Trending

Red Planet (2000) Sinhala Subtitle

සුබ දවසක් වේවා අපේ චිත්‍රපට රසිකයින්ට.ටික දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියක් අරන් ආවා.මේක 2000 වසරට අයත් සුපිරිම චිත්‍රපටියක්. මං එහෙම කිව්වේ මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නේ 2000 වර්ෂයේ වුනාට,මේ ෆිල්ම් එකට යොදාගෙන තියෙන තාක්ෂණය නම් කියලා වැඩක් නෑ.මේ ෆිල්ම් එකේ නම තමා Red planet නැත්තම් රතු ග්‍රහලොව නැත්තම් අඟහරු ග්‍රහයා ඔය මොකක්හරි…එහෙනම් ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක් බලමු,

  • තිරගත වූ දිනය –2000.11.10
  • අධ්‍යක්ෂවරයා –Antony hoffman 
  • නළුනිළියන් –Carrie Anne moss,Vak kilmer, Tom sizemore,Benjamin bratt,Simon baker…
  • ධාවනකාලය -පැය 1 මිනිත්තු 46

කතාව ගැන…

IMDB අගය 5.7/10 ගන්නා මෙම චිත්‍රපටියේ ස්වරූපය නම බලපුවාම හිතාගන්න පුලුවන් වෙයි.ඔව් මේ අඟහරු ලෝකෙට යන ගමනක් තමා.මේ ෆිල්ම් එක මමත් කීපවතාවක් රූපවාහිනියෙන් දැකලා තිබුනත් පුදුමයක් වුනේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසියක් නිකුත් නොවීමයි.එහෙනම් ඔන්න අවුරුදු 17 කට පස්සේ Subz LK වෙබ් අඩවියෙන් මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසියක් නිර්මාණය වුනා.

හොඳයි කතාව මෙහෙමයි-  ෆිල්ම් එකේ හැටියට ඒ වර්ෂ 2025.මේ වෙනකොට පෘථිවියේ ජීවත්වෙන්න පුලුවන් තත්වය අඩුවෙමිනුයි යන්නේ.ඒ කියන්නේ පෘථිවිය තුල ඔක්සිජන් වායුව නැතිවෙනවා.ඒ නිසා මිනිස්සු තීරණය කරනවා තමන්ට අලුත් නිවහනක් හොයන්න.ඒ තමා අඟහරු.ඉතින් මේගොල්ලෝ පලවෙනියටම කරන්න හදන්නේ අඟහරු ලෝකය මත ඔක්සිජන් වායුව නිපදවන්න.ඒ හින්දා පලමුවෙන්ම මේගොල්ලෝ කරන්නේ අඟහරු ලෝකෙට ඇල්ගී ශාක HAB කියන යානයෙන් යවනවා.ඒ ඇල්ගී නිසා ඔක්සිජන් ඇතිවේවි කියන බලාපොරොත්තුවෙන්.ටික කාලෙකට පස්සේ ඒ බව හොයලා බලන්න විද්‍යාඥයන් පිරිසක් දින ගනක් ගෙවා ගෙන අඟහරු ලෝකෙට යනවා.ඒත් අඟහරු ලෝකේ ආසන්නයට ගියාට පස්සේ ඒගොල්ලෝ හීනෙකින් වත් නොහිතපු දේකට තමා මුහුනදෙන්නේ.එතනින් පස්සේ තමා ඒගොල්ලන්ට තවත් අභියෝගයන්ට මුනදෙන්න සිදුවෙන්නේ….අපොයි මෙහෙම ගියොත් මුලු කතාවම කියන්න වේවි.ඒ හින්දා මං මෙහෙම කියන්නම්කෝ කණ්ඩායමේ 6 දෙනෙක් ගියාට අවසානයේ එන්න ලැබෙන්නේ දෙන්නෙක්ට විතරයි.

හොඳයි එහෙනම්,මේකත් කියන්න ඕනි මේ ෆිල්ම් එක කලින් බලපු අයත් ඇති.ඇත්තෙන්ම මේ සුපිරිම චිත්‍රපටියක්,ඉතින් මේ වගේ සිංහල උපසිරැසි පිට නොවුනු තවත් සුපිරි චිත්‍රපටි තියෙනවනම් ඒ බවත් දැනුවත්කරන්න කියලා මතක් කරනවා.ඒවගේම මේක මගේ 21 වෙනි උපසිරැසි ගැන්වීම.ඉතින් ඒකෙත් ගුණදොස් දැනගන්න කැමතියි.එහෙනම් ඔන්න මම ගියා.ඔබට ජය!

Spoiler Warning : Mission Commander Kate Bowman is the pilot and commander of the most important mission of the 21st century: saving the human race. It’s 2050, earth is dying, and colonizing Mars is the only alternative to obliteration. Bowman and her crew have made this journey to investigate what went wrong with the malfunctioning Mars Terraforming Project, and to repair it. But what happens when they get there is far more terrifying than anyone could have guessed….

ලක්ෂාන් සමීර
ලක්ෂාන් සමීර Translator
11 Movies
43 TV Series
54 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 701.11 MB x264
1080p bluray 1.60 GB x264
Discussion (13)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 62

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 62

      බොහොම ස්තූතියි සමීර සහෝ!

  • Suminda Lakshan Junior Subtitler
    Android 7.1 Facebook App 59

    කාලෙකින් ෆිල්ම් එකකට සබක් කලේ නේද සහෝ..????ෆිල්ම් එකත් බලන්නම ඕනේ…උපසිරැසියට තුති සහෝ…??

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 62

      මාස 7 කට විතර පස්සේ සහෝ.බෝම ස්තූතියි!

  • Isuru Unregistered
    Android 5.1 Chrome 61

    Thanks deewangee 2002 hindi film eka denna supiri film ekak

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 62

      සලකා බලන්නම් සහෝ…

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ?
    ඔබට ජය???

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    නියම ෆිල්ම් එකක් වගේ.
    මේ වගේ ෆිල්ම්වල අමුතු ගතියක් තියෙනවා.
    තෑන්ක්ස් සහෝ උපසිරැසියට.

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • asitha Unregistered
    Windows 8.1 Chrome 62

    elama saho thanks
    The Abyss (1989)
    Mission to Mars (2000)
    Ghosts of Mars (2001)
    film 03 ganath salaka balanna

    • JANAKA Unregistered
      Android 10 Chrome 85

      thanks for everything
      try to given mission to mars (2000) please…

  • Sumudu Nuwan User
    Windows 10 Chrome 62

    elooooooo…..good luck

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search