් පමණයි. මයික්ගේ බිරිඳ ලියා ලෙස දෙවන චිත්‍රපටයේ රඟපෑ රාධා මිචෙල් වෙනුවට මෙවර එම චරිතය භාරවන්නේ පිපර් පෙරබෝ හටයි. ලිපිය ඇති වගෙයි මම හිතන්නෙ දැන්..චිත්‍රපටය නැරඹීමේදී අවශ්‍ය විය හැකි කරුණු කීපයක් මම පහතින් සඳහන් කරමින්ම මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ඉහත සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.

ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සහ BLURAY පිටපත් යන දෙවර්ගයටම ගැලපේ.

විශේෂ :-
• බ්ලැක් වෝටර් අපවාදාත්මක සිදුවීම ( Black water Scandal)

මේ සිදුවීම සෘජුවම චිත්‍රපටයේ මෙවර කතාතේමාවට සම්බන්ධයි. ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදය තම යුධ කටයුතු සඳහා පුද්ගලික ආරක්ෂක සේවා සමාගම් කොන්ත්‍රාත් පදනම මත සම්බන්ධ කරගත්තා, ඉරාක ආක්‍රමණයේදීත් ඇතුළුව. මෙකී ඛේදවාචකයත් ඉරාකයේදී සිදුවීමක්. 2007 වසරේ සැප්තැම්බර් 16වන දින එවන් ඇමරිකානු කොන්ත්‍රාත් ආරක්ෂක සේවා සමාගමක්වූ බ්ලැක්වෝටර් (මේ සමාගම අද ඇකෙඩමි නමින් හැඳින්වේ) ආරක්ෂක උපදේශක සමාගමේ සේවකයන් (භටයන්) විසින් එක්සත් ජනපද තානාපති රථපෙලක් ගෙනයමින් සිටියදී නිරායුධ ඉරාක සිවිල් වැසියන් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා බැග්ඩෑඩ් නුවර නිසොර් චතුරස්‍රය අසලදී, එයින් තුවාල ලැබූ සංඛ්‍යාව 20 දෙනෙක්. ඉරාක- එක්සත් ජනපද සම්බන්ධය දැඩි දෙදරීමකට ලක්කල මේ සිදුවීමෙන් පසුව එයට සම්බන්ධවූ භටයන් වැඩිපිරිසක් ඇමරිකානු ෆෙඩරල් අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට පත්වුණා .

• බැලස්ටික් හාඩ් කවර් ( Ballistic Hard Cover)

ජනපතිගේ ආරක්ෂාව සඳහා ඕනෑම ස්ථානයක සකසා ඇති වෙඩි නොවදින ආවරණ ස්ථාන පොදුවේ මේ නමින් හැඳින්වේ.

• HRT නොහොත් ප්‍රාණ ඇපකරු මුදාගැනීම් ඒකකය (Hostage rescue team)
මෙය FBI සංවිධානය හා අනුබද්ධ විශේෂ දිගුදුර මෙහෙයුම් බළකායකි.

• Vin අංකය නොහොත් රථය හඳුනාගැනීම් අංකය (vehicle identification number)

මෙය සරලවම මෝටර් රථයක ඇඟිලි සලකුණ ලෙස හැඳින්විය හැක. ඒ එකම Vin අංකය සහිත රථ දෙකක් තිබිය නොහැකි බැවිනි. රථ වර්ගයෙන් වර්ගයට මාදිලියෙන් මාදිලියට මෙය සඳහන් ස්ථානය වෙනස් වන අතර, මිශ්‍ර අංක හා අකුරු 17කින් සමන්විත මේ අංකය මගින් අදාල රථයේ සුවිශේෂ පහසුකම්, විස්තර සහ නිෂ්පාදකයා ආදිය දැක්වේ. මෙම අංකය ප්‍රයෝජනයට ගැනෙන්නේ නිෂ්පාදන දෝෂ නිවැරදිකිරීමට හෝ මෘදුකාංග යාවත්කාලීන කිරීම් සඳහා රථ ආපසු කැඳවීම ( Recall) , ලියාපදිංචි කිරීම් කටයුතු, රථයේ වගකීම්, රක්ෂණ ආදී කටයුතු ආදියේදියි.

ලෑන්ඩ් රෝවර් රථයක Vin අංකයක්

• 2016 russia election tampering ( 2016 එ:ජ ඡන්ද ප්‍රතිඵලයට රුසියාව මැදිහත්වීම)

2016 වසරේ එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රධාන තරඟකරුවන්වූයේ හිලරි ක්ලින්ටන් මහත්මිය සහ වත්මන් ජනපති ඩොලන්ඩ් ට්‍රම්ප් මහතායි. හිලරි ක්ලින්ටන් මහත්මිය පරදවා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කරවීම සඳහා රුසියාව හැක්කිරීම් මගින් මැතිවරණ ප්‍රතිඵල වෙනස්කලේයැයි චෝදනාවක් තිබෙනවා. චිත්‍රපටයේ එක් තැනක මෙය සඳහන් වෙනවා.

