Trending

Master (2021) Sinhala Subtitle

ගුරුතුමා

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම! මාස ගාණකට පස්සේ තමා සබ් එකක් අරගෙන සයිට් එක පැත්තේ එන්නේ. පහුගිය මාස කිහිපයේම රාජකාරි කටයුතුවලට හිරවෙලා හිටිය නිසා, සබ් එකක් කරන්න තියා ෆිල්ම් එකක්වත් බලන්න කාල-වේලාවක් තිබුණේ නෑ. සති ගාණක ඉඳන් ඉඩක් ලැබුණ වෙලාවල්වල කරපු චිත්‍රපටයක සබ් එකක් තමයි මේ විදිහට අරගෙන එන්නේ.

මෙදා පාර අරගෙන ආවේ දමිළ චිත්‍රපටයක්. මං දමිළ චිත්‍රපටයකට උපසිරැසි කරන හතරවෙනි අවස්ථාව. දැනටමත් ඔයාලා දන්නවා මොකක්ද අරන් ඇවිල්ලා තියෙන චිත්‍රපටය කියලා. තලපති විජේ කිව්වම දමිළ චිත්‍රපට බලන ඕන කෙනෙක් දන්නවා. බිගිල් චිත්‍රපටයට පස්සේ ඔන්න අපිට විජේව MASTER චිත්‍රපටයෙන් දකින්න ලැබෙනවා. 2020 වර්ෂයේ චිත්‍රපටය තිරගත වෙන්න තිබුණත් ලෝකයටම බලපාලා තියෙන කොවිඩ්-19 වසංගතය නිසා චිත්‍රපටය 2021 වර්ෂයට කල් ගියා. ඊටපස්සේ ජනවාරි මාසයේ 13 වෙනිදා නිල වශයෙන් චිත්‍රපටය තිරගත ආරම්භ කරනවා. කොහොමහරි සති කිහිපයකට පස්සේ ඩිජිටල් මාධ්‍ය හරහා අන්තර්ජාලයට හොඳ පිටපතක් නිකුත් වෙනවා.

MASTER (2021)

MASTER චිත්‍රපටය ගැන කියනවනම් තලපති විජේ වගේම දමිළ සිනමාවේ තවත් සුපිරිම තරුවක් වන මක්කල් සෙල්වන් නමින් හඳුන්වන විජේ සේතුපතිත් රංගනයෙන් දායක වෙනවා. මලවිකා මොහානන්, අර්ජුන් දාස්, ඇන්ඩ්‍රියා ජෙරමියා වැනි නළු-නිලියනුත් රංගනයෙන් දායක වෙනවා. IMDb ශ්‍රේණි දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය Action, Thriller, Crime, Drama යන වර්ගයන්ට අයත් වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝකෙෂ් කනගරාජ් කියන අධ්‍යක්ෂකවරයා. ගුරුවරයෙක්ගේ චරිතයකට පණ පොවන විජේ(JD) ළමා පරිවාසයක ඉන්න ළමයින්ව නොයෙකුත් අපරාධවලට යොදාගන්නා භවානිගෙන්(විජේ සේතුපති) බේරගන්න කටයුතු කරන ආකාරය තමයි චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව හැමෝටම රස විඳිය හැකි ලස්සන චිත්‍රපටයක්. එහෙනම් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Tamil UNCENSORE HDRip පිටපත් සඳහා පමණක් ගැලපේ.

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 1.59 GB x264
1080p web 3.27 GB x264
▲7 · ▼10
Magnet GET
Discussion (6)
  • K.A Raveen Expert Subtitler
    iOS 14.4 Chrome 83

    sub ekata thanku saho

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 74

      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.:star_struck:

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 89

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 74

      තෑන්ක්ස් කමෙන්ට් එකට.:star_struck:

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 74

      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.:star_struck:

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search