Sting (2024) Sinhala Subtitle May 17, 2024 Rasika Samanjith | Admin IMDB RATING 5.8 GENRES English MoviesGenresHorrorMoviesSci-FiThriller CAST Jermaine Fowler,Ryan Corr,Alyla Browne රාක්ෂයෙක් වුනු සුරතලා Horror, Sci-Fi, Mystery & Thriller යන කැටගරිවලට අයත් වෙන නවතම ඕස්ට්‍රේලියානු නිර්මාණයකට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. චිත්‍රපටය Sting. මුලින්ම තිරගත වුනේ 2024 අප්‍රියෙල් 12 දින එක්සත් ජනපදයෙදි. නමුත් අන්තර්ජාලයට වෙබ් කොපියක් එකතුවුනේ පෙරේදා. ඇමරිකාවෙදි බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. රංගනයෙන් එකතුවෙනවා Ryan Corr (ඊතන්), Alyla Browne (චාලට්), Penelope Mitchell (හේදර්) සහ Jermaine Fowler (ෆ්රෑන්ක්). චාලට් කියන්නෙ අවුරුදු 12 ක ගෑනු ළමයෙක්. මහල් නිවාසයක ජීවත් වෙන්නෙ. මෙයාට දවසක් අහම්බෙන් හම්බෙන කුඩා මකුළුවෙක් බෝතලේක දාලා සුරතලේට හදනවා. හැබැයි කාටත් රහසින්. ඉතා අසාමාන්‍ය විදිහට වර්ධනය වෙන මේ සතා දක්ෂ, බුද්ධිමත්, ලේ පිපාසිත යෝධ රාක්ෂයෙක් වෙන්න දවස් හතරක්වත් යන්නෙ නෑ. අසල්වැසියන් එකිනෙකා අතුරුදහන් වීමටත් අද්භූත ලෙස මියයාමටත් පටන්ගන්නා අතර චාලට්ට සිද්ධවෙනවා තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් තම සුරතලා සමග බිහිසුණු සටනකට පෙරමුණ ගන්නට. අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් වුනොත් සුපුරුදු පරිදි වයිටීඑස් කොපිය අරගන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා. QUALITY // 720p – 840mb // 1080p – 1.7gb SUB FORMAT // SRT ♣♣ WEBRip / 720p / 1080p ♣♣ # WEBRip