හොඳයි එහෙමනම් අද මේ මන් ගේන උපසිරැසි පරිවර්තනය subz.lk එකේ උපසිරැසිකරුවෙක් විදියට මට විශේෂිතයි. ඒ මේක මගේ 100 වන උපසිරැසි පරිවර්තනය නිසා.
ඉතින් සාමාන්‍යයෙන් මන් වැඩිපුරම කරන්නේ රූපවාහිනී කතාමාලාවල උපසිරැසි තමයි. නමුත් මේ වගේ කඩයිම් අවස්ථාවක චිත්‍රපටියකට උපසිරැසි කිරීම තමයි අපේ වෙබ් අඩවියේ සම්ප්‍රදාය.
සාමාන්‍යයෙන් ලොකු වතගොතක් බෙදාහදාගන්නවනේ උපසිරැසිකරුවෙක් මේ වගේ අවස්ථාවක.
සාමාන්‍යයෙන් මගේ සෙසු උපසිරැසි වල ලිපි වලත් මම මන් ගැන සඳහන් කරන ප්‍රමාණය අඩුයි. ලිපියේ බොහෝ දුරට තියෙන්නේ කතාවේ තියෙන දේ විතරයි. ඉතින් අදත් මන් ගැන එහෙම ලොකුවට කියන්න බලාපොරොත්තුවකුත් නෑ
එක වාක්‍යයකින් කිව්වොත් මන් දැනට රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් කරන අස්සේ හම්බෙන වෙලාවෙන් ඔයාලට උපසිරැසි අරන් එනවා.
ඉතින් මම chernobyl කියන කතාමාලාවත් එක්ක තමා subz.lk එකට උපසිරැසි කරුවෙක් විදියට සම්බන්ධ උනේ. ඊටපස්සේ රූපවාහිනී කතා මාලා කිහිපයකටම මම උපසිරැසි අරන් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහටත් අරන් එනවා.
එහෙම ආව ගමනේ මම මේ සයිට් එකේ හඳුනගත්තු කිහිපදෙනෙක්ම ඉන්නවා මම මේ වෙලේ මතක් කරන්න ඕන. මුලින්ම මන් හඳුනගන්නේ මිහිර මධුසංක සහෝව. ඒ the good doctor කතාමාලවට හවුලේ උපසිරැසියක් දෙන්න ගිහින්. ඊටපස්සේ ඒ සහෝ එක්ක තවත් කතාමාලා 2කට හවුලේ උපසිරැසි ගෙනාවා. ඊලඟට දැනගත්තු චරිතය තමා සහන් සුලක්කන සහෝව. ඒත් cursed එකට හවුල් උපසිරැසියක් අරන් එන්න ගිහින්. ඊටපස්සෙ තමා, ඇත්තටම සෑහෙන්න කාලෙකට පස්සේ තමා මේකේ ඇඩ්මින් සහෝ, දමිත් ප්‍රියංකර සහෝව මම දැනගන්නේ. උපසිරැසි 50ක් විතර දැම්මට පස්සේ.
කොහොමහරි එදා ඉඳන් ලොකු සහයෝගයක් හම්බුනා ඇඩ්මින් සහෝගෙන්. සයිට් එකේ විප්ලවීය වෙනසක් ඇති උනා කියලා කියන්නත් පුලුවන්.
ඒවගේම ඉෂි සහෝදරියවත් හන්සනී සහෝදරියවත් මතක් කරන්න ඕනේ. මේ දෙන්නගේ බලපෑමෙන් මේ වෙනකොට මේ සයිට් එක ලංකාවේ ප්‍රමුඛම කොරියන් කතා මාලාවල උපසිරැසි ලබා දෙන සයිට් එක බවට පත් වෙලා හමාරයි. ඒක හොඳ ප්‍රවණතායක් විදියට සලකන්න පුලුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ හසිත සහෝව. 300+ අධික උපසිරැසි ප්‍රමාණයක් අයිති නිර්මාණකරුවෙක්. මට අවස්ථා කිහිපයකදිම උපසිරැසි සම්බන්ධයෙන් සහෝවත් සම්බන්ධ කරගන්න පුලුවන් උනා.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ උපසිරැසිකරුවෙක් වෙන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. මේක උපසිරැසිකරුවෙක්ට හොඳටම නිදහස තියෙන සයිට් එකක්. ඒ වගේමයි මේ තමා එකම සයිට් එක ලංකාව තුල උපසිරැසිකරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම සයිට් එක.
ඒ වගේම රසිකයන්ට කියන්න තියෙන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගුණ දොස් කියන්න.




Android 8.1Chrome 68
100 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝදරයා…
Windows 10Chrome 86
thank you bawantha.
oyath kada imata enakam balan innawa api 🙂
Android 10Chrome 84
මේක 2019 නේද..?