The Lover (1992) Sinhala Subtitle
සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න ඉතිං මම ආයෙත් ආවා තවත් ලස්සන ෆිල්ම් එකකට කරපු සිංහල උපසිරැසියකුත් අරගෙනම.මේ මගේ 30 වෙනි උපසිරැසිය.ඉතින් බොහොම ඉක්මනටම මේකෙ වැඩේ ඉවර කරන්න පුළුවන් වුණා.පහුගිය සැරේ මම ගෙනාවේ Horror ෆිල්ම් එකක්නෙ.මෙදා පාර ඊට වෙනස්ම එකක්.ෆිල්ම් එකේ බැනර් එක දකිද්දිම සමහරුන්ට මේ ෆිල්ම් එක මතක් වෙයි.හරිම අපූරු ආදර කථාවක් තියෙන චිත්‍රපටයක්.ෆිල්ම් එකේ නමත් ඒකමයි.The Lover (1992).මම හිතනවා මේ ෆිල්ම් එක බොහෝ දෙනා බලලා ඇති මුත් අන්තර්ජාලය තුල සිංහල උපසිරැසියක් පලවෙලා නෑ.ඒ හින්දා මම හිතුවා මේකට සිංහල උපසිරැසියක් දෙන්න ඕනෙ කියලා.පසුගිය දශකය තුල ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටයක්.ආදරේට කිසිම බේදයක් නෑ.ජාති,ආගම්,කුල මේ කිසිදෙයක් ආදරයට වලංගු නෑ.ජීවිතේ අපිට අහම්බෙන් හමුවන සමහර අය අමතක කරන්න බැරි මතක අපිට ඉතිරි කරලා යන්න යනවා.එහෙව් මතකයන් එක්ක අපි කොච්චර නම් විදවනවා ඇතිද?අපි හැමෝටම ඒ විහිහට අමතක කරන්න බැරි අය ඉන්න පුළුවන්.මැරෙන තුරාවටම.මේ කතාවේ කියවෙන ආදරයත් සමාජ තල දෙකක්, ජාතීන් දෙකක්, ආදරය, රාගය,ආශාව අතර දෝලනය වෙනවා.අපි එහෙනම් කථාව පැත්තට හැරෙමු දැන්…
ඇය වසය 17ක් වන භද්‍ර යෞවනියක්.දුප්පත් වුවත් ඇය නගරයේ පාසලක ඉගෙන ගන්නවා.ඇය දිවි ගෙවන්නේ ඉතාම දුෂ්කර පවුල් පසුබිමක.දිනක් මේ තරුණිය පාසල් නිවාඩුව අවසන් වෙලා නැවත පාසලට යද්දි අතරමගදි විශේෂ කෙනෙක් මුණ ගැහෙනවා.ඔහු බොහොම පෝසත් වයසින් මුහුකුරා ගිය සෙල්ලක්කාර තරුණයෙක්.එවිට ඔහු අවිවාහකයෙක්.ඔහු ඇයව ඔහුගේ රථයෙන්ම පාසලට යන්න එන්න කියනවා.ඇය ඊට කැමති වෙලා එනවා.ඇයට බොහෝ දේ හිතෙනවා.ඇයට ඔහුගේ වත්පොහොසත්කම් වලටයි කැමති.ඒ ඇය දුප්පත් නිසා.පවුලේ සහෝදරයන්ගෙන් ආදරයක් නොලැබෙන නිසා.ඉතිං තරුණයාට මැය ගැන ආදරයක් ඇතිවෙනවා.ඒක හිතාගන්න බැරි තරම් දුර යනවා.මම ඊට එහා කියන්න යන්නේ නෑ.එතකොට අගයක් නෑනේ.සල්ලිද නැත්නම් ආදරයද?මේ මොකක් ඉස්සරහට එයිද?එයාලගේ ඉරණම මොකක් වෙයිද?මේක ඔයාලා විකෘති මනසකින් නොබලා ටිකක් ගැඹුරින් බලනවානම් තමයි හොද.මොකද මේ වගේ සිද්ධි සමාජයේ නිතර අපිට අත්දකින්න පුළුවන්……අනේ මන්දා ඔයාලම තීරණය කරන්න.මටත් මෙච්චරයි කියන්න තියෙන්නේ…
“මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා”
මේ දීලා තියෙන ලින්ක් එකේ Seeds අඩු නිසා Direct Download Site එකට Copy වෙන්න විනාඩි කීපයක් යනවා.එච්චර අවුලක් නෑ.වෙන හොද ලින්ක් එකක් හොයාගන්න බැරිවුණා.වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.තවත් අළුත් චිත්‍රපටයකින් නැවත හමුවෙමු…හැමෝටම තෙරුවන් සරණයි!!!
Spoiler Warning : Set in 1920s colonial Indochina, a pretty, virginal French teenager (Jane March) meets a handsome Chinese playboy (Tony Leung Ka Fai) from a respectable family. Going against the conventions of their respective societies, the lustful pair begin a torrid affair in a seedy Saigon neighborhood. Their strong attraction towards one another is only intensified by the illicit nature of their rendezvous. Given such circumstances, can their relationship last?
සහෝ ඇත්තටම මම අළුත් ෆිල්ම් වලට වගේම පරණ ෆිල්ම් බලන්නත් කැමතියි.
වෙනස්ම ආකාරයේ ෆිල්ම් එකක් වගේ. අරගෙන බලනවා.
තෑන්ක්ස් සහෝ සබ් එකට.
sub ekata thanks bro
උපසිරැසියටතුති සහෝ?
ඔබට ජය ??
තවත් උපසිරැසියකින් හමුවෙමු෴
Thanks machan……jayawewa…..!
Niyamayi sahoo….???
elama saho thanks
dan nam me site eka pattayi
supiri aluth parana film walata sab denna patan aran
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Tess (1979)
me film eka ganath salaka balanna
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!
kinna deyak ne.sinhala subN eka
Fatta.
Suppa sinhala sub eka. Thanks.
bohoma sthuthi