Trending

Ad Astra (2019) Sinhala Subtitle

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ Ad Astra (2019) චිත්‍රපයේ සිංහල උපසිරැසියයි. මුලින්ම කවීෂට ස්තූතිය. වීරවෘතාන්ත,නාටයමය, අභිරහස් ඝනයට අයත් මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස යම් අය නම් කලත් මමනම් හිතන්නෙ මෙය වඩාත් අනාගත- විද්‍යා වගේ එකකට තමයි අයිති වෙන්නෙ. ඊට හේතුව ඔබට වැටහෙයි චිත්‍රපටය නරඹද්දි. ඊතන් ග්‍රොස්ගේ සහ ජේම්ස් ග්‍රේ ගේ රචනයෙන්, ජේම්ස් ග්‍රේ ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය ලබා ඇති IMDB අගය 6.8ක් වන අතර Rotten Tomatoes වෙතින් ලබා ඇති අගය 84%ක්, ඒ වගේම මෙටාක්‍රිටික් වෙතින් 80%ක අගයකුත් මෙය ලබා තිබෙනවා. ඊට අමතරව සම්මාන පහකටත් නිර්දේශව තිබෙනවා මේ වනවිට. රංගනයෙන් දායක වන පිරිස කිව්වොත් : බ්‍රැඩ් පිට් ( මේජර් රෝයි මැක්බ්‍රයිඩ්), ටොමී ලී ජෝන්ස් ( ක්ලිෆඩ් මැක්බ්‍රයිඩ්), රූත් නෙගා ( හෙලන්), ඩොනල්ඩ් සතර්ලන්ඩ් ( කර්නල් පෲයිට්), කිම්බර්ලි එලිස් ( ඩීවර්ස්), ලොරන් ඩීන් ( ස්ටැන්ෆඩ්), ඩොනී කෙෂවර්ස් ( කැප්ටන් ටැනර්), බොබී නිෂ් ( යොෂීඩා) වැනි පිරිසක්.

චිත්‍රපටයෙ නම ගැන සඳහන් කලොත් ‘Ad Astra’ යනු ලතින් වචන දෙකක්, එහි අර්ථය ‘තරු වෙත’ යන්නයි. අධ්‍යක්ෂ ජේම්ස් ග්‍රේ පවසා තිබුණා මෙය ” චිත්‍රපටයකට නගා ඇති තාත්විකම අභ්‍යවකාශ ගමන් ප්‍රතිනිරූපණය ” ලෙස. එය ඇත්තෙන්ම එහෙම වෙන්න ඇති මොකද ඉතාම සෙමින් ගලාගෙන යන මේ චිත්‍රපටය පුරාවටම අපට එහෙම දෙයක් ඇඟට දැනෙනවා. ඒ නිසා මෙය ඇත්තෙන්ම වෙනස්ම අත්දැකීමක් වෙයි නරඹන ඔබට . අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…

මෙහි නිශ්චිත කාලවකවානුවක් දැක්වෙන්නේ නැති නමුත් අපිට ආරම්භයේදීම පෙන්වනවා මේ සිදුවීම වෙන්නෙ නුදුරු අනාගතයේ බව. එසේම මෙහි එන කාලයවනවිට මිනිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් බොහෝ එපිටට තමන්ගේ අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාප්ත කර අවසන්.. චන්ද්‍රයා, අඟහරු ආදී ග්‍රහයන් මත පර්යේෂණ කඳවුරු පවා ඉදිකර අවසන් එක්සත් ජනපද හමුදා අභ්‍යවකාශ ඒකකය ( ස්පේස්කොම්) මගින්. මේ හා සම්බන්ධ නිලධාරියෙක් තමයි මේජර් රෝයි මැක්බ්‍රයිඩ් කියන්නෙ. දිනෙක ඔහු අභ්‍යවකාශ ඇන්ටනාවක රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ ඇතිවන සිදුවීමකින් ඔහු අනතුරට ලක්වෙනව නමුත් එයින් දිවි බේරාගන්නට සමත්වෙනවා. පසුව එම සිදුවීම ගැන සොයාබලන්නට ඉතාම අවධානම් ගමනකට ඔහුව පිටත්කරහරියනවා ස්පේස්කොම් එක විසින්. හැබැයි මේ මෙහෙයුමට යාමට ඔහුට පෞද්ගලික හේතුවකුත් තිබෙනවා… ඒ මොකද්ද කියල දැනගන්න ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු The Irishman (2019) චිත්‍රපටයේ උපසිරැසියත් සමග.

ලබාදී ඇති උපසිරැසි ගොණුව තුල BLURAY සහ ‍WEB පිටපත් යන ද්විත්වයටම උපසිරැසි අඩංගුය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

ඉහලින්ම ඇති (PSARIPS) වීඩියෝ පිටපත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 720P, 1080P සහ 2160P HDR යන පිටපත් සියල්ල ඩිරෙක්ට් මෙන්ම ටොරන්ට් ලෙසද ලබා ගත හැක.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 1.08 GB x264
▲21 · ▼6
Magnet GET
1080p bluray 1.94 GB x264
▲80 · ▼12
Magnet GET
2160p bluray 11.37 GB x265
▲61 · ▼3
Magnet GET
720p web 1.09 GB x264
1080p web 1.96 GB x264
Discussion (11)
  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 6 Chrome 71

    උපසිරැසියට ස්තූතියි සහෝ

    • කේ.ඩබ්ලිව්.පී.කේ Unregistered
      Android 7 Chrome 78

      ඔයාගේ සබක් නම් ඉතින් මග අරින්නෑ බ්‍රෝ!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 78

    sub ekata thanks saho.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Nimantha Unregistered
      iOS 11.4 UC Browser 11.3

      බොහොම ස්තුතියි සහෝ..ඔබට ජය..

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට ස්තූතියි සහෝ

  • Jaya Unregistered
    Android 7 UC Browser 12.13

    Thanks macho

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • Mithun Unregistered
    Android 8 Chrome 78

    ඔන්න එහෙනම් අන්තිමට කියල තියෙනවා ඉගවට උපසිරස දෙන එක ගැන.. බලම් ඉන්නෙ..😍
    ස්තුතියි උපසිරසියට සහෝ !!!

  • maduka Unregistered
    Windows 10 Chrome 78

    THE GREAT WAR 2019. machan meka ona. supiriyak

  • charith Unregistered
    Windows 10 Chrome 78

    tnx bn sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search