Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
වර්ෂ 1977 සිට 2017 දක්වා වසර 40 ක තරම් අතිවිශිෂ්ඨ ඉතිහාසයක් හුදෙක් එකම මාතෘකාවකට පැවතිය හැකිනම්,එය සදාකාලිකව නොමැකෙන මාතෘකාවක් වනු ඇතිබව නොරහසකි.එසේම එකම මාතෘකාවක් පදනම් කොටගෙන වසර ගණනක් තරම් නම් පමණක් නොව,පරම්පරා ගණනාවකට සදා අමරණීය සිනමා අත්දැකීමක් ලබාදීමට හැකිනම්,එය සිනමා ක්ෂේත්‍රයේ නියුක්ත වන්නෙකුකේ ජයග්‍රහණයක් නොවන්නේද?..සැබවින්ම එය ජයග්‍රහණයකි.එවන් වූ සිනමාපටයකට සිංහල උපශීර්ෂයක් නිර්මාණයට වරම් ලැබීම,උපසිරැසි නිර්මාණකරනයේ යෙදෙන්නෙකුට ජයග්‍රහණයක් නොවන්නේද?..එසේනම් එවන් වූ ආත්ම තෘප්තියකින් යුතුව නිර්මාණය කල උපසිරැසියක උපසිරැසි සටහන තැබීමටයි මේ සූදානම.
Star wars නම් වූ ඒ කීර්තිමත් වීර කතා මාලාවේ තවත් එක් පියවරක් සිංහල අරුත් ගැන්වීමට මා ලද භාග්‍ය පිළිබඳව සමස්ථ ඇඩ්මින් මඩුල්ලට කෘතඥ වෙමි.Star wars -The last jedi නවමු සිනමා සිත්තම පසුගිය 15 වනදා සිට විකාශය ඇරඹීය.ඒ අතිමහත් රසික ප්‍රජාවගේ කිතුගොස මධ්‍යයේය.එවන් වූ රසික ආදරයකින් පිරී ගිය සිනමා මාලාවක ඉතිහාසය කෙතරම් ප්‍රභාවත් විය යුතුද? එසේනම් මීලඟ පියවර ඒ විශිෂ්ට වීරකාව්‍යයේ ඉතිහාසය විමසාබැලීමටයි.
1977 සිට 2017 දක්වා හා අනාගත Star wars සිනමා විකාශය.
Star wars සිනමා මාලාව තුන් ඈඳුරු ත්‍රිත්වයකට වර්ග කර තිබේ. එනම්,
- මුල්ම තුන්-ඈඳුරු මාලාව (Original trilogy)
- පූර්ව තුන්-ඈඳුරු මාලාව (Prequel trilogy)
- අනුගාමී තුන්-ඈඳුරු මාලාව (Sequel trilogy)
මුල්ම තුන්-ඈඳුරු මාලාව (Original trilogy 1977-1983)
- A new hope- 1977
- The empire strikes back- 1980
- Return of the jedi- 1983
පූර්ව තුන්-ඈඳුරු මාලාව (Prequel trilogy 1999-2005)
- The phantom menace- 1999
- Attack of the clones- 2002
- Revenge of the sith- 2005
අනුගාමී තුන්-ඈඳුරු මාලාව (Sequel trilogy)
- The force awakens- 2015
- The last jedi- 2017
- Episode 9- 2019 (යෝජිත)
*චිත්‍රපට මාලාවේ මූලබීජය වන්නේ George Lucas.ඔහු A new hope චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අතර මෙතෙක් තිරගත වූ සියළුම චිත්‍රපටවල තිර රචකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
Star wars the last jedi- ජෙඩායිවරුන්ගේ අවසානයද?
