Trending

Confinement (2026) Sinhala Subtitle

34 Views
ස්ටෙලා කියන්නේ මෑතකදී තමන්ගේ සැමියා නැති වුණු ගැබිනි කාන්තාවක්. එයාගේ බඩේ ඉන්න දරුවා සමඟ එයා තනි වෙනවා. මේ කාලේදී එයාගේ මිය ගිය සැමියාගේ කලින් එතරම් ඇසුරක් නොතිබුණු පවුලේ අය එයාට ආරාධනා කරනවා එයාලගේ පාලු ගමේ තියෙන ලොකු වත්තේ නතර වෙන්න කියලා. ස්ටෙලා ඒ ආරාධනය පිළිගෙන එයාලා ළඟට යනවා.
මුලින්ම එයාලා ස්ටෙලාට හරිම කරුණාවෙන් සලකනවා වගේ පෙනුණත් එයාලගේ ඒ හොඳකම යටින් ලොකු අමුතු බවක් සැඟවිලා තියෙනවා. එයාලා ස්ටෙලාගේ බඩේ ඉන්න දරුවා ගැන දක්වන අධික උනන්දුව නිසා ස්ටෙලාට ටික ටික සැකයක් ඇති වෙනවා. එයාට තේරෙනවා එයාලා එයාව හොඳින් බලාගන්නවාට වඩා එයා ගැන නිරන්තරයෙන් සෝදිසියෙන් ඉන්නවා කියලා.
ස්ටෙලාට දරුවා ලැබෙනකම්ම ඒ වත්තේ ඉන්න සිද්ධ වෙනවා. වටපිටාවේ තියෙන පාලු බවයි, පවුලේ අයගේ හැසිරීමයි නිසා ස්ටෙලාගේ හිතේ ලොකු බයක් සහ සැකයක් පිරෙනවා. එයාට හිතෙනවා තමන්ගේ දරුවාට ශාපයක් තියෙනවද, නැත්නම් තමන්ට පිස්සු හැදීගෙන එනවද කියලා. මේ ගෙදර රෝස් කියලා තවත් ගැබිනි කාන්තාවක් ඉන්නවා. ඒ වගේම මිය ගිය සැමියාගේ සහෝදරියටත් අම්මා කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණත් එයා තමන්ම ගැබිනියක් වෙන්නේ නැතුව වෙන කෙනෙක් දරුවෙක් බිහි කරනකම් බලාගෙන ඉන්නවා.
ඒ පවුලේ අය හංගගෙන ඉන්න ලොකු රහස තමයි පරම්පරාවෙන් පරම්පරාවට එන ශාපයක්. හැම පරම්පරාවකම එක් දරු උපතකදී සාමාන්‍ය දරුවෙක් වෙනුවට නපුරු බලවේගයක අවතාරයක් ඉපදෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. අර සහෝදරිය කලින් ගැබිනි නොවී ඉන්නේ වෙන කෙනෙක් මේ අවදානම අරගෙන බලනකම් ඉන්න ඕන නිසයි.
රෝස් දරුවා බිහි කරනවා, එයාගේ දරුවාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම ගෙදර හැමෝගෙම ඇස් ස්ටෙලා සහ එයාගේ දරුවා දිහාට හැරෙනවා. එතකොට කතාවේ තියෙන භයානක බව තවත් වැඩි වෙනවා. ස්ටෙලාට තමන්වයි, තමන්ගේ දරුවාවයි භයානක ඉරණමකින් බේරගන්න ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා.
කතාව අවසන් වෙන්නේ ස්ටෙලා තවමත් ඒ තැන ඇතුළේ ඉද්දී එයා වටේ අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්න දර්ශනයකින්. පවුලේ අය කියපු දේවල් ඇත්ත කියලා ඒකෙන් පෙන්නුම් කරනවා.
දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
201 Movies
660 TV Series
861 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි ඇතුලත් කල විඩියෝ පිටපත්

2 quality options

Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search