Wonder Woman (2017) Sinhala Subtitle

June 21, 2017 Expert Subtitler

DC VS Marvel වලියක් ගියාම හැමදාම කොහොම හරි ගේම ගහලා DC පැත්ත දිනවන මං වගේ DC රසිකයෙක් මේ වගේ ෆිල්ම් එකක උපසිරැසිය කලේ නැත්තම් වැඩක් නැහැනේ.කොහොම DC ෆෑන් වෙන මං වොන්ඩර් වුමන් ෆිල්ම් එකට වගේම ඉස්සර ඉදන්ම උපසිරැසියත් කරන්න හිතාගෙන හිටියේ.ඒ තරම් ආසාවෙන් තමා හිටියේ.ඒ වගේම මේ ෆිල්ම් එක කලේ මාවල් කාරයෙක් එක්ක දාපූ ඔට්ටුවක් විදිහටත්.දැන් මාවල් කාරයට නම් හුගක් රිදෙවී…

කොමික් හී සදහන් වන වොන්ඩර් වුමන් ගැන…

මම ෆිල්ම් එකට යන්න කලින් වොන්ඩර් වුමන් කොමික් හී පැවතෙන ආකාරය දන්නා තරමින් විස්තර කරන්නම්.ඔයාලා හැමෝම වොන්ඩර් වුමන් නමින් දන්නා මේ චරිතය හදුන් වන්නේ ඩයනා කියලා වගේම තෙමිස්කරා හී ඩයනා කුමරිය කියලා.කොමික් වල ආකාරයට මේ ඩයනා ඉපදෙන්නේ ඩයනගේ මව වන හිපොලිටියා මැටියෙන් නිර්මාණය කෙරු ළමයට ඇතීනා නම් දෙවඟන විසින් උපත ලබාදෙමින්.මෙයාලා ජිවත් වෙන්නේ තෙමිස්කාරා නම් දූපතක.මේ දූපත සියුස් නම් දෙවියන් විසින් වසන් කරලා තියෙන්නේ ඔහුගේ පුතු වන ඇරස් (යුද්ධයට අදිපති දෙවියන්ගෙන්) ගෙන් ආරක්ෂා වෙන්න.ඒ වගේම මේ ඩයනාගේ මව තමා තෙමිස්කාරා හී රැජින.ඇමසන් වරුන්ගේ රැජින විදිහටද නම් කරනවා මෙයාව.ඒ වගේම වොන්ඩර් වුමන් කියන්නේ විශාල ශක්තියක් තියෙන කෙනෙක්.වොන්ඩර් වුමන්ට අති දක්ෂ සටන් පුහුණුවක් තියෙනවා වගේම වේගයෙන් යෑමේ හැකියාව,ඉක්මනින් සුව වීම,ඇති ඇති විශාල ශක්තිය වැනි බලයන් වොන්ඩර් වුමන් සතුයි.ඒ වගේම වොන්ඩර් වුමන් ලෙස විශාලා පොත් ප්‍රමාණයක් ඇති අතර 2009 වර්ෂයේදී Wonder Woman නමින් ඇනිමේෂන් චිත්‍රපටයක්ද නිකුත් විය.

Wonder Woman (2017)

අපි දැන් ෆිල්ම් එකට බහිමු. June 2, 2017 දින Wonder Woman නමින් නිකුත් වූ මෙම චිත්‍රපටය ලබාගෙන ඇති IMDB අගය 8.1 වන අතර Rotten Tomatoes අගය 92% ක්ද Google users විසින් ලබාදී ඇති අගය 92% ක් වේ.ඒ වගේම ච්ත්‍රපටය සදහා දරා ඇති වියදම ඩොලර් මිලියන 149ක් වන අතර මේ වන විට ලබා ඇති ආදායම ඩොලර් මිලියන 578.3ක් වේ.ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ Charles Roven,Deborah Snyder,Zack Snyder,Richard Suckle යන අය වන අතර අධ්යක්ෂණය කර ඇත්තේ Patty Jenkins යන මහතා විසින්.ඒ වගේම චිත්‍රපට මිනිත්තු 141ක් තරම් තරම් දාවනය වේ.රංගනයට දායකවන නළු නිලියන් පිරිස ගැන මම යටින් සදහන් කරන්නම්…

  • Gal Gadot :- Diana
  • Chris Pine :- Steve Trevor
  • Connie Nielsen :- Hippolyta
  • Robin Wright :- Antiope
  • Danny Huston :- Ludendorff
  • David Thewlis :- Sir Patrick
  • Saïd Taghmaoui :- Sameer

ඔය මම සදහන් කලේ ප්‍රදාන අය කිහිප දෙනෙක්.දැන් අපි කතාවට බහිමු.තෙමිස්කාරා නම් දුපතකක් තියෙනවා.මේ දුපතේ ජිවත් වෙන්නේ ඇමසන් සියුස් විසින් නිර්මාණය කරන ලද කාන්තාවන්.එයාලා අති දක්ෂ සටන් කාරියන්.මේ ඩයනා එහෙමත් නැත්තම් ඔයාලා දන්න වොන්ඩර් වුමන් කියන්නේ මේ තෙමිස්කරා දුපතේ රැජිනියගේ දියණිය.දවසක් සටන් පුහුණුවකින් පසුව ඩයනා වෙරළ තිරයට ඇවිත් බලාගෙන ඉද්දි එයා දකිනවා මොකක් හරි දෙයක් කඩාගෙන මුහුදට වැටෙනවා කියලා.ඉතින් ඩයනා ඒ හිටපු කෙනාව ගොඩට ගත්තාම තමා දකින්නේ ඒ මිනිහෙක් කියලා.කලින් ඩයනා පිරිමි කෙනෙක් දැකලා නැහැ.ඩයනටත් හරි පුදුමයි.ඒ  එන්නේ ස්ටීව් ට්‍රේවර් නම් කපිතාන් කෙනෙක්.ඒ විතරක් නෙමේ එයාගේ පස්සෙන් ජර්මන් හමුදාවකුත් පන්නගෙන එනවා.පස්සේ මේ ස්ටීව්ගෙන් වැඩිපුර ප්‍රශ්ණ කිරීමේදී ඩයනට දැනගන්න ලැබෙනවා යුද්ධයක් තියෙන බව.ඩයනා හිතනවා මේ යුද්ධය කරන්නේ යුද්ධයට අදිපති දෙවියන් වන ඇරස් විසින් කියලා.ඒ වගේම ඇමසන්ලගේ වගකීමක් තමා ඇරස්ව විනාශ කිරීම.ඉතින් මේ අරමුණ උඩ තමන්ගේ මව් දේශය වන තෙමිස්කරා දුපත අත්හැර ඇත්ත ලෝකයට එනවා.එතැනදී ඩයනා දකිනවා යුද්ධය නිසා මරණය පත්වුන වගේම තුවලා වෙච්ච අය වගේම ළමයි හා කාන්තවන්.මේ ජර්මනියේ කර්නල් කෙනෙක් වන ලුඩෙන්ඩොර්ෆ්ට ඕන ගෑස් එකක් බාවිතයෙන් සතුරු රට විනාශ කරන්න.ඒත් ඒ ගෑස් එකෙන් සාමාන්‍ය අහිංසක ජනතාව පවා මැරෙන්න ඉඩ තියෙනවා.ඔය ආකාරයට යුද්ධය ගලාගෙන යද්දී වොන්ඩර් වුමන්ගේ මෙහෙයුම වෙන්නේ යුද්ධය නවත්වන එක.ඇත්තටම මේ යුද්ධය පැවතෙන්නේ ඇරස් නම් දෙවි කෙනෙක් නිසාද?එහෙම දෙවි කෙනෙක් ඉන්නවා නම් ඩයනට ඇරස්ව නවත්තන්න පුළුවන් වෙයිද?එතකොට මොකද්ද මේ ලුඩෙන්ඩොර්ෆ් කරන්න හදන්නේ?මේ ගෑස් එක කොහොම එකක්ද?මේ ගෑස් එක ස්ටීව් ඇතුළු කණ්ඩායම කොහොම නවත්වයිද?ඒක දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.ඉතිං මං හිතනවා ඕනෑවටත් වඩා චිත්‍රපටය ගැන මම සදහන් කළා කියලා…