මේ චිත්‍රපටය තිරගතවෙන්න පටන්ගත්තේ පහුගිය 15 වෙනිදා,මේ වෙනකොට IMDB අගය 8.1/10 ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටයටත් යොදාගෙන තියෙන්නේ කලින් චිත්‍රපට වලට යොදාගත්තු දර්ශන තලම තමයි.ඒවගේම star wars චිත්‍රපට මාලාවට ආවේණික සංගීත ඛන්ඩ ආදී සියලු දෙයක්ම මේකෙත් දකින්න පුළුවන්.කතාවත් කෙටියෙන් විස්තර කරන්නම්.
The force awakens චිත්‍රපටය බලපු අයට මතක ඇති අවසානයේදී හාන් සෝලෝ තමාගේ පුතා බෙන් සෝලෝ නැත්තම් කයිලෝ රෙන් අතින් ඝාතනය වෙනවා.ඊට පස්සේ කයිලෝ රෙන් ඩාත් වේඩාර්වරයා බවට පත්වෙනවා.චිත්‍රපටය අවසානයේදී රෙන්,ලුක් ස්කයිවෝකර් ව හොයාගෙන දූපතකට යනවා.මේ චිත්‍රපටයේ තියෙන්නේ එතනින් එහාට සිද්ධවුනු දේ…
මේ වෙනකොට මන්දාකිණියේ අඩක්ම බලය හිමිවෙලා තියෙන්නේ “පළමු ගණය” කියන දුෂ්ට කණ්ඩායමට.ඔවුන්ගේ නායකයා (සුප්‍රීම් නයකයා) වන්නේ ස්නෝක්…ප්‍රතිරෝධි නැත්තම් වීරයින්ගේ කණ්ඩායමේ නායකවරිය වන්නේ ලෙයා ඔගානා ,ලුක් ස්කයිවෝකර් ගේ සහෝදරිය…කොහොම වුනත් චිත්‍රපටය පටන්ගන්නේ සටනකින්…මේ අතරේ රේ ලුක් ස්කයිවෝකර් ව හමුවෙලා ඇතිවෙලා තියෙන තත්වයත්, ලුක් ගේ උදව් ඕනිබවත් කියනවා.ඒත් ලුක් ගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.ඒත් කොහොමහරි රේ ඉගෙනගන්නවා ලුක් ස්කයිවෝකර්ගෙන් ජෙඩායිවරුන්ගේ “බලය” කියන දෙය ගැන.මේ අතරේ ප්‍රතිරෝධී කණ්ඩායමට තමන්ගේ මූලස්ථානය අහිමි වෙනවා.ඔවුන් අලුත් මූලස්ථානයක් හොයාගත්තත්.එතෙන්ටත් පළමු කණ්ඩය පහරදෙනවා.ඉතින් ප්‍රතිරෝධි කණ්ඩායමට මේ ප්‍රහාරයෙන් ගැලවෙන්න පුළුවන් වේවිද?රේ ට කයිලෝ රෙන්ගේ හිත වෙනස්කරන්න පුළුවන්වේවිද? ලුක් ස්කයිවෝකර් ආපහු තමාගේ කණ්ඩායමේ උදව්වට ඒවිද?…
උපසිරැසිය ගැන…
ඇත්තෙන්ම කිව්වොත් ලොකූ කට්ටක් කාලා හදපු උපසිරැසියක්.මම මේ උපසිරැසිය අපේ කවීෂ සහෝදරට කියලා වෙන්කරගත්තේ ගිය නොවැම්බර් මාසේ.ඊට පස්සේ තරමක් හොඳ කොපියක් ඇවිල්ලා තිබ්බ නිසා මම උපසිරැසිය කරන්න ගත්තා.මම වැඩ පටන්ගන්න කලින් කෝකටත් අපේ දමිත් සහෝදරයගෙන් ඇහුවා…දැන්ම පටන්ගන්නද කියලා,තරමක් හොඳ කොපියක් හින්දා එයත් කිව්වා පටන්ගන්න කියලා.ඔන්න ඔය විදියට තමයි මේ උපසිරැසිය නිර්මාණයවුනේ.
පිටපතගැන….
