ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස තමයි අද අරන් ආවේ.හිතුවට වඩා කාලයක් ගත වුනා වැඩේ කරන්න.හේතුව කිව්වොත් Subz LK කියන්නේ අලුතින් ආරම්භ කරපු වෙබ් අඩවියක්.ඉතින් පොඩි පොඩි බාධක මුලදී මතු වුනා.නමුත් ඒවාට සාර්ථකව මුහුණ දීලා අද යම් ස්ථාවර තැනකට එන්න අපිට හැකිවෙලා තියෙනවා.ඉතින් අපේ ඇඩ්මින් මණ්ඩලයේ උත්සාහයේ ප්‍රථිපලය තමයි ඒ.තමන් කැමති ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිකතා බලන හැමෝටම ගුණාත්මකබවකින් යුතු උපසිරැසි ලබා දීම තමයි අපේ අරමුණ වුනේ.ඉතින් ඒ අරමුණත් එක්ක තමයි අපි අපේ වැඩේට අත ගැහුවේ.ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න රසික පිරිසත් එක්ක බැලුවම අපිට අවංකවම සතුටු වෙන්න පුළුවන් අපේ අරමුණ වෙනුවෙන් අපි කරපු කැපකිරීම් සාර්ථකයි කියන එක.ග්‍රිම් කියන කතා මාලාවට මම උපසිරැසි කරන්න භාරගත්තේ ඔය කියන කාරණාව උඩ.මගේ අධ්‍යාපන කටයුතු එක්ක කාල වෙලාව හදාගෙන තමයි ඔයාලට මේ උපසිරැසි අරන් එන්නේ.ඉතින් පොඩි පොඩි ප්‍රමාදවීම වුනු එක ගැන සමාව ඉල්ලන්නත් ඕනේ ඔයාලගෙන්…
මම හිතනවා ඔයාලා මේ කතා මාලාව ගොඩක් හොඳට රස විඳින්න ඇති කියලා.මේක 2011 ඔක්තෝම්බර් 28 දින ඉඳලා 2012 මැයි 18 දක්වා කාලය තුල NBC නාලිකාව ඔස්සේ විකාශය වුනා. ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණු කතා මාලාවක් නිසා ඔයාලත් ගොඩක් මේකට ආස වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් කතාවේ සාරාංශය කිව්වොත්, අර්ධ මිනිස්-සත්ව මිනිසුන් විශේෂ කිහිපයක් සහඔවුන් දඩයම් කරන පිරිසක් වටා තමයි කතාව ගෙතෙන්නෙ.ඔයාලට දැන් ඒ අදහස ලැබෙන්න ඇති කතා මාලාව නරඹපු නිසා. දැනට මේ කතා මාලාවේ සමයන් 5ක් විකාශය වෙලා තියෙනවා. 6වෙනි කතා සමයත් මේ මාසේ 31න් අවසන් වෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා මේ කතා මාලාවට. මෙහි 2වෙනි කතා සාමය 2012 අගෝස්තු 13 ඉඳලා 2013 මැයි 21 දක්වා කොටස් 22ක් විකාශය වෙලා තියෙනවා…
අද කොටස ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්. නික්ව හොයාගෙන කිමුරා කියන පුද්ගලයා පෝට්ලන්ඩ් වලට එනවා. ඒ එන්නේ නික් ළඟ කාසි ටික ඇති කියන බලාපොරොත්තුවෙන්.ඒ කාසි මොනවද කියලා ඔයාලට මතක ඇතිනේ. නික් ඔහුගේ දෙමව්පියන් මරපු පලිය ගන්න හිතාගෙන කිමුරා පස්සේ පන්නනවා. ඉතින් අවසානයට ඒ දෙන්නා අතරේ මොකක්ද වෙන්නේ කියන එක ඔයාලට අද බලන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩාක් දේවල් වෙනවා. ඒවා මෙතන සඳහන් කරන්නේ නෑ.අද කතාව උපසිරැසි බාගෙන රසවිඳින්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම 2වෙනි කතාමාලාව ගැන යම්කිසි ඉඟියකුත් ලබාගන්න පුළුවන් අද කොටසින්…
පළමු කතා සාමය පුරාම ඔයාලා අපිත් එක්ක හිටියා. ඉතින් ගොඩක් කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න. මේ කතා මාලාව ගැන, ඒ වගේම උපසිරැසි වල අඩු පාඩු නැත්තම් යෝජනා වගේ දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.අපි කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නෙමෙයි.අපේ සතුට වෙනුවෙන් ඔයාලගේ සතුට වෙනුවෙන් කරන දෙයක්.ඒ නිසා මේ ගැන යම් අදහසක් දක්වන්න පුළුවන් නම් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.ඒක අපිට හයියක්.එහෙනම් අපිත් එක්ක ඉන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා.හැමෝටම ජය!!!
“It shall not be death,
but a sleep of a hundred years,
into which the princess shall fall.”
Spoiler Warning : A trail of murders reignites Nick’s search for the gold coins; a mysterious woman in black starts to interfere with Nick and Hank’s investigation; Nick’s relationship with Juliette reaches a crossroads…
අද Grimm කතා මාලාවේ අන්තිම කොටසත් දීලා ලක්ෂිත සහෝ…
මම දැකපු විදිහට පරක්කු උනාට උපසිරැසිවල ගුණාත්මක බවේ කිසිම අඩුවක් තිබ්බේ නැහැ…
පෞද්ගලික කරනා හා අද්‍යාපනය කටයුතු එක්ක බලද්දී මේච්ච වෙගයෙන් උපසිරැසි දීම ගැන මම නම් පුදුම වෙනවා…
පරක්කු වෙනවා කියන දොස් ඇසීමට කාරණයක් නෙමේ…
මට අද වගේ මතකයි ලක්ෂිත සහෝ Subz LK වෙබ් අඩවිය පටන් ගන්නත් පෙර ඉදලම අපි එක්ක එකට හිටපු කෙනෙක්.අද කතා මාලාවකුත් සම්පුරණ කරලා.ඒ ගැන කියන්න වචන නැහැ.හිතේ ලොකු සතුටක් තියෙන්නේ…
ගොඩක් අය Comment නොදා තමා උපසිරැසිය හොරෙන්ම බාගෙන යන්නේ.ඒත් Comment අඩුයි,මට මේක කරන්න බැහැ කියලා ලක්ෂිත සහෝ වැඩේ අතෑරියේ නැහැ.දිගටම ගේම ගැහුවා…
කතා මාලාව පරක්කුයි කියලා ගොඩක් කට්ටිය බනිද්දි ලක්ෂිත සහෝ එයාලට සුහදව තේරුම් කරලා දුන්න අවස්තා අනන්තවත් මම දැකලා තියෙනවා…
ඉතින් දිගින් දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා…ඒ වගේම උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය වේවා!!!
ස්තූතියි කවිශ සහෝ. සයිට් එක ඉස්සරහට අරන් යන්න ඕනේ උදව්වක් කරන්නම්. 😉
Mchn patta….kiynna wachna naa….last kotas 2ka enkan bkanma hitiya…..seson 2th krn ymu mchn…..uba sub denkan bln innwa…tnz sahoo??
Thank you ?bro digatama karagena yamu
Tnx mcn elama ube sub supiri season 2 ekatat denawa neda mchoo
ඔව් මචන් දිගටම දෙන්න හිතන් ඉන්නේ. 😀
Ela kollo digatama gema gahapn jaya wewaa
Ammo iwara kala ehenam… thank you soo much broo. Kathawa download kalaata balanna widiyak thibnee naa upasirasi thibbe nethi nisa.. eth uba patan gaththa kaale idn man ubee upasirasiwalin balanna gatta.. godak balan inna unath season 1 kathawa supiriyata hithata weduna 100% ube upasirasi walin thamai..season 2 ekath Slow eke hari denna kiyala illaawa.. igenime katayuthuth sarthaka wenna onee subtitle wadeth balance karagena yamu kollo…. season 2 ekath patan gannakan balan innawa.. Thank you soo much… Gdluck…
ස්තූතියි සහෝ. !! 🙂
ගොඩක් ස්තූතියි ,ආසාවෙන් බැලුවා ,දෙවැනි කොටසක් දෙන්න
thanks saho kisima labayak nobala mevage vadakata athagahuvata kathamalavanam supiri
Thanks 🙂
Devani ekath ikmanata demu 🙂
ස්තුතියි සහෝ සබට……………!
Elama mcn…patta…season 2 akath demu…
මම මේ වෙබ් අඩවිය පටන්ගත්තු දවසේ ඉදලම හිටියා…ඔයාලගේ සබ් එක්ක ගොඩක් සීරියස් ෆිල්ම් බැලුවා…ඒ අතරින් විශේෂ තැනක් දුන්නේ ග්‍රිම් කතා මාලවට…වෙබ් අඩවිය වැටි වැටි ආවේ…පස්සේ වෙබ් අඩවිය නැවතිලාම තිබ්බා..මාත් ඉතින් හිත හදාගත්තා…ආයේ කාලයට පස්සේ වෙබ් අඩවියට පණ ඇවිත්…ඒ ගැන හුහක් මම සතුටු උනා…ඒ වගේම අද ග්‍රිම් කතා මාලාවත් සම්පූර්ණ කරලා…මේ ලක්ෂිත සහෝට මේ කරපු සමාජ සේවයට බෙහෙවින් ස්තුති…ඒ වගේම මේ කරන සේවයට ස්තුතිය කියන වචනය කියලත් මදි…
පුලුවන් නම් සීසන් 2 එකත් දෙන්න ට්‍රයි කරන්න සහෝ…සහෝගේ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…ජය වේවා!!!
ස්තූතියි සහෝ.!! උත්සහ කරන්නම් මචන් පුළුවන් ඉක්මනට දෙන්න 😉
Ela bro…season 2 akath demu ne…api digatama innawa…
Thank you?
Thanx saho…sub nm oyage patta…ahanna deyak naha..season 2 akath dei kiyala balaporoththu wenawa…