Grimm (2011) [S01 : E01] Sinhala Subtitle
ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පලවෙනි සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන ආවා. මුලින්ම මං කියන්නම් SubzLK සැට් එකට එකතු වුනේ කොහොමද කියලා. සශික දුලාජ් කියන සහෝදරයා දවසක් මගෙන් ඇහුවා “මචන් පොඩි වැඩක් තියෙනවා සෙට් වෙලා කරමුද” කියලා. මාත් ඉතින් හා කියලා වැඩේට බැස්සා. ඔන්න ඔහොම තමයි ඉතින් කවිශ, පසිදු සහෝලා ඇතුළු SubzLK කාර්යමණ්ඩලය ( 😀 ) අඳුරගෙන කතාබහ කරලා වැඩේ පටන් ගත්තේ. හා කියලා ඉතින් වැඩේට බැස්සට මොකෝ පස්සේ තමයි වැඩේ බරපතලකම තේරෙන්න ගත්තේ. කොහොමින් කොහොමින් හරි ඉතින් අපි හැමෝම එකතු වෙලා මහන්සි නොබලා ඔයාලා වෙනුවෙන් මේ දේ කරන්නේ සතුටක් ලබන්න විතරක් මිසක් ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි කියලත් කියන්න ඕනේ. හරි එහෙනම් දැන් අපි ගැන කතා කර ඇති, බලමුකෝ අද ගෙනාපු සුපිරි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා.
Grimm කියන ටෙලිකතා මාලාවේ පළමු කතාසමයේ සිංහල උපසිරැසි තමයි මමයි හරිත සහෝදරයයි එකතු වෙලා අද ඉඳලා ඔයාලට අරන් එන්නෙ. මේ කතාමාලාව Stephan Carpenter, David Greenwalt, Jim Kouf කියන 3දෙනා අතින් නිර්මාණය වෙලා තියෙන්නෙ. 2011 ඔක්තෝම්බර් මස 28 දින, NBC නාලිකාව ඔස්සේ තමයි Grimm පළමු කතා සමය විකාශය ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙනකොට කතාසමයන් 4ක් නම් විකාශය වෙලා අවසානයි. ඒ වගේම 5 වන කතාසමය මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ 30 වෙනකොට විකාශය ආරම්භ කරන්නත් සුදානම් කියල නිල දැනුම් දීමක් වෙලා තියෙනවා. 7.8ක IMDb අගයක් ලබාගන්නත් මේ සුපිරි කතාමාලාව සමත්වෙලා තියෙනවා. පළමු කතා සමයට කතාංග 22ක් අඩංගුයි. ඉතින් කතාවේ සාරාංශය ගැන කිව්වොත් මෙහෙමයි. මිනිස් රූපවලින් පෙනීසිටින්න පුළුවන් අත්භූත සත්ව කොට්ටාශයක් ඉන්නවා. බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෝ වගේමයි කිසි වෙනසක් නැහැ. නමුත් ග්‍රිම්වරු කියලා ඈත අතීතයේ ඉඳලා පැවතගෙන එන පරම්පරාවක් ඉන්නවා. එයාලට නම් මේ අධිස්වභාවික සත්තුන්ව සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් කරලා හඳුනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය කියන ග්‍රිම්වරු, අත්භූත සත්වයන්ට එරෙහිව කොහොමද සටන් කරන්නේ කියන එක පදනම් කරගෙන තමයි කතාව ගලාගෙන යන්නේ. මේකේ ප්‍රධාන චරිතය වන නික් බර්ක්හාඩ් කියන්නෙත් ග්‍රිම් වරයෙක්. ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට රාජකාරි කරන අතරතුරේදී තමයි මේ කියන විවිධ අධිස්වභාවික සතුන් එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙ. එයාලත් එක්ක සටන් කරන්න මෙයාගේ හොදම යාලුවා විදිහට පොලිස් පරීක්ෂක හෑන්ක් ග්‍රිෆින් කියන පුද්ගලයත් නික්ට උදවු වෙනවා. එයාල එකතු වෙලා කොහොමද මේ අත්භූත සත්තුන්ට අභියෝග කරන්නේ කියලා කතාව බාගෙනම බලන්නකො එහෙනම්. ඔයාලට දැනගන්නත් එක්ක පහලින් දාන්නම්කො කතාවේ ප්‍රධාන චරිත වලට පනපොවන්නේ කවුද කියලත්.
Nick Burkhardt (නික්) – David Giuntoli
Julliette Silverton (ජුලියට්) – Bitsie Tulloch
Monroe (මොන්රෝ) – Silas Weir Mitchell
Hank Griffin (හෑන්ක්) – Russell Hornsby
Captain Seasn Renard (කැප්ටන්) – Sasha Roiz
දැන් අද ගෙනාපු පළමු කතාංගය ගැන පොඩි විස්තරයකුත් කියන්නම්. කතාව ආරම්භයේදීම ඔයාලට බලන්න පුළුවන් වෙයි ව්‍යායාම කරන්න කියල කැලේ ඇවිදින්න යන ලස්සන අක්කියෙක්ව ( 😀 ) අමුතු සතෙක් අතින් අමානුෂික විදිහට ඝාතනය වෙනවා ( :/ ). ඉතින් ඔය අභිරහස් ඝාතනය ගැන නික් සහ ග්‍රිෆින් දෙන්න පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. නික්ට ඔය අතරේදී මිනිස්සුන්ව විකෲති රූප වලින් පේන්න පටන් ගන්නවා. එහෙම විකාර රූප පේන එක නිකට ලොකු ප්‍රශ්නයක්. ඒ අතර නික්ගේ නැන්දා කෙනෙකුත් ගොඩ කාලෙකට පස්සේ නික්ව බලන්න එයාගේ ගෙදරට එනවා. ඉතින් මොකක් හරි ලොකු හේතුවක් හින්ද තමයි නැන්දා නික්ව බලන්න එන්නෙ. ඝාතන සිද්දිය ගැන පරීක්ෂණය යන අතරතුරදී තවත් පොඩි ගැහැණු ළමයෙක්ගේ අතුරුදන්වීමක් ගැනත් වාර්තා වෙනවා. ඉතින් මේ කියන ඝාතන සිද්ධියයි පොඩි ළමයාගේ අතුරුදන්වීමයි අතර සම්බන්ධයක් තියෙනවද, සම්බන්ධයක් තියෙනවනම් ඒ මොකද්ද?. නික්ට මිනිස්සුන්ව විකෲති වෙලා පේන එක ලෙඩක්ද නැත්තම් වෙන හේතුවක්ද?. නික්ගේ නැන්දා ඇයි හදිස්සියේම නික්ව බලන්න එන්නේ? මෙන්න මේ කියන ප්‍රශ්න වලට උත්තරයක් බලාගන්න පුළුවන් වෙයි අද කතාව බැලුවොත් නම්. ඒ වගේම නික්ගේ ලොක්කත් ටිකක් අමුතු චරිතයක් කියල ඔයාලට බලන්න පුළුවන් වෙයි. 😉
එහෙනම් මේ සුපිරි කතාව රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම මගේ පලවෙනි සිංහල උපසිරසිය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා ඔයාලගේ වටිනා කාලයෙන් බිඳක් වැයකරලා පොඩි අදහස් දැක්වීමකුත් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. හැමෝටම ජයවේවා!!
Spoiler Warning : Portland detective Nick Burkhardt, descended from a long line of warriors known as Grimms, defends his city from magical creatures known as Wesen, which are part human and part animal. Fighting alongside his partner, Hank, colleague Sergeant Wu and friends Monroe and Rosalee, Nick faces off against internal and external forces, including his police captain, Sean Renard…
එල වැඩක් සහෝ
thnkz bro…meka dnkn blgna htiye
tnx mcn digatama dendaa
මේක සුපිරිම කතාවක්, සින්හල සබ් නැතුව හිටියෙ.
බොහෝම ඉස්තුති සබ් එකට.
දිගටම සබ් එක ඕනෙ.
ජය වේවා!!
niyameta wade dila thiyenne ela ela
නියමයි සහෝ…දිගටම වැඩේ
කරමු…
***Good Luck***
hey thankssss machanlaaa mekata……..
ස්තුතියි හැමෝටම. 🙂 දිගටම අපිත් එක්ක ඉන්නකෝ. වැරදී අඩුපාඩු තිබ්බොත් පෙන්නල්ලා දෙන්න. එහෙනම් හැමෝටම ජය !! 🙂
ඉක්මනට දෙකත් දෙන්න :3
නියමයි ලක්ශිත අයියේ මේක ගොඩාක් ආසාවෙන් බලන් හිටපු සීරිස් එකක්. මේකට සබ් දුන්න එකනම් නියම වැඩක්. දිගටම කරගෙන යමු.ජයෙන් ජයම වේවා…good luck subzlk .
ela
අද ඔයාලට දෙවෙනි එපිය බලන්න පුළුවන් 🙂 පුළුවන් ඉක්මනටම අපි සබ් දෙන්න උත්සහා කරනවා 😉