The Marksman (2021) Sinhala Subtitle
IMDB RATING
5.7
CAST
Katheryn Winnick,Liam Neeson,Teresa Ruiz,Juan Pablo Raba
ගැලවුම්කාර වෙඩික්කරු
ඉතින් සෑම සියලු දෙනාටම, මේ ලැබුවා වූ නව වසර සාමය, සතුට පිරි සෞභාග්‍යමත්, නීරෝගිමත් එකක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමින් මේ සූදානම් වන්නේ, බොහෝ දෙනෙක් බලා සිටි තවත් හොලිවුඩ් සිනමා නිර්මාණයක් නව වසර වෙනුවෙන් Subz.lk පාඨක ඔබට තිලිණ කරන්නයි. ඒ තමයි 2021 ජනවාරි 15 දින ඇමෙරිකාවේ ප්‍රදර්ශනය අරඹා, කෝවිඩ්-19 තර්ජනය මැද පවා බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබීමට සමත් වුනු, ජනප්‍රිය නලු Liam Neeson ගේ The Marksman.
2021 අප්‍රියෙල් 13 වනවිට ඇමරිකාව සහ කැනඩාව තුල ප්‍රදර්ශනයෙන් පමණක් ඇ.ඩො.මිලියන 15.2 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන ඇති අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලබා ඇති සමස්ථ ආදායම ඇ.ඩො.මිලියන 21.7 කි. ආරම්භක සති අන්තයේම දින 4 ක් තුල ඇ.ඩො.මිලියන 3.7 උපයාගැනීමට සමත්වූ “මාර්ක්ස්මෑන්”, පසුගිය ඔක්තෝම්බර් මස තිරගතවූ Honest Thief සිනමා පටයෙන් පසු, COVID-19 වසංගතය තුලදී “ඕපන් රෝඩ් / නීසන්” සුසංයෝගය බොක්ස් ඔෆීස් හිනි පෙත්තටම ගෙන ගිය දෙවන අවස්ථාව වේ. ( චිත්‍රපටයේ බෙදාහැරීම Open Road Films සමාගමයි ) දෙවන සති අන්තයේද ඇ.ඩො.මිලියන 2.03 ක් උපයාගනිමින් පළමු ස්ථානයේ වැජඹීමට සමත්වූ අතර, තුන් වන සති අන්තයේද ඇ.ඩො. මිලියන 1.2 ක් තම ගිණුමට බැර කර ගනිමින් තුන්වන් ස්ථානය ලබාගන්නා ලදි. මිනිත්තු 108 ක් පුරා දිවෙන මෙය Action, Crime, Thriller ගණයන්ට අයත් වෙනවා. ජිම් ලෙස Liam Neeson ද, මිගෙල් ලෙස Jacob Perez ද, සාරා ලෙස Katheryn Winnick ද, මොරිසියෝ ලෙස Juan Pablo Raba ද, රෝසා ලෙස Teresa Ruiz ද රංගනයෙන් දායක වී ඇත. අසභ්‍ය දර්ශන සහ වචන වලින් තොරව මෙය නිර්මාණය කර ඇති බව විශේෂයෙන්ම කියන්න ඕනි.
ජිම් හැන්සන්, වියට්නාම් යුද්ධයේදී ස්නයිපර් කරුවෙකු ලෙස ඉහළ දක්ෂතා දැක්වූ විශ්‍රාමික මැරීන් භටයෙකි. ඇරිසෝනා / මෙක්සිකෝ දේශ සීමාව අසල ගොවිපලක් පවත්වාගෙන යමින් සාමකාමී ජීවිතයක් ගත කරන අතර බෝඩරය හරහා ගමන් කිරීමට උත්සාහ කරන නීති විරෝධී සංක්‍රමණයන් ගැන දේශ සීමා මුර සංචාරකයින් හට දැනුම් දීමටද කටයුතු කරයි. දිනක් ඔහුට බෝඩරය හරහා පැමිණි මවක් ( රෝසා ) සහ ඇගෙ පුතා වන ළමයෙකු මුණගැසෙන අතර ඔහු ඒ ගැන මුර සංචාරකයන්ට දැනුම් දෙනවා. ඔවුන් දෙදෙනා කාටල් ලෙස හැඳින්වෙන මෙක්සිකානු දරුණු ජාවාරම්කාර සංවිධානයකින් පණ බේරාගැනීමට පලා යන දෙන්නෙක්. මුර සංචාරකයන් පැමිණීමට පෙර එතනට එන කාටල් සාමාජිකයන් සහ ජිම් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිද්ධවෙනවා. එහිදී කාටල් නායක මොරිසියෝගේ සහෝදරයා මිය යන අතර රෝසා දරුණු ලෙස තුවාල ලබනවා. චිකාගෝ හී වෙසෙන තමාගේ නෑණාට මිගෙල්ව ආරක්ෂා සහිතව බාර දෙන ලෙස ජිම් ගෙන් ඉල්ලමින් රෝසා මිය යනවා. වැඩි දුර නොසිතා ජිම් ඒ කාර්යය බාරගත්තත්, ඔහුත් සිහිනෙන්වත් නොසිතූ ආකාරයට ඔහුගේ සාමකාමී ජීවිතය කණපිට පෙරලෙන්නේ, මොරිසියෝත් ඔවුන් පසු පස බිහිසුණු ලුහුබැඳීමක් පටන් ගැනීමත් සමඟයි.
ජය වේවා.

හොඳ ෆිල්ම් එකක් වගේ.
බොහොම ස්තූතියි.
කවුද බැලුවා මුලින්ම කමෙන්ට් කලේ කියලා. මේ අපේ පොඩි හසිතනෙ. ඔව් මල්ලි. ලියම් නීසන්ගෙ ෆිල්ම් එකක් කියන්නෙ කවදත් සුපිරියක් තමයි.
පොඩි හසිත කියලා අර මනුස්සයා මාත් එක්ක තරහවෙයිද දන්නෑ.:sweat_smile:
තෑන්ක්ස් සහෝ
කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Nobody (2021)
Night in Paradise (2020)
Thunder Force (2021)
The Dry (2020)
ඔබ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
Thanks bro. hoyapu ekak.:kissing_heart:
Thank u very much.
සබ් එකට ස්තුතියි…පපුලුවන්නම් open water 2 ෆිල්ම් එකට සබ් දෙන්න.කවුරුවත් දිලා නෑ..:worried:☹:yum:
ඔන්න ඔයාගෙ ඉල්ලීම ඉටු කලා.
හුගක් ස්තුතියි…ඔය ෆිම් එකේ 1,3 ෆිල්ම් සෙට් එක බැලුවා..නමුත් 2 බලන්න උනේ නැ සබ් නැති නිසා..ෆිල්ම් එක නොබල හුගක් කල් ඉදියා..සබ් එක ඉල්ලපු ගමන් නිහත මානිව ෆිල්ම් එකට සබ් එක දුන්නට හුගක් ස්තුතියි…දිගටම කරගෙන යමු…ජය වේවා…..:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes: