Operation Red Sea (2018) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔන්න අපේ ඇඩ්මින් මණ්ඩලයේ
කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Duck Duck Goose චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙන එද්දි මම කිව්ව චීන චිත්‍රපටය තමයි මේ. සත්‍ය සිදුවීමක් යම් තරමකින් පදනම් කරගෙන නිර්මාණය වුණ මේකෙ නම තමයි Hong hai xing dong නොහොත් Operation Red Sea (2018).ජී ෆෙන්ග් ගේ රචනයෙන් ඩාන්ටේ ලිම්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී Imdb අගය 7.1ක්ද Rotten tomatos අගය 86%ක්ද ගූගල් පරිශීලකයන් 91%ක ප්‍රසාදයත් දිනා සම්මාන දෙකකට නිර්දේශව එයින් එක් සම්මානයක් තමන් සතු කරගෙන ඇති මේ චිත්‍රපටය යුධමය /ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්හට හොඳ අත්දැකීමක් වනු ඇති. ඩාන්ටේ ලිම්ගෙ කියන්නෙ ඉතිං ඇක්ෂන් ලෝකයක් කියල ඔහුගෙ චිත්‍රපට බලන අය දන්නව ඇතිනෙ. මේකත් එහෙමයි ආරම්භයේ ඉඳන්ම එක හුස්මට බලන්න පුළුවන් හැබැයි යුධමය එකක් නිසා ටිකක් සංවේදී දර්ශන තියනව සමහර තැන්වල. මේ චිත්‍රපටය චීන මහජන විමුක්ති හමුදාවේ 90 වැනි සංවත්සරය වෙනුවෙනුයි එලි දක්වා තිබෙන්නේ. ඒ වගේම මේ වසරේ චීනය තුල ලද ඉහලම ආදායම වාර්තා කරන්නත් මේ චිත්‍රපටය සමත්කම් දක්වනවා. කෙසේවෙතත් පැසසුම් එක්කම ගල්මුල් රාශියක්ද මේ වෙතට එල්ල වෙන්නෙ මෙය චීන රජයේ තවත් ප්‍රොපගැන්ඩාවක් බවට එල්ලවෙන චෝදනාත් සමගින්. ඒක එහෙම කියන්නත් සාධාරණ හේතු තියනවා හැබැයි. බලද්දි පෙනෙයි ඔයගොල්ලන්ට. චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි…
යෙවායර් සමූහාණ්ඩුව නම් රටක කැරැල්ලකින් රාජ්‍ය බලය අත්පත්කරගැනීමක් සිද්ධ වෙනවා. එහි සිටින චීන පුරවැසියන් මුදාගැනීමේ වගකීම ඒ වනවිට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසකගෙන් චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුදාගනිමින් සිටින ලින් යී නම් යුධ නැවට සහ එහි සිටින චීන ජියාඕලොන් කමාන්ඩෝ බලකායට පැවරෙනවා. ඒ කාර්යය සාර්ථකව කරමින් සිටින ඔවුන්ට පැවරෙනවා තවත් රාජකාරියක්, අවසානයේ එය ඉතාම බිහිසුණු සටනක් දක්වා දිවයනවා… එහෙනම් මම එයින් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි. කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම ම ගිහින් එන්නම් අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම….
විශේෂ :-
*මේ චිත්‍රපටයට පාදක වෙන සත්‍ය සිදුවීම තමයි චීන හමුදාව විසින් 2015 වසරේදී යේමනයේ සිටින චීන ජාතිකයන් පිරිසක් ඇතුළු විදේශිකයන් රැසක් මුදාගැනීමේ මෙහෙයුමක්. කෙසේ හෝ චිත්‍රපටය තුලදී ඔවුන් යෙවායර් නම මනඃකල්පිත නමක් යොදාගන්නවා අදාල රට හැඳින්වීමට.
* ජියාඕලොන් කියන නමේ තේරුම මුහුදු මකරා.
* කට්ටිය චිත්‍රපටිය බලල ඉවරවෙලා එහෙම මේ විනාඩි අටේ රිවීව් එකත් බලන්න. හොලිවුඩයට ඔළුව අතගාලා පොඩි ටොක්කකුත් අනිනවා අන්තිම හරියෙ.
https://www.youtube.com/watch?v=z5jLVcbB6jw
මෙ ෆිල්ම් එකට දල තියෙන තාක්ෂණය නම් හිතාගන්න බැ ,ඉටත් වඩා මෙක අරම් තියෙන විදිය. මන් පුද්ගලිකවම චයිනිස් චිත්‍රපට වලට අස නැ ,jetli,jackie chan ගෙ old මුවි ඇරුනම . කොරියන් චිත්‍රපට තමා පට්ට. හැබැයි මෙක නම් නියමයි .කාලෙකින් බැලුවෙ මෙවගෙ සුපිරි පහරක්. ඔය මෙකට සබ් දුන් නැත්නම් මලාට මන් මෙක බලන් නැ ස්තුතියි සහෝ
ආයි මොනවද, මිතුන්, මේක හදල තියෙන්නෙ කෙලින්ම චීන හමුදාවෙ අනුග්‍රහය යටතෙ,ෆිල්ම් එකේ ක්රෙඩිට්ස්වලත් තියනවනෙනම. ඒක වෙන්න ඕනෙ එච්චර රියල්. කවීෂට තමා ස්තූතිය යන්නෙ ඕනෙ, එයාගෙ ඉල්ලීමටනෙ සබ් එක කලේ, නැත්තං මටත්බොහෝවිට මේක මග ඇරෙන්න තිබුණ 🙂
NIyamayi sub aka thnkzzz hasithaa
LAgadima den aluth sub aka mokkda🙂
අපේ හිතවතෙක් ඉල්ලපු ජපන් ෆිල්ම් එකක් තියනව The Eternal Zero කියල. ඒක තමයි ඊලඟට අරගෙන එන්න හිතාඉන්නෙ.ආ තව Ready Player One දුන්න මේකෙන් පස්සෙ.
උපසිරියට තුති
Thank u for subtitles brother 💖💖
Patta tks broooo
Thnxx saho sub ekata😍😍
tnx godak
සුපිරි tnx aiya
තැන්ක්ස් බ්‍රදර් සබ් වලට.. කිසි කරඩ්ගරයක් නැතුව බාගන්න පුලුවන් එකත් ලොකු දෙයක්. ඔබට ජය. 🍻
Ftt bn red sea eke nm.puluvnnm kanchana 3 ekata deehankoo
Supiri bn bagannath lesii❤️❤️❤️
sub ekata thanks saho