Master (2021) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම! මාස ගාණකට පස්සේ තමා සබ් එකක් අරගෙන සයිට් එක පැත්තේ එන්නේ. පහුගිය මාස කිහිපයේම රාජකාරි කටයුතුවලට හිරවෙලා හිටිය නිසා, සබ් එකක් කරන්න තියා ෆිල්ම් එකක්වත් බලන්න කාල-වේලාවක් තිබුණේ නෑ. සති ගාණක ඉඳන් ඉඩක් ලැබුණ වෙලාවල්වල කරපු චිත්‍රපටයක සබ් එකක් තමයි මේ විදිහට අරගෙන එන්නේ.
මෙදා පාර අරගෙන ආවේ දමිළ චිත්‍රපටයක්. මං දමිළ චිත්‍රපටයකට උපසිරැසි කරන හතරවෙනි අවස්ථාව. දැනටමත් ඔයාලා දන්නවා මොකක්ද අරන් ඇවිල්ලා තියෙන චිත්‍රපටය කියලා. තලපති විජේ කිව්වම දමිළ චිත්‍රපට බලන ඕන කෙනෙක් දන්නවා. බිගිල් චිත්‍රපටයට පස්සේ ඔන්න අපිට විජේව MASTER චිත්‍රපටයෙන් දකින්න ලැබෙනවා. 2020 වර්ෂයේ චිත්‍රපටය තිරගත වෙන්න තිබුණත් ලෝකයටම බලපාලා තියෙන කොවිඩ්-19 වසංගතය නිසා චිත්‍රපටය 2021 වර්ෂයට කල් ගියා. ඊටපස්සේ ජනවාරි මාසයේ 13 වෙනිදා නිල වශයෙන් චිත්‍රපටය තිරගත ආරම්භ කරනවා. කොහොමහරි සති කිහිපයකට පස්සේ ඩිජිටල් මාධ්‍ය හරහා අන්තර්ජාලයට හොඳ පිටපතක් නිකුත් වෙනවා.
MASTER (2021)
MASTER චිත්‍රපටය ගැන කියනවනම් තලපති විජේ වගේම දමිළ සිනමාවේ තවත් සුපිරිම තරුවක් වන මක්කල් සෙල්වන් නමින් හඳුන්වන විජේ සේතුපතිත් රංගනයෙන් දායක වෙනවා. මලවිකා මොහානන්, අර්ජුන් දාස්, ඇන්ඩ්‍රියා ජෙරමියා වැනි නළු-නිලියනුත් රංගනයෙන් දායක වෙනවා. IMDb ශ්‍රේණි දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය Action, Thriller, Crime, Drama යන වර්ගයන්ට අයත් වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝකෙෂ් කනගරාජ් කියන අධ්‍යක්ෂකවරයා. ගුරුවරයෙක්ගේ චරිතයකට පණ පොවන විජේ(JD) ළමා පරිවාසයක ඉන්න ළමයින්ව නොයෙකුත් අපරාධවලට යොදාගන්නා භවානිගෙන්(විජේ සේතුපති) බේරගන්න කටයුතු කරන ආකාරය තමයි චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව හැමෝටම රස විඳිය හැකි ලස්සන චිත්‍රපටයක්. එහෙනම් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
sub ekata thanku saho
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.:star_struck:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් කමෙන්ට් එකට.:star_struck:
තෑන්ක්ස් සහෝ
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.:star_struck: