Ad Astra (2019) Sinhala Subtitle
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ Ad Astra (2019) චිත්‍රපයේ සිංහල උපසිරැසියයි. මුලින්ම කවීෂට ස්තූතිය. වීරවෘතාන්ත,නාටයමය, අභිරහස් ඝනයට අයත් මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස යම් අය නම් කලත් මමනම් හිතන්නෙ මෙය වඩාත් අනාගත- විද්‍යා වගේ එකකට තමයි අයිති වෙන්නෙ. ඊට හේතුව ඔබට වැටහෙයි චිත්‍රපටය නරඹද්දි. ඊතන් ග්‍රොස්ගේ සහ ජේම්ස් ග්‍රේ ගේ රචනයෙන්, ජේම්ස් ග්‍රේ ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය ලබා ඇති IMDB අගය 6.8ක් වන අතර Rotten Tomatoes වෙතින් ලබා ඇති අගය 84%ක්, ඒ වගේම මෙටාක්‍රිටික් වෙතින් 80%ක අගයකුත් මෙය ලබා තිබෙනවා. ඊට අමතරව සම්මාන පහකටත් නිර්දේශව තිබෙනවා මේ වනවිට. රංගනයෙන් දායක වන පිරිස කිව්වොත් : බ්‍රැඩ් පිට් ( මේජර් රෝයි මැක්බ්‍රයිඩ්), ටොමී ලී ජෝන්ස් ( ක්ලිෆඩ් මැක්බ්‍රයිඩ්), රූත් නෙගා ( හෙලන්), ඩොනල්ඩ් සතර්ලන්ඩ් ( කර්නල් පෲයිට්), කිම්බර්ලි එලිස් ( ඩීවර්ස්), ලොරන් ඩීන් ( ස්ටැන්ෆඩ්), ඩොනී කෙෂවර්ස් ( කැප්ටන් ටැනර්), බොබී නිෂ් ( යොෂීඩා) වැනි පිරිසක්.
චිත්‍රපටයෙ නම ගැන සඳහන් කලොත් ‘Ad Astra’ යනු ලතින් වචන දෙකක්, එහි අර්ථය ‘තරු වෙත’ යන්නයි. අධ්‍යක්ෂ ජේම්ස් ග්‍රේ පවසා තිබුණා මෙය ” චිත්‍රපටයකට නගා ඇති තාත්විකම අභ්‍යවකාශ ගමන් ප්‍රතිනිරූපණය ” ලෙස. එය ඇත්තෙන්ම එහෙම වෙන්න ඇති මොකද ඉතාම සෙමින් ගලාගෙන යන මේ චිත්‍රපටය පුරාවටම අපට එහෙම දෙයක් ඇඟට දැනෙනවා. ඒ නිසා මෙය ඇත්තෙන්ම වෙනස්ම අත්දැකීමක් වෙයි නරඹන ඔබට . අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…
මෙහි නිශ්චිත කාලවකවානුවක් දැක්වෙන්නේ නැති නමුත් අපිට ආරම්භයේදීම පෙන්වනවා මේ සිදුවීම වෙන්නෙ නුදුරු අනාගතයේ බව. එසේම මෙහි එන කාලයවනවිට මිනිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් බොහෝ එපිටට තමන්ගේ අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාප්ත කර අවසන්.. චන්ද්‍රයා, අඟහරු ආදී ග්‍රහයන් මත පර්යේෂණ කඳවුරු පවා ඉදිකර අවසන් එක්සත් ජනපද හමුදා අභ්‍යවකාශ ඒකකය ( ස්පේස්කොම්) මගින්. මේ හා සම්බන්ධ නිලධාරියෙක් තමයි මේජර් රෝයි මැක්බ්‍රයිඩ් කියන්නෙ. දිනෙක ඔහු අභ්‍යවකාශ ඇන්ටනාවක රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ ඇතිවන සිදුවීමකින් ඔහු අනතුරට ලක්වෙනව නමුත් එයින් දිවි බේරාගන්නට සමත්වෙනවා. පසුව එම සිදුවීම ගැන සොයාබලන්නට ඉතාම අවධානම් ගමනකට ඔහුව පිටත්කරහරියනවා ස්පේස්කොම් එක විසින්. හැබැයි මේ මෙහෙයුමට යාමට ඔහුට පෞද්ගලික හේතුවකුත් තිබෙනවා… ඒ මොකද්ද කියල දැනගන්න ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු The Irishman (2019) චිත්‍රපටයේ උපසිරැසියත් සමග.
ලබාදී ඇති උපසිරැසි ගොණුව තුල BLURAY සහ WEB පිටපත් යන ද්විත්වයටම උපසිරැසි අඩංගුය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
ඉහලින්ම ඇති (PSARIPS) වීඩියෝ පිටපත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 720P, 1080P සහ 2160P HDR යන පිටපත් සියල්ල ඩිරෙක්ට් මෙන්ම ටොරන්ට් ලෙසද ලබා ගත හැක.
උපසිරැසියට ස්තූතියි සහෝ
ඔයාගේ සබක් නම් ඉතින් මග අරින්නෑ බ්‍රෝ!
sub ekata thanks saho.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තුතියි සහෝ..ඔබට ජය..
උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks macho
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
ඔන්න එහෙනම් අන්තිමට කියල තියෙනවා ඉගවට උපසිරස දෙන එක ගැන.. බලම් ඉන්නෙ..😍
ස්තුතියි උපසිරසියට සහෝ !!!
THE GREAT WAR 2019. machan meka ona. supiriyak
tnx bn sub ekata