Dracula (2020) [S01 : E01] Sinhala Subtitle

January 14, 2020 Expert Subtitler

ඩ්‍රැකියුලා සිටුවරයා

Dracula කියන්නෙ අපි පුංචි කාලේ ඉඳලම අහල තියෙන, අහන්න කැමති මාතෘකාවක්. ඩ්‍රැකියුලා ගැන එක එක කතා අපි අහල තියෙනවා. ඒ අතරින් Dracula පොත කියවලා නැති අය හොයාගන්න එක අමාරු වැඩක්. ඉතින් කොහොම හරි එක පොකුරට TV series ගොඩක් රිලීස් කරමින් ඉන්න Netflix ලට Dracula වත් අමතක වෙලා නෑ. ඒ නිසා ඔන්න පහුගිය පලවෙනිදා Netflix ලා Dracula Mini TV series එකක් විදියට ලෝකයාට නිකුත් කරනවා. මුලින්ම කියන්න ඕනි මේ කතාමාලාවටත් පදනම් කරගෙන තියෙන්නේ Bram stoker ගේ Dracula නවකතාව. ඉතින් Dracula පොත කියවපු අයට ඒක ආපහු මතක් කරගෙන මේක නරඹන්න පුලුවන්.

මේක ඇවිල්ලා Mini series එකක් නිසා Episode 3 ක් පමණයි කතා සමයට ඇතුලත් වෙන්නේ. එක Episode එකක් පැය 1 ½ විතර ධාවන කාලයකට යටත්. කතාමාලාව වෙනුවෙන් දැනට ලැබී ඇති IMDB අගය 6.9/10 ක්, ඒවගේම Rotten tomatoes 73•/• අගය ක් වගේම Google පරිශීලක අගය  88•/• ද වෙනවා. නිෂ්පාදනය Mark Gatiss සහ Steve Moffat දෙදෙනාගේ. අධ්‍යක්ෂණය Jonny Campbell, Damon Thomas සහ Paul Mcguigan ගේ. Hartwood films නිමැවුමක් විදියට තමයි Dracula කතාමාලාව නිකුත් වෙන්නෙ.කතාමාලාවේ ගලා යන දිශාව ගැන කිව්වොත්, ඩ්‍රැකියුලා සිටුවරයා සහ අගතා වෑන් හෙල්සින් අතර ගැටුම තමා කතාමාලාව දිගටම ගලාගෙන යන්නේ.

Dracula චරිතයට Cales Bang, Argatha Van helsing චරිතයට Paly wells ද, Jonathan harker ගේ චරිතයට John Heffernan ද, Mina Murray චරිතයට Morfydd Clark කුත් පණ පොවනවා. ඒ මම සඳහන් කලේ කතාමාලාව පුරාවට නිතරම අපිට මුණගැහෙන චරිත කිහිපයක්.පලමු කොටස නම් කරලා තියෙන්නේ The rules of the beast/ මෘගයාගේ නීති නමින්. මේ කොටසට ලැබිල තියෙන IMDB අගය 8.1 /10 ක්.

ජොනතන් හාර්කර් කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නීතිඥවරයෙක්. ඔහු ට්‍රාන්සල්වේනියාවට එන්නේ ඉඩම් සම්බන්ධ වැඩ කටයුතු කිහිපයකට, ඒ ඩ්‍රැකියුලා නම් මන්දිරයේ ඩ්‍රැකියුලා නම් සිටුවරයාගේ ආරාධනයකට අනුව. ඩ්‍රැකියුලා මන්දිරයට පය තබපු හැටියෙම ජොනතන් ට මහ අමුතු හැඟීමක් ඇතිවෙනවා, හරිම අමුතු මන්දිරයක්, අමුතු රියදුරෙක්, අමුතු පිලිගැනීමක්, ඒ හැමදේමත් එක්ක ලේ පිපාසිත නිශාචරයෙකුගේ පිබිදීමක්….

ඉතින් මුලින්ම ස්තූති කරන්න ඕනි මේ වැඩේ අපිට බාරදීපු අපේ System Administrator දමිත් සහෝදරයාව. ඒ වගේම මේක මම තනියම කරන වැඩක් නෙවෙයි,මම උපසිරැසි අරන් එන්නේ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් දෙක බොහොම ඉක්මනට ඔයාලට ලබාදෙන්න අපේ ඇඩ්මින්තුමා පසිඳු සහෝදරයත් වගේම තමෝද් මලයත් සූදානම්. ඉතින් ඒ හැමෝවමත් මතක් කරන ගමන්, හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටමත් ස්තූතියි. අයෙත් මේ වගේම සුපිරි කතාමාලාවකින් හමුවෙමු. ජයවේවා!!

මතක තියාගන්න “ඩ්‍රැකියුලා ට ඇතුලට එන්න ඕනි නම්, කවුරු හරි එයාට ආරාධනා කරන්නම වෙනවා”.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (6)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • mikey Unregistered
    Windows 10 Chrome 79

    supiri bro thankz wewa ithuru 2 kth denna elama

  • Lahiru Shashika New Subtitler
    Android 5.1 Chrome 77

    බොහොම ස්තූතිය මචන්

  • මිලින්ද ප්‍රියලාල් Unregistered
    Android 9 Chrome 76

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .

  • King'ALpha Unregistered
    Android 8.1 Samsung Browser 8

    Brother ,Vampire Diaries එකේත් Season 3 ඉදන් Sub ටික දෙන්නකෝ, ගොඩක් අය සබ් දෙනකම් ආසාවෙන් බලන් ඉන්න series එකක්.,,, plz, Vampire diaries S3 ඉදන් සබ් ටික දෙන්න, ලොකු උදව්වක්😋😍

  • Chandimal Kariyapperuma Unregistered
    Windows 10 Chrome 89

    Thanks for the subtitles. Keep up the good work.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search