පිටපත ගැන නම් කියන්නම ඕන.මේක CAM පිටපතක්.සාමාන්‍ය විදිහට බලන්න පුළුවන් තත්වේ තිබ්බත් මම නම් BluRay හෝ WEB-DL එනකම් පොඩ්ඩක් ඉවසන්න කියන්නේ.ඒ වගේම මේ පිටපතේ අඩුපාඩු සෑහෙන්න ප්‍රමාණයක්ද දක්නට ලැබුනා.ඉතින් මේ පිටපතට උපසිරැසි නිර්මාණය කිරීමේදී උපසිරැසියේද චූටි චූටි ගැටළු ඇති උනත් මම හැකි තරම් ඒවා නිරාකරණය කරලා ඔයාලට හැකි තරම් සාදාරණයක් ඉෂ්ට කළා.ඉතින් ඒ අඩුපාඩු අනිවාර්යෙන්ම ඊලග පිටපතට යාවත්කාලීන කිරීමේදී හදනවා…

ඉතින් මේ චිත්‍රපටයේ උපසිරැසිය ගොඩක් මහන්සි වෙලා තමා කලේ.ඉතින් ඒ නිසා තප්පර කිහිපයක් වය කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.මේ මහන්සියට වගේම කැපකිරීමට ලැබෙන එකම සතුට තමා ඔයාලගේ පුංචි කමෙන්ට් එක.ඉතින් ඊලග පිටපත් සදහා උපසිරැසිය යාවත්කාලීන කරන බවට පොරොන්දු වෙමින් මම යනවා.තවත් උපසිරැසියකින් හමුවෙමු…එතෙක් ඔබට ජය!!!

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Before she was Wonder Woman (Gal Gadot), she was Diana, princess of the Amazons, trained to be an unconquerable warrior. Raised on a sheltered island paradise, Diana meets an American pilot (Chris Pine) who tells her about the massive conflict that’s raging in the outside world. Convinced that she can stop the threat, Diana leaves her home for the first time. Fighting alongside men in a war to end all wars, she finally discovers her full powers and true destiny…

Available Torrents
3D bluray 2.16 GB
720p bluray 1.03 GB
1080p bluray 2.17 GB
2160p bluray 6.83 GB
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (45)
  • Kalana Unregistered
    Android 4.4 Chrome 55

    Ela ela.digatama karamu saho

  • MALINDA Unregistered
    Windows 10 Chrome 59

    PATTA SPEED EKAKNE. THANKZ. 🙂

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 59

    athi yantham dala….ahaa..oya marvel karaya kiwwwe mata ne…balamu balamu..spiderman…coming soon bro

  • sameera Unregistered
    Windows 8.1 UC Browser 6.1

    sub eka mechchara ikmanin dunnata isthuthi kiyanna ona
    api yawath kalin karanam balan innawa kiyala kiyannath ona

  • Sulakshana Unregistered
    Android 6 Chrome 58

    Koheda danne naa dc comics dinanne ? marvel ekka happena ekanam boru wadak danno danithi!!! Kesewetath sub ekata thanks loku kapaweemak sahodaraya oyaa hena speed neh digtama demu!! Jayawewa✌️web dl aawama update ekak demu

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55

    elama kavisha bro!
    web-dl enakam iwasamu!!
    🙂 😉

  • sagara Unregistered
    Windows 8.1 Chrome 58
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 59

    Speed එකේ සබ් එක දීලා නෙ! Thankz for the sub! but මම නම් Web dl වත් එනකන් නොබලා ඉන්නයි තීරණය කරේ! updates එන සැනින් කරමු අනිවා! ජය වේවා! ( දමිත් Challenge එක කරන හැටි ගැන අපි අවධානයෙන් 😛 )

  • sudesh Unregistered
    Android 5 UC Browser 11.3

    Kaveesha alama sub akata thanx . Ath blue ray anakan innawa machan blue ray apu gaman sub aka edit karala dapan saho. Good luck

  • rkkasun Unregistered
    Windows 8.1 Firefox 53

    thanx brother

  • johnnysand Unregistered
    Windows 7 Firefox 54

    Thanks Bro…….

  • wdrsoysa Unregistered
    Windows 10 UC Browser 6.1

    ela kiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search