• Tunnel rat ( ටනල් රැට් )

ලෝකෙට ලොක්කා ඇමරිකාව ගම්වැසියන් පිරිසකගෙන් මට්ටුවූ වර්ෂ 1955 සිට 1975 වසර දක්වා ඇදුණු වියට්නාම යුද්ධයේ සුවිශේෂ කාර්යභාරයක් හිමිව සිටි ඇමරිකානු සහ මිත්‍ර පාක්ෂික ඕස්ට්‍රේලියානු භටයන් පිරිසක් මේ නමින් හැඳින්වේ. ඔබ දන්නවා වියට්කොං ගරිල්ලා සෙබළුන් ප්‍රධාන වශයෙන්ම ඇමරිකාව මට්ටු කරන්නේ දරුණු උගුල්වලින් සහ ඔවුන්ටම අනන්‍යවූ උමං මාර්ග (Cu Chi Tunnels) හරහා ගොස් ප්‍රහාර එල්ලකිරීම මගින්. මේවා මුළුතැන්ගෙවල්වල්, රෝහල්වලින් පවා සමන්විතව තිබූ දැවැන්ත උමං මාර්ග බවටයි කියවෙන්නේ. මේ යූ ටියුබ් වීඩියෝවෙන් ඉතාම සරලව පැහැදිලි කෙරෙනවා එය. ඉතින් එවක ඇමරිකාව ප්‍රමුඛ හමුදාවන්ට මහත් හිසරදයක් වන මේ උමං මාර්ග සොයා විනාශ කිරීමේ භාරදූර කාර්යය පැවරුණ සෙබළ පිරිස තමයි පොදුවේ ‘ටනල් රැට්ස් ‘නොහොත්’ උමං මීයන් ‘ ලෙස හඳුන්වන්නේ. මෙම වියට්නාම උමං සහ උගුල් අදටත් සංරක්ෂණය කර තිබෙනවා. මේ ඒවගේ එක් කෙටි වීඩියෝවක්   යූ ටියුබය තුල සොයාබැලීමෙන් මෙවන් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් ඔබට දැකගතහැකියි.

• Old bull, Young Bull

මෙය බටහිර ජනප්‍රිය හාස්‍ය කතාවක්. එහි ස්වභාවය නිසා මෙහි සඳහන් කිරීම කල නොහැකි බැවින් අර්ථය පමණක් සඳහන් කරන්නම්. එනම් තරුණ ජවයෙන් කඩාබිඳගෙන හදිසිව නොගොස් පරිණතව ඉවසීමෙන් අනෙකා මැඩගත යුතු බව.මේ කතාව අන්තර්ජාලයේ තිබෙනවා අවශ්‍යනම්. චිත්‍රපටයේ තැනක මේ කතාව මයික්ට කියනවා කෙනෙක්.

• Unabomber ( උනාබෝම්බර්)

මම හිතන්නෙ මේ නම අහල නැති හොලිවුඩ් රසිකයෙක් ඉන්න විදියක් නෑ. වනගත දිවියක් ගෙවමින් තැපැල් බෝම්බ මගින් ඇමරිකාව භීතියට පත්කල තියඩෝර් ජේ කැසින්ස්කි නම් තැනැත්තා තමයි මේ නමින් හැඳින්වෙන්නේ. ඔබ නරඹල නැත්නම් හොයාගෙන බලන්න එක් කතාසමයකින් සමන්විත කෙටි රූපවාහිනී කතාමාලාවක් තිබෙනවා Manhunt: Una bomber (2017) නමින්. එහි සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ඔහු හසුකරගැනීමට කල මෙහෙයුම. බලල තියන ඉතාම සීමිත කතාමාලා ප්‍රමාණයෙන් ඉහලම තැනක තියන්න පුළුවන් මේක සහතිකවම. එක් එක් ප්‍රදේශවල සහ විවිධ වයස් සීමාවල අයගේ භාෂා ව්‍යවහාර වෙනස්කම් අධ්‍යයනය මගින් කොයිතරම් දේ කරන්න පුළුවන්ද කියල ඉගෙනගන්න පුළුවන් ඒ තුලින්.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
8906 වාරයක්
Download Links
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 1.06 GB
GET
1080p bluray 1.9 GB
GET
720p web 1.06 GB
GET
1080p web 1.91 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (5)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2019-12-01

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ලිපිය නම් සුපිරිමයි මචං 😊..
    ජය වේවා.! 👊

    Reply
  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 6 Chrome 71
    2019-12-01

    සුපිරි බන් උපසිරැසියට ස්තූතියි.
    සබ් මැශිම. ☝

    Reply
  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78
    2019-12-01

    thanks hasitha saho

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78
    2019-12-02

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Knight Before Christmas (2019)
    The Farewell (2019)
    Let It Snow (2019)
    The Courier (2019)

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2019-12-03

    බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 139
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved