ඔන්න එහෙනම් 5වෙනි එපියටත් උපසිරැසිය අරන් ආවා.අද කතාව බලනකොට නම් ටිකක් අමුතුයි වගේ කියලා හිතෙයි.මං හේතුව නම් කියන්නේ නෑ. බලලම දැනගන්නකො හේතුව මොකද්ද කියලා. මං එහෙනම් කතාව ගැන පොඩි ඉඟියකුත් දෙන්නම්. පෝට්ලන්ඩ් ප්‍රදේශයේ තියෙන පාසලක ගුරුවරයෙක් එයාගේ කාර් එක ඇතුලේ මැරිලා ඉද්දි හොයාගන්නවා.නිකන් නෙමෙයි ලොකු මී පරපුරකුත් ඒ කාර් එක ඇතුලෙන් මතුවෙනවා මිනිය එක්ක.ඉතින් මෘත ශරීරය මීයෝ හොඳටම කාලා දාලා තියෙන්නෙ. ඒ කාර් එක ළඟ තිබිලා මී කූඩු ටිකකුත් හොයාගන්න ලැබෙනවා. ඉතින් ඔය සාක්ෂිත් එක්ක බැලුවම එක්තරා පුද්ගලයෙක්ට තමයි සැකය එල්ල වෙන්නේ. ඉතින් නික් හා ග්‍රිෆින් දෙන්නා ඔය කියන පුද්ගලයයි එයාගේ පුතයි එක්කයි කරන ගනුදෙනුව තමයි අද බලාගන්න හම්බෙන්නේ.ඉතින් මේ දෙන්නමද මේ ඝාතනය කරලා තියෙන්නෙ, මොන හේතුවක් නිසාද ඝාතනය කරේ වගේ දේවල් වලට උත්තරයක් ඕනේ නම් අද කොටස බලලම ඉන්නකෝ.
තවත් දෙයක් කියන්න ඕනේ.නික්ට ගොඩක් දේවල් හොයාගන්න මොන්රෝ කියන කෙනා ගොඩක් උදවු කරනවා. ඔයාලත් ඒක දකින්න ඇති කලින් එපි වල. නික් ග්‍රිම් කෙනෙක් වුනාට ඒ දේවල් හැමදේම එයාට අලුත්නේ. ඉතින් මොන්රෝ තමයි උදවු කරන්නේ. නොදන්නා දේවල් කියලත් දෙනවා. ඉතින් නිකුත් හොඳට බටර් පාර දාගෙන :D මොන්රෝගෙන් වැඩ ගන්නවා. ඒ වගේම නික්ගේ බොස්, ශේඩ් කියන කෙල්ලත් එක්ක එකතු වෙලා වෙනම සැලසුමක් ගහනවා ඔය දේවල් අතරේ. ඔය ශේඩ් කියන කෙල්ල හෙක්සන්බීස්ට් කෙනෙක් කියලත් මතක ඇතිනේ. තව මොනවගේ දේවල් ඉස්සරහට වෙයිද කියල අපි බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසෙන් නැවත හම්බෙමු.හැමෝටම ජය!!!





Windows 7Chrome 45
එල මචන්.
Windows 7Maxthon 4.4
tnx saho 6 tat ikmanata dendooo
AndroidOpera Mini 7.6
එල සහෝ…
අනිත් කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…
***Good Luck***
Android 4.4Chrome 50
Supb sahoo.digatama demu
AndroidOpera Mini 24
එල සහෝ ??
Windows 10Chrome 69
sub ekata thanks saho…
Windows 7Chrome 107
thanks supiri