Bad Genius (2017) Sinhala Subtitle

January 30, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වෙනද වගේම අදත් මේ එන්නෙ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය අපේ සුමින්ද සහෝදරයගේ ලැයිස්තුවෙන් තෝරාගත් තවත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි සුමින්දට, මොකද මේක මට මග ඇරිල යන්න තිබුණ බලන්න වටින චිත්‍රපටයක්. 2017 වසරේ තිරගත වුණ මේ චිත්‍රපටය නමින් Bad Genius . මෙය තායිලන්ත චිත්‍රපටයක් වගේම සම්මානලාභී චිත්‍රපටයක්. Imdb අගය 7.8ක් ලබාගෙන Rotten Tomatos වෙතින් 92%ක
විශාල අගයක් ලබාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ කොමඩි, ක්‍රයිම් , ඩ්‍රාමා
ඝණයට. අධ්‍යක්ෂණය Nattawut Poonpiriya ගෙන්. දැන් අපි යමු කතාව පැත්තට…
පාසල් කාලෙදි අපිට විභාග කියන්නෙ මහ අමුතු දෙයක් නෙමෙයිනෙ, හැබැයි ඉතින් ඒවගේම ටිකක් විතර හිසරදයක්. ඒ අතරිනුත් ප්‍රධානම විභාග තමයි ශිෂ්‍යත්ව විභාගය, අපොස:සා/පෙළ සහ උ/පෙළ මේවයෙදි අපිට සෑහෙන්න පීඩනය වැඩියි, මොකද වෙනදටත් වඩා මහන්සියෙන් පාඩම් කරන්න වීමේ බරට දෙමව්පියන්ගේ හීනවල බරත් හරි හරියට එකතුවීම. ඒ අතරෙ ප්‍රධානයි හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුල්වී හොඳ අධ්‍යාපනයක් ලැබීම (නවකවදය දීම සහ පෙළපාලි යාම නෙමෙයි ) , ඊට අමතරව අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක්ලැබීම. ඔයවෙනුවෙන් අපි නොකරන දෙයක් නෑනෙ , මේ සම්බන්ධව නිර්මාණය වුණ චිත්‍රපටයක් තමයි මේ.. මේ නොකරන දේවල් අතරින් බොහොම අතලොස්සක් දෙනෙක් කරන දෙයක් තමයි විවිධ ක්‍රමවලට විභාගයන් වංචනික විදියට ලිවීම, අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් කොපි කිරීම වගේ දේවල් එහෙම. හැබැයි මේ චිත්‍රපටයේ කතාව ඊටත් ගොඩක් ඈතට ගිය එකක්.. .

රිනෙඩා නිතෙප් කියන්නෙ ඉතාම දක්ෂ බුද්ධිමත් ශිෂ්‍යාවක්, ඇයට ආදරයට කියන්නෙ ලින් කියලයි. ඇය 9 ශ්‍රේණිය වනතෙක් අධ්‍යයාපනය ලබපු පාසලෙන්  ඉවත්කරගෙන ඇයව උසස් (යැයි සම්මත) පාසලකට ඇතුලත් කරනවා ඇගේ පියා විසින්.කෙසේවෙතත් මේ පාසලේ ගාස්තු ඉතාම අධිකයි, ලින්ගේ අදහසක් නෑ මේ පාසලට ඇතුල්වෙන්න, ඒ තමන්ගෙ පියාට මේ වියදම දරන්න බැරි බව ඇය දන්න නිසයි. නමුත් ඇගේ දක්ෂතාවය නිසා ඇයට මේ පාසලේ නොමිලේ ( ?) අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබෙනවා. මේ පාසලේදි ඇය සම්බන්ධ වෙනවා විභාග වංචාවකට, “එච්චර දක්ෂ කෙනෙක්නම් මොකටද ඇය විභාග වංචාවකට සම්බන්ධ වෙන්නෙ?” වගේ ප්‍රශ්ණයක් දැන් ඕගොල්ලන්ගෙ හිතට එයි , ඒ ප්‍රශ්ණෙට උත්තරේ හොයාගන්න පුළුවන් චිත්‍රපටය නැරඹුවාම…ඒ වගේම මේ වංචාව ඔබ අපි කවුරුවත් නොහිතන දුරකට යනවා , එහෙනම් නරඹන්න කියල ආරාධනා කරනවා. කිසිම ගැටලුවක් නැතිව පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ. ඒ වගේම මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය කල එකක් බවත් සඳහන් වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

Available Torrents
720p bluray 1.09 GB
1080p bluray 2.09 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (23)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    බොහොම ස්තූතියි සහෝදරයා තවත් මගේ එක ඉල්ලීමක් ඉෂ්ඨ කළාට..අනිත් ටිකටත් වෙලාවක් ⏰ ලැබුණු හැටියෙම උපසිරැසි අරන් එමු..ඔබට ජය..?

