Shaolin Temple (1982) Sinhala Subtitle

June 18, 2021 Admin
Subtitle by Rasika Samanjith
පලිගැනීමද? දහම් මඟද?
                               හොංකොං සහ චීන සිනමා ද්විත්යෙහිම සුවිශේෂී මතක් සටහන් රැසක් තබමින්, එදා මෙදා තුර චීන සිනමාවේ අපරාජිත ඉහලම ආදායම් වාර්තාවට හිමිකම් කියන සිනමා සිත්තම තමයි මෙවර ඔබ වෙත රැගෙන ආවේ. පැරණි චීන සිනමා පට වලට ප්‍රිය කරන රසිකයන් කිහිප දෙනෙක්ගේ සහ විශේෂයෙන්ම ශාමල් මනෝජන් සහෝදරයගෙ කරදරේ නිසාමයි මේ චිත්‍රපටයම තෝරා ගත්තෙ. ඒ තමයි අපි කවුරුත් ප්‍රිය කරන සටන් නලු ජෙට් ලි රඟපෑ ප්‍රථම චිත්‍රපටය වන Shao Lin Si හෙවත් Shaolin Temple. මුලින්ම තිරගත වුනේ 1982 ජනවාරි 21, හොංකොං හීදි. Action, Martial Arts, Comedy, Drama යන වර්ගවලට අයිති මෙය හොංකොං – චීන සම නිෂ්පාදනයක් වෙනවා පමණක් නොව දෙරට අතර සම නිෂ්පාදනයන් අතර ප්‍රධාන ප්‍රථම චිත්‍රපටයද වෙනවා. 
1963 අප්‍රියෙල් 26 දින චීනයේ, බීජින් වලදී උපත ලැබූ ජෙට් ලි පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා. සිනමාවේදී භාවිතයේ පහසුව සඳහා Jet Li ලෙස වෙන කලද ඔහුගේ නියම නම Li Lianjie. ඔහුට වයස අවුරුදු දෙකේදී ඔහුගේ පියා මිය යන බැවින් බොහෝ අග හිඟකම් සහිත ජීවිතයක් ගත කිරීමට සිදුවන ජෙට් ලිගෙ ඉරණම වෙනස්වීමට මූලිකවම බලපාන්නේ වූෂූ කලාවයි. වයස අවුරුදු අටේදී වූෂූ දස්කම් පෙන්නීමට සමත්කම් දක්වන ඔහු “බීජින් වූෂූ ටීම්” එකට එකතු වන අතර අවුරුදු තුනක පුහුණුවකින් පසු ඔහු තම ප්‍රථම ජාතික වූෂූ ශූරතාවය දිනාගන්නේ වයස අවුරුදු 12 දි. ඉන් පසු 1975 සිට 1979 දක්වා පිට පිට අවුරුදු පහක් වූෂූ ජාතික ශූරයා බවට පත් වෙන ඔහු අවුරුදු 18 දී තරග වලින් ඉවත්වන්නේ දණහිස ආබාධයකට ලක්වීම නිසා. කෙසේ වෙතත් ඔහු සටන් කලාවන්ට දැක්වූ සුපිරි දක්ෂතාවය, ඔහුව සිනමා ලෝකයට ඇතුලු වීමට පාර කපන අතර, ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම මුලු ලෝකයම තමන් වෙත හරවාගෙන, සිනමා අම්බරයේ හිනි පෙත්තටම නැගීමට මේ තරුණ ගැටයා සමත්වෙනවා. ඒ චිත්‍රපටය තමයි Shaolin Temple.
ඉතා සුවිශේෂී කාරණා කීපයක්ම නිසා මේ චිත්‍රපටය වැදගත් වෙනවා. චීනයේ නිපදවූ ප්‍රථම මාෂල් ආට් චිත්‍රපටය වන්නේද මෙයයි. ඊට පෙර මාෂල් ආට් චිත්‍රපට හැදුනේ හොංකොං වල. චීන නලු නිලියොත් බොහෝමයක්ම සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම හොංකොං හී ජනප්‍රිය වූ ප්‍රථම චීන තරුව බවට ජෙට් ලි පත්වෙන්නෙත් මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා. චීනයේ ෂාඔලින් ආරාමය පසුබිම් කරගෙන තැනූ මුල්ම චිත්‍රපටය වන්නේද මෙයයි. දේශීය සහ විදේශීය ලෙස ෂාඔලින් ආරාමය ජනප්‍රිය සංචාරක ස්ථානයක් බවට පත්වීමටද ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය වන්නේද මෙම සලරුවයි. හොංකොං සහ චීන චිත්‍රපට නිපදවන්නන්ට තව තවත් ෂාඔලින් ආරාමය පසුබිම් වූ චිත්‍රපට නිර්මාණය කිරීමටද “ෂාඔලින් ටෙම්පල්” උත්තේජනයක් වුනා.
බොක්ස් ඔෆීස් වාර්තා පිට වාර්තා තැබූ ෂාඔලින් ටෙම්පල්, චීනයේදී ඇ.ඩො. 85,355,528 ක් උපයාගෙන චීන සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව පමණක් නොව, සි.ඩො.මිලියන 1.7 උපයාගෙන සිංගප්පූරුවේද එදා මෙදා තුර ඉහලම ආදායම් වාර්තාවද තම නමට ලියා ගැනීමට සමත් වුනා. 1982 වසරේ ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ හතරවැනි ස්ථානය ලැබීමට හොංකොංහීදී සමත් වූ අතර ලැබූ ආදායම ඇ.ඩො. 2,661,911 විය. ජපානයේදීද හතරවෙනි ස්ථානයට පත්වූ අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. මිලියන 17.2 කි. දකුණු කොරියාවේද සාර්ථක වෙමින් ඇ.ඩො. 1,206,700 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර ඒ අනුව නැගෙනහිර ආසියාව තුල වාර්තා කල සමස්ථ ආදායම ඇ.ඩො. මිලියන 106 කි. චීනයේදී මිලියන 300 කට අධික ටිකට් ප්‍රමාණයක් විකිණී තිබූ අතර 2017 වසරේදී, සාපේක්ෂව ගණනය කල බැලූ විට එය ඇ.ඩො. බිලියන 1.45 ක ආදායමක් විය. 
IMDb අගය 6.9/10 ක්ද, Rotten Tomatoes අගය 78% ක්ද, Google සැරිසරන්නන්ගේ කැමැත්ත 84% ක්ද ලබාගෙන ඇති අතර ධාවන කාලය විනාඩි 100 කි. Jet Li සමඟ Ding Lan (පාක් වූ ෂා ) සහ Yu Hai ( මාස්ටර් ) රංගනයෙන් දායක වෙනවා. චීනයේ මධ්‍යකාලීන යුගයේ පවතින දුෂ්ට පාලනයක, කුරිරු ප්‍රාදේශිය පාලකයෙක් විසින් මරා දමන ලද තම පියාගේ මරණයට පලිගැනීම සඳහා ෂාඔලින් ආරාමයේ භික්ෂුවක් බවට පත්වී කුංෆු සටන් කලාව හදාරන, තරුණ කොලු ගැටයෙකුගේ කතාවක් තමයි චිත්‍රපටයේ ගලාගෙන යන්නෙ. සටන් වලින් නම් අඩුවක් නෑ. ඒ අතරින් කොමඩි ගතියක් සහ ආදර කතාවකුත් තියෙනවා. කිසිම අසභ්‍ය වදනක් හෝ දර්ශනයක් නොමැති බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ.
ජය වේවා.
QUALITY // 720p – 918MB / 1080p – 1.8GB