HD CAM පිටපත් සඳහා උපසිරැසිය ගැලපෙනවා.පිටපතගැන කිව්වොත් එහෙම (මේ පිටපත් ගැන දන්නෝ දනිති) වීඩියෝ එක නම් කියන්න තරම් අවුලක් නෑ.සවුන්ඩ් එකත් එහෙමටම කියන්න අවුලක් නැතිවුනත් පොඩි පොඩි තැන් වල ඇහෙන් නැති ප්‍රශ්නයක් තියෙනවා.ඒත් ඉතින් ඒකත් ලොකුවටම නැති හින්දා සමස්ථයක් වශයෙන් පිටපතේ වරදක් නෑ.හදිස්සිකාරයෝ ඉන්නවනම් මේක බලන්න.හැබැයි බ්ලූ රේ බලන සෙට් එකටනම් ගොඩක් ඉවසන්න වේවි. කෝකටත් වැඩි හොඳට උපසිරැසියත් එක්ක ස්ක්‍රීන්ශොට් එකක් අමුණලා ඇති.ඒක බලලා ඔයාලටම තීරණය කරන්න පුළුවන්.ඒ වගේම හොඳ කොපියක් ආපු ගමන්ම යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.
මම මේ මෙච්චර දිග පෝස්ටුවක් ලිව්වමයි,වැරදි ඇත්නම් සමාවෙන්න හොඳේ?මේ වගේ චිත්‍රපටයකට ඒ වගේ වටිනාකමක් දෙන්නෙ නැතුව බෑ.කලිනුත් කිව්වා වගේ ලොකු කට්ටක් කාලා හදපු උපසිරැසියක්.(ඇත්තෙන්ම කිව්වොත් මේකේ මුල් සංස්කරණය(ඉංග්‍රීසි සබ් එක) වැරදි ගොඩක් තිබුණා.ඒකටනම් මම එක හෙතුවක් කියලා හිතන්නේ ඒ සබ් එක හදලා තිබුණේ චීනෙන්.ගොඩක් තැන් වල එකම දෙබස දහවතාවක් විතර අහලා තමයි සිංහල දෙබස ලිව්වේ.ඔන්න ඔහොම කට්ටක් කාලයි සබ් එක හැදුවේ.ඉතින් අමතක නොකර අදහසකුත් දාගෙනම යන්න.එහෙනම් “බලය ඔබ සමඟ සිටීවා.”
sub ekata thanks saho.. jaya wewa!!
ස්තූතියි අදහසට!
ජය!
උපසිරැසියට ස්තූතියි සහෝ..කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට සමාවෙන්න සහෝ..(මම හිතන්නේ සයිට් එකෙ ප්‍රශ්නයක්..දැන් හරි..)පට්ටම ෆිලුමක්..ඒත් මම මේකෙ සමහර ෆිල්ම්ස් විතරයි බලලා තියෙන්නෙ..ඒක නිසා තෙරෙයිද මන්දා..??කොහොමවුනත් ෆිල්ම් එක නම් බලනවා..බ්ලූරේ එක ආපුවාම අප්ඩේට් කරමු එහෙනම්..විස්තරෙත් නම් සුපිරියටම ලියලා තියෙනව..ඔබට ජය සහෝ..??
ස්තූතියි සහෝ අදහසට!
අනිත් ඒවත් බලන්න…බලන්නම වටින ෆිල්ම් ටිකක්නේ!
2015 force awakens බැලුවනම් මේක තේරෙනවා!
🙂 😉
Bhooo sthuyhoyi ayyee
🙂 😉
Tnx brooo obata jaya
ස්තූතියි සහෝදරයා අදහසට!
ගොඩක් ඉස්කෝතුයි සහෝදරයා
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
තැන්ක්ස් වේවා ???
Thanks bro sub එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
X-Files aluth season eka dan yanawa.eke sinhala sub denna thanks.
උපසිරසියට තුති සහෝ ??? ඔබට ජය ✌️✌️✌️
ELama aaaa