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ඉතුරු ටිකත් හෙමීට දෙන්නම් 😉

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    පට්ටම කතාව මේකනම් ඇඩෙන්නම තිබුනා
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      ඔව්නේ, සුපිරි කතාවක් තමයි, මාත් හරි ආසාවෙන් බැලුවෙ. ආ..ඒක නෙමෙයි The Shape of Water බැලුවෙ ඊයෙ. ඒකත් නියම ෆිල්ම් එක. ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා 🙂

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, Kantha 🙂

  • Madusha Unregistered
    Windows 10 Opera 50

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63

    Comedy ekak maru maru

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      කොමඩි කිව්වට එච්චරම නෑ, දමිත් . විභාග වංචා කේස් එක තමයි වැඩියම කතාවෙන්නෙ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට 🙂

    • TJ Unregistered
      Android 9 Chrome 81

      👍

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, සජිත් 🙂

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    ඔයා දන්නවද සහ‍ො ලංකාව‍ෙ දැන් ප‍ොඩි රැල්ලක් තියනව පාසල්කාල‍ේ කතා බලන?. film එකකුත් ඇහිල්ලa/l තියනව?.කට්ටිය දන්නවනම් බලයි?.ඔයාකිව්ව වග‍ෙ මටත් movie එක mis ව‍ෙන්න තිබුනා.මාත් බාගන්නව ස්තුති ඔයාග‍ෙ මහන්සියට.

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      ඔව්නේ, ඒක රැල්ලක් කියන්නෙ හැමතැනම, ටී.වී එකෙත් එකක් දෙකක් යනව මං හිතන්නෙ. එහෙමවත් පාසල් කාලෙට ආයිත් ලැබෙන එක හොඳයි එක අතකට. ඒ වුණාට වැඩේ කියන්නෙ ඔය එන රැළි ආපහු යන්නෙ පාසල් කාලෙත් මිනිස්සුන්ට එපා කරලයි ( අර මල් සිංදුවලින් මල් එපා කලා වගේ). ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

  • mithun Unregistered
    Android 7 Chrome 63

    මේක කලින් කොහේ හරි විස්තරයක් දැක්ක එත් ගන්න හිතුන් නැ. දැම් ඉතින් හසිතත් උපසිරැසි ගන්වල කියන්නෙ ෆිල්ම් එක හොද වෙන්න ඔනේ කියන එකනේ…? ? සබ් එකට බොහොම ස්තුතියි සහෝදර Roman J. Israel, Esq. .මෙකටත් ඔයාගෙ අතින්ම උපසිරැසියක් බලාපොරොත්තු වෙනව

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 මේක ගැන මට කිව්වෙ අපේ සුමින්ද සහෝදරය. එයා නැත්තං මටත් මේෆිල්ම් එක මගැරිල යනවා. * Roman J. Israel, Esq එක මං බැලුව ,ඔයා කිව්වට පස්සෙ, කොහොමහරි සබ් දෙන්නම්.

    • mithun Unregistered
      Android 7 Chrome 64

      සුපිරිම ෆිල්ම් එක සහෝ..හැම කොටසකටම,කාල වේලාවල් එ ,එ විදියට උපසිරැසි ගන්වල තිබ්බ හින්ද සුපිරි එකට වැදුන.. ෆට්ටම ෆිල්ම් එක… ගොඩක් ස්තුතියි ඔයාටත් මේවගේ ෆිල්ම් සුපිරි එකට උපසිරැසි දානවටමට නම් මෙක සුපිරි

    • mithun Unregistered
      Android 7 Chrome 64

      Roman J. Israel, Esq එක කිව්වෙ හදිත වෙන මොකවත් හින්ද නෙවෙ මන් අසම නලුව Denzel Washington කියන්නෙ බෙස්ම ඇක්ටර් කෙනෙක් එකයි එක ඉල්ලුවේ සෙට් නම් දෙමු ඉතින් මන් බැලුවෙ නැත්

    • mithun Unregistered
      Android 7 Chrome 64

      කී වල පොඩි අවුලක් වචන වදින්නෙ නෑ සමාවෙන්න ඔනේ?

  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10 UC Browser 7

    patta film eka bro.. thanks sub walata 😀 😀

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    thank you brooooooooooooooooooooo

  • Vishwa Unregistered
    Android 7 Chrome 63

    එල සහෝ……????

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search