Fallen (2016) Sinhala Subtitle
“ආලෝකය ලැබීමට පෙර දේවදූතයන් සිටියහ.එක් මොහොතක අන්දකාරයත් සමග,ස්වර්ගය තේජාන්විත ජීවින් සමග ආලෝකමත් විය.එය පරිපූර්ණ විය.එහෙත් එය දිගුකල් පැවතුනේ නැත.ලුසිෆර් දෙවියන් වහන්සේට විරුද්දව කැරලි ගැසුවේය.එය පාරාදීසයේ රේඛාවක් ඇදීමට සමත් විය.යුද්ධයක් ආරම්භ විය.සෑම දේවදූතයෙක්ටම පිටත ඇති අවුල් වියවුල්ද නැතිනම් ස්වර්ගයේ ශුද්ධකමද යන්න තෝරාගැනීමට සිදුවිය.එක් දේවදූතයෙක් සටන් කිරීමට වටින එකම දෙය අප විශ්වාස කරන ආදරය යන බලවේගය බව ප්‍රතික්ශේප කලේය.ඔහුව ස්වර්ගයෙන් පිටුවහල් කරන ලදී.මෙම දේවදූතයා තනිව නොවැටුනේය.තවමත් පාර්ශ්වයක් තෝරා ගැනීමට නොකැකි ඌ සෑම දේව දූතයෙකුම ස්ර්වබලධාරී කෝපයෙන් වැටුනේය…”
හලෝ යාළුවනේ මේක මගේ පළවෙනි උපසරැසිකරනය.සබ් ගන්න සයිට් වලින් වීරයා වගේ සබ් ඩවුන්ලෝඩ් කරගත්තට මං හිතුවේ නෑ සබ් හදන එක මෙච්චර අමාරු වැඩක් කියලා.ගොඩක් කාලෙකට කලින් මං මේ සබ් එක ඇඩ්මින්ට යවන්න හිටියත් සමහර වැඩ නිසා ඒ වැඩේ කරන්න බැරි උනා.ඒක හින්දා මං ඇඩ්මින්ගෙන් සමාව ඉල්ලනවා සබ් එක එවන්න ගතවුන ප්‍රමාද දෝෂයට. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
මේක 2016දී ආපු ෆිල්ම් එකක්.ඒවගේම මේක IMDb 5.4 ක් තරම් අගයක් තමා අරන් තියෙන්නේ.කතාවේ වෙන දේ ගැන කෙටියෙන්ම කිව්වොත්,වයස අවුරුදු 16 ක් වෙන ලූස් ප්‍රයිස්ව ස්වෝර්ඩ් ඇන්ඩ් ක්‍රොසස් ඇකඩමියට යවන්න උසාවිය නියෝග කරනවා ඇය සමඟ සිටි පිරිමි ළමයාව ඝාතනය කිරීම හා කැබින් එකට ගිනි තැබීමේ වගකීම ඇය භාරගත්තට පසුව.ඇයට පෙනෙන දර්ශන ඉවත් කිරීම සඳහා දෙන බෙහෙත් ගන්න එක ඇය ප්‍රතික්ෂේප කරනවා. ඇකඩමියට ඇතුළු උනාට පස්සේ ලූස් සෙසු ශිෂ්‍ය ඩැනියෙල් ගැන හිත ඇදී යන අතර ඔහු එය ප්‍රතික්ෂේප කරත් ඔවුන් මීට කළින් මුණගැසී ඇති බව ඔවුන්ට තේරුම් යනවා.ඇයට ස්වෝර්ඩ් ඇන්ඩ් ක්‍රොස්හි සිටින තවත් පිරිමි ළමයෙකු වන කැම්ගේ අවධානය ලැබෙනවා. ලූස් ඩැනියෙල් සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වන විට, අවුරුදු දෙදහසක් තිස්සේ ඔවුන් එකිනෙකා හඳුනන බව ලූස් දැනගන්නවා..ලුසිෆර් විසින් කළ දෙවියන් වහන්සේට එරෙහිව කරන ලද යුද්ධයේ පාර්ශවකරුවන් වීම ප්‍රතික්ෂේප කළ දේවදූතයන් ස්වර්ගයෙන් පිටුවහල් කල අතර ඩැනියෙල් කියන්නේ එහෙම ස්වර්ගයෙන් පිටුවහල් කල එක් දේවදූතයෙක්. ලුසිෆර් විසින් කරන ලද ශාපයක් නිසා ඇය යුග ගණනාවක සිට මාරාන්තික මරණයට පත්වී නැවත ඉපදෙන අතර, ඔහුට එම සාපය නිසා සැමවිටම ඇය මරණයට පත්වන ආකාරය බොහෝ කාලයක් තිස්සේ බොහෝ වාරයක් දැකීමට සිදුවෙනවා.ස්වර්ගයේ ඉරණම සමබරව පවත්වා ගැනීමට ඔවුන් එකට එකතු වීම වැළැක්වීම සදහා ඇකඩමියේ අනෙක් අය කුමන්ත්‍රණය කරනවා………..
ඉතිරි ටිකත් කිව්වොත් කතාවේ කිසි ගතියක් නැතිවෙනවා.ඒක හින්දා තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං ඔයාලගෙන් අදට සමුගන්නවා.. ඔබට ජය!!
palweni sub ekata suba pathanawaa, digatam karagena yanna, e wagema sub ekata sthuthiyi, apith ekka randilaa inna digatma.
බොහොම ස්තූතියි සහෝ.
පලවෙනි උපසිරැසියට සුභ පැතුම් ඒ වගේම ලිපිය නියමෙට ලියලා තියෙනවා. ස්තුතියි උපසිරැසියට!
බොහොම ස්තූතියි සහෝ දිරිගැන්වීමට.
උපසිරැසියට ස්තූතියි සහෝ
දිරිගැන්වීමට ස්තූතියි සහෝ.
නියමයි මචං සුපිරිම ෆිල්ම් එකකට දීලා තියෙනවා තැන්ක්ස් මචං!
දිරිගැන්වීමට ස්තුතියි සහෝ!
wow thanks
දිරිගැන්වීමට ස්තුතියි සහෝ!
thanks for sub machn
ස්තූතියි සහෝ!
mulma sub ekata suba pathum.wagema godak sthuthiyi.
ගොඩක් ස්තූතියි!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
දිරිගැන්වීමට ස්තූතියි සහෝ!
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
බොහොම ස්තූතියි සහෝ!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Thanks …………..good luck ………..