♣♣  BRRip / 480p /720p / 1080p  ♣♣

Available Torrents
720p bluray 918.96 MB
1080p bluray 1.84 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (17)
  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 90

    ගොඩක් ස්තූති සහෝ මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙනඑකට.
    මං ගොඩක් කැමති ෆිල්ම් එකක් සබ් නැති නිසා බැලුවේ නෑ
    මේ වගේ පරන ඒවට සබ් දෙන්න

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      අනිවාරෙන්, සහෝ. subz.lk එක්ක දිගටම ඉන්න.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      කමෙන්ට් කලාට ස්තූතියි සහෝ.

  • ප්‍රබුද්ධ Unregistered
    Android 9 Chrome 91

    සුපිරි ෆිල්ම් එකක්…පැරණි චිත්‍රපටිවලට මෙහෙම මහන්සි වෙලා සිංහල උපසිරැසි හදලා අපට බලන්න නොමිලේම නිකුත් කරන ඔබතුමන්ලාට හා මෙම වෙබ් අඩවියේ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි… පුලුවන්නම් ජෙට් ලි ගේ Born to defence (1986) once upon a time in china 1,2,3 ෆිල්ම් සෙට්එකට සබ් කරල දෙන්න…

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ගොඩක් ස්තූතියි සහෝ දිරිමත් කිරීමට. Born to Defence සුපිරි ෆිලුමක්. ඒකෙ හොඳ කොපියක් හොයාගත්ත ගමන් දෙන්නම්.

