The Shadow Effect (2017) Sinhala Subtitle
සුභ දවසක් යාලුවනේ. ෆිල්ම්නම් නිතර නිතර බැලුවට ඉතින් සබ් එකක් කරන්න ආසාව නොතිබුනා නෙවෙයි. ඒ ආසාව මුදුන්පත් කරගත්තෙ ඔන්න දැන් තමා. මොකද මේක තමා මගෙ පලවෙනි සිංහල සබ් එක. අඩුපාඩුත් ඇති ඒවට සමාවෙන්න ඕන. සබ් එකක් කරන්න යන යන අමාරුව දකින්නනම් සබ් එකක් කරන්නම ඕන ඉතින්. පටන් ගත්තම ඉවර වෙනකම් ඉවසිල්ලකුත් නෑ ඉතින්.
හරි වැඩි කතා නැතුව අපි චිත්‍රපටය පැත්තට යමු. චිත්‍රපටයෙ නම තමා Shadow Effect. මේක Action, Drama, Psychological Thriller ගණයට අයත් වෙන ඉංග්‍රීසි චිත්‍රපටයක්. Drama කියල කෑල්ලක් තිබුනට බය වෙන්නෙපා පොඩ්ඩක්වත් කම්මැලි නෑ හොදද. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ ඔබින් විල්සන් සහ අමාරියා විල්සන් කියන දෙපල. ගිය අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි තමා මේක නිකුත් උනේ.
හරි දැන් කතාව පැත්තට යමු. කතා නායකයා තමා ගේබ්‍රියෙල්. තමන්ගෙ ආදරනීය බිරිඳත් එක්ක අවන්හලක් කරගෙන පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒත් හැමෝටම වගේ එයාටත් ප්‍රශ්න තියෙනව. නරක හීන පේනව. මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ. එයාගෙ බිරිඳටත් මේ වැඩේ එපා වෙනව. පස්සෙ දොස්තර කෙනෙක් හම්බෙන්නත් යනව. ඉතින් ඇත්තටම ඒව හීනද? කවුද මේ ගේබ්‍රියෙල්? මොකක්ද ඇත්තටම වෙන්නෙ? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් ඔයාට මේ විනාඩි 94 රැදිල ඉන්නම වෙනවා. අහ් ඒ වගේම පොඩිහිටියන්ට උචිත නැති කෑල්ලකුත් තියෙනවා. මහා දරුනු එකක් නෙමේ උනාට අනතුරු අගවන එක යුතුකමක්නෙ.
කියන්න බැරි උනා. මේ චිත්‍රපටයෙ ගේබ්‍රියෙල් විදියට කැම් ගීගන්ඩම්, දොස්තර රීස් විදියට ජොනතන් මේයර්, බ්‍රින් විදියට බ්‍රිට් ශෝව් රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි චිත්‍රපට බලන යාලුවො අදුරන අයනෙ ඉතින්. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙ හමුවෙමු. බුදු සරනයි!
A doctor (Jonathan Rhys Meyers) tries to help a young man (Cam Gigandet) whose violent dreams begin to blend with reality.
නියමයි සහෝ…ස්තුතියි උපසිරැසියට…ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…***Good Luck***
අනිවා…ගොඩක් ස්තූතියි අයියේ. 😀
godak tnx sub ekata
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ….!!!!!
ගොඩක් ස්තූතියි සහෝ.😀
Thanks machan……jayawewa……!
Thnxxxxxxxxxxxx
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!ජයවේවා!!!🙂🙂🙂
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ela broooooo
thanks saho
Thanks …………………..good luck ……………………
සබ් එක තැන්කියු