Trending

Reminiscence (2021) Sinhala Subtitle

අතීතාවර්ජන

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ තවත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. හියු ජැක්මන් රංගන ශිල්පියා හා රෙබෙකා ෆගියුසන් රංගන ශිල්පිනිය ප්‍රධාන චරිත රඟදක්වන, අභිරහස්, ප්‍රේමණීය සහ විද්‍යා ප්‍රබන්ධ යන තුන් ඝනයට අයත් මේ චිත්‍රපටය නමින් Reminiscence (2021). PG-13 එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ වයස අවුරුදු 13න් ඉහල අයට සුදුසු ලෙස ඇමරිකාව තුල  MPAA වර්ගීකරණය ලබා ඇති මෙය පුරා හෝරාවකුත් ඉනිත්තු පනස් හයක ධාවන කාලයකින් යුක්ත වනවා. West World කතාමාලාවේ නිර්මාණකරුවන්ගෙන් අයෙක් වන ලීසා ජෝයිගේ මංගල සිනමා අධ්‍යක්ෂණය වන්නේ මේ චිත්‍රපටය. ඒ නිසාම විය හැකියි West World කතා තේමාවට බොහෝ සමානකම් දක්වනවා මේ චිත්‍රපටය. මේ වනවිට මෙය ලබා ඇත්තේ IMDb වෙතින් 5.9ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 39%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 71%ක්ද වශයෙන් යම් තරමක අඩු අගයන් වුවද ඊට වඩා යම් අගයක් මෙයට ලැබිය යුතු බවයි මගේ පෞද්ගලික මතය. මෙයට රංගනයෙන් දායක වන්නේ ; හියු ජැක්මන් (නික් බැනිස්ටර්), රෙබෙකා ෆගියුසන් (මේයි), ටැනඩිවේ නිව්ටන් (වොට්ස්), ක්ලිෆ් කර්ටිස් (සයිරස් බූත්),මරීනා ඩි තවීරා ( තමාරා සිල්වන්), ඩැනියෙල් වූ ( ශාන්ත ජෝ), නැතලි මාටිනෙස් ( ඒවරි),බරෙට් කලන් ( වෝල්ටර් සිල්වේන්), ඇන්ජෙලා සැරෆියන් ( එල්සා කැරීන්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු එහෙනම් කතාව දෙසට…

ලෝක දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවූ මුහුදු මට්ටම ඉහලයාමකින් තර්ජණයට ලක්වූ වෙරළබඩ පෙදෙසක්..

එමනිසාම රටවල් අතර ඇතිවූ මහා යුද්ධයකින් පසු කාල සමයක්…

මූදු ජලය තම වාසභූමිය තුලට ගලාඒම වැලැක්වීමට ඉදිකර ඇති මහා පවුරක්…

මුහුදු ජලය කඩාවැදීමේ අවධානමට ලක් නොවූ නොවූ පෙදෙස් තම ධනය බලය භාවිතා කර තමන් සතු කරගත් පොහොසත් ඉඩම් සාමිවරුන්…

වර්තමානය තුල සහනයක් නොමැති නිසාවෙන් අතීතයේ තමන් අත්විඳි සුවදායී මතකයන්හි සිතින් ජීවත්වන්නට නවීන අතීතාවර්ජන තාක්ෂණය භාවිතා කරනා ලෝකයක්…

එම තාක්ෂණය භාවිතා කරමින් ජනතාවටද නීතියටද සේවය කරන නික් බැනිස්ටර් නම් හිටපු හමුදා සෙබළෙක්…

ඔහුගේ සේවය පතමින් දිනෙක පැමිණෙන නාඳුනන අද්භූත තරුණියක්…

මෙයින් එහාට නරඹන ඔබට බාරයි චිත්‍රපටය. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 1.04 GB x264
▲7 · ▼3
Magnet GET
1080p bluray 2.14 GB x264
720p web 1.04 GB x264
▲5 · ▼0
Magnet GET
1080p web 2.14 GB x264
▲22 · ▼1
Magnet GET
2160p web 5.17 GB x265
▲5 · ▼5
Magnet GET
Discussion (4)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 92

    ස්තූතියි සහෝ. මේකට ඔයාගෙන් සබක් එනකං හිටියෙ

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 92

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 93

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 78

    මේක අමුතුම විදිහේ ෆිල්ම් එකක් වගේ.
    බලන්න ඕනේ. තෑන්ක්ස් අයියේ සබ් එකට.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search