  • Deegayu Abeysekera User
    Windows 8.1 Opera 76

    thaks bro
    we want martial arts bruce jackie jet le donnie tony iwais vam……….
    good luck

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanks Bro. I’m ready.

  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 88

    ගොඩක් ස්තුතියි අයියේ.කාලකට පස්සේ සුපිරිි Chinese movie එකක් දැමිමට ස්තුතියි අපි Chinese එකක් එනකම් බලන් හිටියේ. හැමදාම ඇවිත් බලනවා. Chinese එකක් දාලා නැද්ද කියලා. අයියේ පුලුවන්නම් අඩුම තරමේ සතියට එක Chinese movie එකක් වත් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. අයියේ ඊලග movie එක. Jackie Chan,Sammo Hung,Yuen Biao. පුළුවන්නම් මේ තුන්දෙනාම ඉන්න movie එකක් දෙන්න. නැත්නම් ඔයාට පුළුවන් old chinese movie එකක් දාන්න. 🙏🏻 බුදු සරණයි දෙවි පිහිටය 🙏🏻

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ස්තූතියි බ්‍රදර්. ඒත් සතියකට එක චයිනීස් එකක් දාන්න අමාරුයි. තව පැරණි පට්ට ෆිල්ම් තියෙනවා. සමහරවිට අලුත් ඒවත් කරන්න වෙනවා. වෙලාව ලැබෙන විදිහට අපි කරමු.

  • KAVINDU Unregistered
    Android 6 Chrome 88

    සුපිරියි :smiley: ගොඩ කාලෙකට පස්සේ පට්ට චයිනීස් මුවී එකක් දාලා. thank you very much අයියේ. අපි බලන් හිටියේ අයියා චයිනීස් එකක් දානකන්. අයියේ පුලුවන්නම් ඊලග සබ් එක මේ මුවී එකට දෙන්න Twinkle Twinkle Lucky Stars. අයියගෙ ඉදිරි සිිිියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. දෙවි පිහිටයි:rose:

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ස්තුතියි බ්‍රදර්. Twinkle Twinkle Lucky Stars කියන්නෙ My Lucky Stars ෆිල්ම් සීරීස් එකේ 3 වෙනි චිත්‍රපටය. එකේ ඉඳන්ම දෙන්නම්. පොඩි කාලයක් දෙන්න.

  • Shamal Manojan User
    Android 7 Chrome 91

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. පිං සිද්ධ වෙනවා මේ කරන වැඩේ. කරදර කරනවට සොරි. අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න වැහි වැහැලා කට්ටිය ඉන්නවා. පරණ ෆිල්ම් එකකට සබ් දෙන සහෝ කෙනෙකුගේ වටිනාකම කියලා නිම කරන්න බෑ සහෝ. මේ සයිට් එකේ වෙන කවුද මෙහෙම පරණ ෆිල්ම් දෙන්නේ. පරණ ෆිල්ම් කවුරු දුන්නත් ඒක වටිනා සේවයක්. දිගටම පරණ ෆිල්ම් දෙන්න. ජැකී චෑන්, වෑන් ඩෑම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නොල්ඩ්, ජෙට් ලී වගේ සුපිරි නළුවන් ගේ පරණ සබ් නොදුන් ෆිල්ම් වලට සබ් දෙන්න. පුලුවන් නම් 80, 90 දශකයේ හොඳම Horror movies එහෙම තියනවා. An American werewolf in London 1981, Poltergeist 1982, 1986, 1988 වගේ ඒවා. සුපිරි සහෝ. පුලුවන් නම් දෙන්න.

    ජෙට් ලී ගේ
    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986
    ෆිල්ම් දෙකටත් පුලුවන් නම් සබ් දෙන්න සහෝ.

    මේවාලට සබ් දෙන එක මිල කරන්න බැරි වටින සේවයක්

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Shaolin Temple 2 සහ 3 අනිවාරෙන් දෙනවා. ඒත් එක දිගටම එකක් කරද්දි පොඩ්ඩක් බෝරින් වගේ. කලවමේ කරමු.

  • kasuni Unregistered
    Windows 7 Chrome 91

    oversize love chinise movie eke sub dennako plz….

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      බලන්නම්. ස්තූතියි.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search